Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
20
කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථය පොලීසිය සොයා ගනී - Video

- කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථය පොලීසිය සොයා ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කෝට්ඨාශයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම ආරක්ෂකයින් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය ද මහරගම - ඇල්හේන පාරේ නිවසක තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.
 
මේ අතර, පහරදීමේ සිදුවීමට අදාල අනෙක් ප්‍රාඩෝ රථය දිවයිනේ ප්‍රකට ඉංජිනේරුවරයෙක් වන දිනේෂ් නුවන් අමරතුංග යන අයගේ බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී වේගයෙන් ගමන්කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් සම්බන්ධවයි.
 
එහිදී ඉදිරියෙන් ගමන්කල වෑන් රථය තම ප්‍රභූවරයාගේ රථයට ඉස්සර කිරීමට ඉඩ ලබානොදුන් බව පවසමින් මෙම ඩිෆෙන්ඩර් රථය වෑන් රථයේ මග හරස්කරමින් නවතා එහි රියදුරා සමග බහින්බස්ව වෑන් රථයේ දොර විවෘත කිරීමට නොහැකිවීම හේතුවෙන් එහි ආරක්ෂකයන් වෑන්රථයට පහරදී
අලාභහානි සිදුකර තිබෙනවා.
 
මෙලෙස ආරක්ෂකයන් පහරදුන් CAG – 0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවට තොරතුරු අනාවරණය වුණා.
 
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් සහ ගණිතඥයෙක් වන වන ඔහු නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදි විභාග
සදහා වැඩමුළු පවත්වන පුද්ගලයෙක්ද වනවා.
 
වෑන් රථයේ රියදුරු පවසන්නේ පහරදීමේ සිදුවීම වන අවස්ථාවේ දිනේෂ් නුවන් අමරතුංග යන අය ප්‍රාඩෝ රථය තුළ සිටි බවයි.
 
අදාල පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
 
පහරදීමට ලක්වූ වෑන් රථයේ හිමිකරු අද පස්වරුවේ එම කොට්ඨාශය වෙත පැමිණ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන්නා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top