Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
රූමස්සල සිර වූ යාත්‍රාව මුදා ගැනීමට අයහපත් කාලගුණය හරස්වෙයි

- රූමස්සල සිර වූ යාත්‍රාව මුදා ගැනීමට අයහපත් කාලගුණය හරස්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,382 Views
ගාල්ල වරාය ආසන්නයේදී රූමස්සල ප්‍රදේශයේ රැදී පවතින ග්ලෝරි - 2 - ගෝ නැමති යාත්‍රාව මුදවා ගැනීම සඳහා අයහපත් කාලගුණය තවදුරටත් බාධා එල්ල වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 8ක් වාර්තා වනවා.

ඒ, නුවරඑළිය, හම්බන්තොට, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින්. පසුගිය දින දෙක තුළ මරණ 7 ක් වාර්තාවී තිබූ අතර, ඊයේ රාත්‍රියේ රත්ගම - ඕවර්කන්ද ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් මතට පොල්ගසක් කඩා වැටී පුද්ගලයෙකු මියයාමත් සමඟ ආපදා මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගියා. 

තද සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු පොල් ගසට යට වී මෙලෙස මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මේ අතර මුහුද රළුවීම හේතුවෙන් හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලයින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් කියා සිටියේ ඔවුන් හලාවත - වැල්ල - රෝමානු කතෝලික දේවස්ථානය වෙත යොමු කර ඇති බවයි. 

දින කිහිපයක සිට මුහුද රළුවීම හේතුවෙන් වෙරළ තීරයේ පිහිටි නිවාස රැසකට හානි වී තිබුණා.

මේ අතර කාසල්රි, මාවුස්සාකැළේ ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. 

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතයි. 

ගත වූ පැය 24 තුළ මාවුස්සාකැළේ ජලාශයේ ජල මට්ටම අඩි 8.3කින් ද ඉහළ ගොස් තිබෙනවා. 

කාසල්රී ජලාශයේ ජල මට්ටම ද අඩි 8කින් ඉහළ ගොස් ඇති අතර, එහි සමස්ත ජල ධාරිතාව සියයට 37 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හැටන්, බගවන්තලාව, නෝර්වුඩ් ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් පද්ධති කිහිපයකට ද හානි සිදුවී ඇති බව සඳහන්.

රත්නපුරය - ඉඹුල්පේ, නුවරඑළිය - කොත්මලේ, මහනුවර - උඩපළාත යන ප්‍රදේශවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා. 

මේ අතර, ධීවර කටයුතුවල යෙදී සිටි බහුදින යාත්‍රා 44 ක් අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාත්‍යන්තර මුහුදු සීමාවට ගසා ගෙන ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

ඉන් යාත්‍රා 30 ක් පමණ මාලදිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, යාත්‍රා 20 ක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා කියා සිටියේ එම යාත්‍රා විස්සේ සිටින පිරිස සමඟ මේ වන විට තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත්, පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  120 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,679 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,131 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,505 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,721 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,206 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,837 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top