මත්පෙති කළවම් කල සිසිල් බීම දී නිරුවත් කර දූෂණය කරලා
චිත්‍රපට ක්ෂේත්‍රයේ නිළියන් හා නිෂ්පාදවරුන් අතර ඇතිවන පටලැවිලි පිළිබඳව බොහෝ විට අපට අසන්නට ලැබේ. යම් නිළියන්ට ක්ෂේත්‍රයේ රැදී සිටීම සඳහා මෙලෙස උදව් උපකාර කරන නිෂ්පාදකවරුන් අතර පටලැවිලි නිසාවෙන් අධිකරණයේ පිහිට පතන්නට වූ අවස්ථාද නැතිවාම නොවේ.
එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ලාල් කළුආරච්චි මහතා ඊයේ (26) දිනයේ බන්ධනාගාර ගතකර තිබේ. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ නවක ටෙළි නිළියක් වන මන්දාකිනි රණසිංහ හට සම්මුඛ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ආරාධනා කොට ඇයව දූෂණය කිරීමයි.
ඇය හට සිසිල් බීම වර්ගයක් ලබා දී ඇති අතර එයට මත්පෙති කලවම් කොට ඇයගේ සිහිවිකල් වීමෙන් අනතුරුව මෙලෙස දූෂණය කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී ඇත. එමෙන්ම එම අවස්ථාවේදී ඇයගේ දර්ශන වීඩියෝ ගතකරන්නටද මොහු කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සිහිවිකල් වී කාර්යාල කාමරයේදී නැවත සිහිය එන අවස්ථාවේ ඇයගේ ඇඳුම් ලිහී ගොස් තිබූ නිසා ඇයට අතවරයක් වී ඇති බවට නාරාහේන්පිට පොලිසියට ඇය පැමිණිල්ලක් කර තිබෙනවා. මෙම සිදුවීම 2013 වර්ෂයේදී සිදුවී ඇති නමුත් පැමිණිල්ලෙන් පසු මෙම නිළිය හා ඇයගේ මව අධිකරණයට නොපැමිණීම නිසා ඔවුන්ට වරෙන්තුද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.