Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දෙන්න, ආරක්ෂකයින්ට අනුබල දුන්, ප්‍රාඩෝ රථයේ හිමිකරු තවමත් නිදැල්ලේ - Video

- කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දෙන්න, ආරක්ෂකයින්ට අනුබල දුන්, ප්‍රාඩෝ රථයේ හිමිකරු තවමත් නිදැල්ලේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,522 Views
ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථ දෙකකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

ඒ, අදාළ සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා සුඛෝපභොගී ජීප් රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබා නොදීමේ සිදුවීමක් මුල්කරගෙන වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදුන්නා.

පහර දීමේ සිද්ධියට අදාළ CAD – 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම - ඇල්හේන පාරේ නිවසක තිබියදී පොලිසිය ඊයේ රාත්‍රී සොයාගත් අතර එම ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගත්තා.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරවී තිබෙන්නේ ඒ අතරතුරයි.

එලෙස භාරවී තිබුණේ මතුගම පදිංචි 45 හැවිරිදි ගාමිණී විජේසූරිය නම් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ අරලගංවිල පදිංචි සුසන්ත බණ්ඩාර නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔවුන් අත්අඩංගුවට ගත්තා.

පහර කෑමට ලක්වූ වෑන් රථයේ හිමිකරු ද එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

මේ අතර වෑන් රථයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ සැකකරු කළුතර - කිතුලාව - ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි රුවන් ප්‍රසන්න නමැති 26 හැවිරිදි පුද්ගලයෙක්.

මාගම්පිටි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වැදිසිංහ ආරච්චිගේ සඳුන් පුෂ්පකුමාර නමැති සැකකරු ද සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් අනතරුව අද දහවල් අත්අඩංගුවට ගත්තා.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා සුඛෝපභොගී ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී ඉස්සර කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ගැටුම ඇතිවුණේ පසුගිය 16 වැනිදා යි.

පසුව තොරතුරු අනාවරණය වුණේ, සිදුවීමට අදාළ CAG – 0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවයි.

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් සහ ගණිතඥයෙක් වන ඔහු නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදිය සදහා වැඩමුළු පවත්වන පුද්ගලයෙක්ද වනවා.

සිද්ධියට අදාළ CAD – 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයේ වත්මන් හිමිකරු අංක 34, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙක් බවද අනාවරණ වුණා.

වෑන් රථයේ හිමිකරු පවසන ආකාරයට දිනේෂ් නුවන් අමරතුංග යන අය සිද්ධිය වන අවස්ථාවේ ප්‍රාඩෝ රථය තුළ සිටියත්, දර්ශනවලින් පෙනෙන්නේ ඔහු ගැටුම නැවැත්වීමට මැදිහත් නොවී ඊට අනුබල ලබා දෙන ආකාරයයි.

එසේ තිබියදීත් සැකකරුවන් සිව් දෙනෙකු මේ වන විට පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනත් ගැටුමට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,000 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,832 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,871 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,592 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,348 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,302 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top