Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
20
"මව්පියන්ට ආදරය නොකරන කෙනෙක්ගෙන් බිරියට ආදරය බලාපොරොත්තු වෙන්න බැහැනෙ.." - නිමන්ති පෝරගේ - Photos

- "මව්පියන්ට ආදරය නොකරන කෙනෙක්ගෙන් බිරියට ආදරය බලාපොරොත්තු වෙන්න බැහැනෙ.." - නිමන්ති පෝරගේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views
"අපේ ආදරයත් මුලින්ම පටන් ගත්තෙ රණ්ඩුවකින්..."

" ප්‍රභාත් සෑහෙන්න මට දොස් කිව්වා. කට්ටිය එක්ක එකතුවෙලා හින්ට් පාස් කළා.."

මට හරියටම ප්‍රභාත් එක්ක කතාබහ කරන්න, ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ ජෝ අබේවික්‍රම මහත්තයගේනාට්‍යකින්. මම ඉස්කෝලෙ යන කාලෙදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ රජ මාලිගාවේ සිතාර් වාදනය කරන ගෑනු ළමයෙක් විදිහට පොඩි කොටසක් රඟපාන්න අවස්ථාව ලැබුණා. එදත් මට ප්‍රභාත්ව මුණගැහුණා. හැබැයි අපිට එදා එක වචනයක්වත් කතා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. එතකොට අපි ඉස්කෝලෙ යන වයසේ ඉන්න පොඩි ළමයිනෙ.. සිතාර් එක ගැහුවා. ගෙදර ආවා. හැබැයි ඒ  ටෙලිනාට්‍යයෙදී අපිට එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

ඒ  ටෙලිනාට්‍යයෙදී නිමන්තිටයි ප්‍රභාත්ටයි කතා කරන්න අවස්ථාව ලැබුණද..?
ඔව් ඔව්.. ඒ ටෙලිනාට්‍යයේ ප්‍රභාත් කැමරමන් විදිහටයි වැඩ කළේ. ඒ නාට්‍යයේ මම රඟපාපු චරිතයට මුලින්ම රඟපාන්න හිටියෙ වෙන නිළියක්. හදිස්සියෙ මොකක්දෝ ප්‍රශ්නයක් නිසා රූගත කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලිනුයි මට ඒ චරිතයට කතා කළේ. ඉතින් ජෝ අංකල්ගේ වැඩක් නිසා මම ඒ අවස්ථාව හරිම සතුටින් බාරගත්තා.

ඔබගෙයි ප්‍රභාත්ගෙයි ආදර කතාව පටන් ගත්තෙත් සබඳ පබිලිස් නාට්‍ය හරහාද..?
ඔව්.. බොහෝ ආදර කතා වගේම අපේ ආදරයත් මුලින්ම පටන් ගත්තෙ රණ්ඩුවකින්. ඒ දවස්වල අපි දෙන්නට දෙන්නව පෙන්නන්න බැහැ. ඒ කාලේ මම මගේ කොණ්ඩෙ රතු පාටට පාට කරලයි තිබුණෙ. ඒක රූගත කිරීම්වලදී ලයිට් එකට ටිකක් වැඩියෙන් පේනවා. ඒ ටෙලිනාට්‍යයේ මට රෙද්ද හැට්ටෙ අඳින ඩිංගිරි මැණිකා කියන චරිතයයි කරන්න තිබුණෙ. ඒ නිසා ඒකට ප්‍රභාත් සෑහෙන්න මට දොස් කිව්වා. කට්ටිය එක්ක එකතුවෙලා හින්ට් පාස් කළා. රෙදි අඳින අය කොණ්ඩෙ පාට කරනවද? මේ නාට්‍යවලට වෙන නිළියො නැද්ද? කිය කියා මාව බයිට් කළා. මාත් ඒවාට ඇයි මගේ කොණ්ඩෙ ඔයාට ප්‍රශ්නයක්ද? වගේ දේවල් කිය කියා එයත් එක්ක එකට එක කිව්වා. මුල් කාලෙදී ඒ වගේ ඇටෑක් එකක් අපි දෙන්න අතරේ තිබුණා.

මෙහෙම රණ්ඩු වුණු දෙන්නා සමාදාන වුණේ කොහොමද..?
ඒ කාලෙදී අපි දෙන්නම සමාන වුණේ එකම එක දෙයකට විතරයි. ඒ කාලේ ෆෝන්වල නයාගේ ගේම් එකක් තිබුණා. අපි දෙන්නටම තිබුණේ එකම වර්ගයේ ෆෝන් දෙකක්. ප්‍රභාතුත් ඒ ගේම් එකට හරි කැමතියි. මාත් ඒ වගේම කැමතියි. රූගත කිරීමක් නැති හැම වෙලේම පැත්තකට වෙලා ෆෝන් එකෙන් මේ ගේම් එක සෙල්ලම් කරන එක තමයි මගේ වැඩේ. එක දවසක් මගේ ෆෝන් එකේ බැටරි බැහැලා. මම ෂේප් එකේ ප්‍රභාත් ළඟට ගිහින් එයාගෙන් ෆෝන් එක ඉල්ලුවා. එයා ෆෝන් එක දුන්නා. ඊට පස්සෙ අපි හොඳට කතාබහ කළා. ටික දවසක් යද්දී අපි හොඳ යාළුවෝ වුණා.

සබඳ පබිලිස් අවසානයෙදී නිමන්තියි ප්‍රභාතුයි පෙම්වතුන්. එහෙමද..?
ඔව්.. යාළුවෙලා ආදරය කරන්න පටන්ගන්න කොටත් මාසයක් ගිහින් ඉවරයි. මාසයක විතර කාලයක් තුළදී අපි යාළුවෙලත් ඉවරයි. රූගත කරන කාලෙදී මට ගෙදරින් වෙනම විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබුණා. අම්මලා ඒකට කැමති වුණාට මම ඒකට කැමති වුණේ නැහැ. ඔය කාලෙදීම ප්‍රභාතුත් මට යෝජනාවක් ගෙනාවා. මම ඒ වෙලාවෙදී අම්මලා ගෙනාපු විවාහ යෝජනාව ගැන ප්‍රභාත්ට කිව්වා. මම එයාව ඇහැටවත් දැකලා නැහැ. ඔයා ගෙදර ඇවිත් අම්මලාගෙන් අහන්න කියලා මම කිව්වා. හැබැයි ඒ වෙද්දීත් මාත් ප්‍රභාත්ට කැමැත්තෙනුයි හිටියෙ.

එයාට කැමති වෙන්න.. එයාට ආදරය කරන්න විවාහ කර ගන්න තිබුණු සුවිශේෂීතාවය මොකක්ද..?
ඒක තමයි මාත් කල්පනා කරන්නෙ. සමහර වෙලාවට මම ඒක ප්‍රභාත්ගෙනුත් අහනවා. සබඳ පබිලිස් රෑගත කිරීම් මාසයක් වගේ තිබුණනෙ. ඒ කාලය තුළදී ප්‍රභාත් ගැන මට ලොකු පැහැදීමක් ඇතිවුණා. ප්‍රභාත් කියන්නෙ හරිම සරල මනුස්සයෙක්. බොරු සෝභන එයා ළඟ නැහැ. කරන රුකියාව පුදුමාකාර විදිහට කැපවීමෙන් කරනවා. ඒ වෙද්දීත් එයාගේ තාත්තා නැතිවෙලා මාස තුනක් විතර ඇති. තාත්තා ගැන කතා කරද්දී, ගෙදර අය ගැන කතා කරද්දී ප්‍රභාත් පුදුම විදිහට සංවේදී වෙනවා. එයා මව්පියන්ට පුදුම විදිහට ආදරය කරනවා. එහෙම මව්පියන්ට ආදරය කරන කෙනෙක් ම‍ගේ මව්පියන්ටත් ආදරය කරනවා කියලා මම විශ්වාස කළා. මව්පියන්ට ආදරය නොකරන කෙනෙක්ගෙන් බිරියට ආදරය බලාපොරොත්තු වෙන්න බැහැනෙ. ඒ කාලේ මගේ පොඩි වයසට මට ප්‍රභාත්ගේ ඒ හොඳ ගතිගුණ තේරුණා. ඒක තමයි ප්‍රභාත්ට කැමති වෙන්න මුල්ම හේතුව වුණේ.
 
එයා ගෙදරින් ඇවිත් අහන්න කලින් නිමන්ති එයා ගැන ගෙදරට කිව්වද..?
මෙහෙමනෙ.. මම මුලින්ම කිව්වෙ මගේ අයියටයි අක්කටයි. දවසක් අයියයි අක්කයි (නිමන්තිගේ අයියාගේ බිරිය) මමයි සතුටු උයනට ගියා. ඒ කාලේ අයියගේ පුතා, දෙව්නක (ඝරසර්ප චිත්‍රපටයේ රඟපෑ) හරිම චූටියි. ඉතින් අපි එදා ප්‍රභාත්ට සතුටු උයනට එන්න කිව්වා. මට තාම මතකයි ප්‍රභාත් එදා එද්දී දෙව්නකට ලොකු තෑග්ගක් අරගෙන ආවා. (මස්සිනාවයි නෑනාවයි ෂේප් කර ගන්න වෙන්න ඇති). එදා ප්‍රභාත් එක්ක කතා කරද්දී අයියටයි අක්කටයි ප්‍රභාත් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. එයාලා ප්‍රභාත්ට ගෙදර ඇවිත් අම්මලා එක්ක කතා කරන්න කියලා කිව්වා. අයියයි අක්කයි අම්මට ප්‍රභාත් ගැන විස්තරේ කිව්වා. ඊට පස්සෙ ප්‍රභාත් අපේ ගෙදර ඇවිත් අම්මලා එක්ක කතාබහ කළාම අපි දෙන්නට කැමැත්ත ලැබුණා.

ඔයා ප්‍රභාත්ට දීපු මුල්ම තෑග්ග මතකද..?
ඔව්.. මතකයි. එයා මට මුලින්ම ජැකට් එකක් වගේ ලස්සන ෂර්ට් එකක් දුන්නා. කළුයි දුඹුරුයි මිශ්‍ර වුණු ඒ ෂර්ට් එක තාමත් මා ළඟ හරිම පරිස්සමට තියෙනවා.

ප්‍රභාත් නිමන්තිට මුලින්ම දුන්නෙ මොනවද..?
මම එයාට හොඳ පර්ෆියුම් එකකුයි ආෆ්ටර් ෂේව් එකකුයි තෑගි කළා.

නිමන්ති... ප්‍රභාත් එක්ක විවාහ වුණේ කොයි කාලෙද..?
ප්‍රභාත් එක්ක විවාහ වුණේ 2006 අවුරුද්දෙ. යාළුවෙලා අවුරුදු පහක් විතර වුණාට පස්සෙ තමයි අපි විවාහ වුණේ. අපේ විවාහයේ හැමදේම සැලසුම් කළේ අපි දෙන්නමයි. අපිට කියන්න බොහෝ දෙනෙක් හිටියා. අපි දෙන්නා එකතු කරගත්ත සල්ලිවලිනුයි විවාහ උත්සවය ගත්තෙ. අපි දෙන්නා මහ ලොකු සල්ලිකාරයෝ නෙමේ. මම නිළියක් විදිහට සල්ලි හම්බ කළා. ප්‍රභාත් කැමරා ශිල්පියෙක් විදිහට හම්බ කළා. අපි විවාහ උත්සවය සිය දෙනෙක්ට කිව්වා. එක රුපියලක්වත් කිසිම කෙනෙක්ගෙන් ණයට ගත්තෙ නැහැ. ණය වුණෙත් නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් කිසිම දෙයකින් අනුග්‍රහය දැරුවෙත් නැහැ. අද කාලෙනම් නළු නිළියන්ගෙ විවාහ උත්සව වෙනුවෙන් ඕනෑ තරම් අනුග්‍රාහකයන් ඉන්නවනෙ.. අපි දෙන්නා විවාහ උත්සවය ගත්තෙ අපි හම්බ කරගත්ත සල්ලි වලින්. ඒ නිසා විවාහයෙන් පස්සෙ අපි දෙන්නට ණය බේරීම සම්බන්ධව කිසිම බරක් තිබුණෙ නැහැ. හැම චාරිත්‍රයක්ම ඇතිව වැල්ලවත්ත සෆයාර් හෝටලයේ අපේ විවාහ උත්සවය ගත්තා.

ප්‍රභාත්ට කේන්ති යනවද..?
ඔව්.. ගොඩක් කේන්ති යනවා. එයාට කේන්ති ගියාම මටත් කේන්ති යනවා. ඒ කාලෙනම් එයාට හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ. පුදුම තරහක් යන්නෙ. ඒ වෙලාවට මම පොඩ්ඩක් අඬනවා. හැබැයි දැන් එයාට ඒ තරම්නම් කේන්ති යන්නෙ නැහැ.

විවාහ වෙන්න කලින් පෙම්වතුන් විදිහට සිටින කාලෙදී දෙන්නා අතර ඇතිවුණු පුංචි පුංචි තරහවීම්, අමනාපකම්වලින් පස්සෙ මුලින්ම කතා කරන්නෙ කවුද..?
ඔව්.. අපි දෙන්නා එහෙම තරහවෙලා තියෙනවා. අතරමඟදී මම වාහනයෙන් බැහැලා ගිහින් තියෙනවා. සමහර වෙලාවට ප්‍රභාත්ට තරහ ගියාම එයා සිගරැට් පත්තු කරගෙන මට පේන්න මගේ ඉස්සරහෙන් ඇවිදගෙන යනවා. ඒත් ඒ හැම වෙලාවකදීම දෙන්නගෙන් කවුරුහරි මුලින් කතාබහ කරලා ආයේ යාළු වෙනවා. එයා නැතිව මට ඉන්න බැහැ කියලා මට හැම වෙලේම දැනිලා තියෙනවා.

මුලින්ම පවුලට එකතු වුණේ පුතෙක්. එහෙම නේද..?
ඔව්.. ප්‍රභාත් හරි ආසාවෙන් හිටියෙත් පුතෙක්ටයි. අපි ස්කෑන් කරලා බලද්දී පුතෙක් කියලා දොස්තරවරු කියනකොට එයා පුදුම විදිහට සතුටු වුණා. මමනම් මුලින්ම ආසාවෙන් හිටියෙ දුවෙකුට. හැබැයි පුතෙක් කියලා කිව්වට පස්සෙ ප්‍රභාත්ගෙ බලාපොරොත්තුව ඉෂ්ඨවෙන නිසා මාත් ඒකට කැමති වුණා. පුතා ලැබිලා අවුරුදු හතකට පස්සෙ දුවත් ඉපදුණා. දැන් අපේ පවුල සම්පූර්ණයි.

අද වෙද්දී ප්‍රභාත් නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරනවා..?
ඔව්.. එයා ගොඩක් උත්සාහයෙන් දියුණුවෙන කෙනෙක්. ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න ඕනෙ කියලා හිතලා කැමරමන් කෙනෙක් වෙලා ඉන්න කාලෙදීම එයා පොඩ්ඩ පොඩ්ඩ අවශ්‍ය කරන බඩු එකතු කර ගත්තා. ඒ අවශ්‍ය පරිසරය සකස් කර ගත්තා. මාත් එක්කම ටී.වී. නාලිකාවලට ගිහින් නිෂ්පාදන සම්බන්ධ ලියවිලි අපි ඉදිරිපත් කළා. අපේ ලියවිලි ප්‍රතික්ෂේප වුණු තැන් අනන්තයි. අප්‍රමාණයි. සමහරු අපිට මේවා කරන්න බැහැ කියලා කිව්වා. අද අපිට චැනල්වලින් කතා කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ප්‍රභාත් කරන වැඩේ හරි පිළිවෙලට කරනවා. කවදාවත් බාල විදිහට වැඩේ කරන්නෙ නැහැ.

ගෙදර වැඩවලට ප්‍රභාත්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
ගෙදර වැඩවලටනම් ප්‍රභාත්ගෙන් සහයෝගයක් ලැබෙන්නෙම නැති තරම්. හැබැයි කවදාවත් ප්‍රභාත් එයාගේ යුතුකම් මඟහරින්නෙ නැහැ. පොඩි දෙන්නා මොනවාහරි කියපු ගමන් ප්‍රභාත් ඒ දේ කරනවා. එයා ට්‍රිප් යන්න ආසයි. දරුවෝ දෙන්නත් ආසයි. ඉතින් විවේකයක් ලැබුණු ගමන් අපි ඇවිදින්න යනවා.

එයා වගේ කෙනෙක් ජීවිතේට ලැබීම ගැන අද නිමන්තිට මොකද හිතෙන්නෙ..?
ඇත්තටම ප්‍රභාත් එක්ක ගෙවන ජීවිතේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද මම සාර්ථකව සතුටින් ගත කරන්නෙ ප්‍රභාත් නිසයි. මොන තරම් කාර්යබහුල වුණත් එයා මම ගැන, දරුවන් ගැන හොයලා බලනවා.

දේශය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top