Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
විදේශීය මත්පැන් නීති විරෝධීව අලෙවිකරන දෙමටගොඩ සුරාසැලක් පිළිබඳව හිරු CIA අනාවරණයෙන් පසු අද සිදු වූ දේ - Video

- විදේශීය මත්පැන් නීති විරෝධීව අලෙවිකරන දෙමටගොඩ සුරාසැලක් පිළිබඳව හිරු CIA අනාවරණයෙන් පසු අද සිදු වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,925 Views
මෙච්චර තොගයක් ඔයාට කොහොමද එන්නෙ?
 
මේ ඔක්කොම ඩියුටි ෆී බඩුනෙ?
 
ගෙනල්ලා දෙන ඒවා එකතුකරලා තියෙනවා
 
රජයට රුපියල් ලක්ෂ ගණනක බදු ආදායම් අහිමිකරමින්, තීරු බදු රහිතව ගුවන් මගීන්ට ලබාදෙන විදේශීය මත්පැන් නීති විරෝධීව මෙරටදී අලෙවිකරන දෙමටගොඩ පිහිටි සුරා සැලක් හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුව අද වටලනු ලැබුවා.
 
ඒ, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින්.
 
ගුවන් මගීන් මෙරටට පැමිණීමේදී මිලදී ගත හැකි තීරු බදු රහිත විදේශීය මත්පැන් මහා පරිමාණයෙන් නිතීවිරෝධීව එක් රැස්කරන කොළඹ - දෙමටගොඩ ප්‍රදේශයේ දේශීය සුරා සැලක් පිළිබද හිරු සී.අයි.ඒ. තොරතුරු අනාවරණය කර ගත්තා.

මෙරට නීතිය අනුව මෙවැනි සුරාසැල්වල අලෙවි කළ හැක්කේ මෙරට නිෂ්පාදිත මත්පැන් සහ තීරු බදු ගෙවා මිලදී ගන්නා විදේශීය මත්පැන් පමණයි.
 
එහෙත් මෙහි කලක පටන් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් තැරැව්කරුවන් හරහා මෙහි පැමිණෙන ගණුදෙනුකරුවන්ට අලෙවිකරනා බවයි අප අනාවරණය කර ගත්තේ.
 
ඒ අනුව රජයට රුපියල් ලක්ෂ ගණනින් බදු ආදායම් අහිමිකරමින් සිදුකර ගෙන ගිය මෙම විදෙස් මත්පැන් වැටලීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය සමග හිරු සී.අයි.ඒ.සැලසුමක් දියත් කළා.
 
ඒ අනුව තැරැව්කරුවෙකු සමග අදාල සුරා සැලවෙත ගොස් අප විදෙස් මත්පැන් බෝතල් ඇණවුම් කළා.
 
ඇණවුමට අනුව අපගේ රථයට සුරා සැල් සේවකයින් මෙලෙස මත්පැන් ලබාදීමෙන් පසු අදාල වැටලීම සිදුකෙරුණා.
 
සේවකයන් සුරා බදු නිලධාරීනේගේ භාරයට ගැනීමෙන් අනතුරුව අදාල වෙළද සැල පරීක්ෂා කිරීමේදී විවිධ වර්ගවලට අයත් තීරු බදු රහිතව ගෙන එන විදෙස් මත්පැන් බෝතල් රැසක් සොයා ගැනුනා.
 
අලෙවිසැලේ ස්ථාන ගිහිපයක රහසිගතව ගබඩාකර තිබු තීරුබදු රහිතව ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් සුරාබදු නිලධාරින් මෙලෙස සොයා ගත්තා.
 
හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බව දැනගත් සුරාසැලේ හිමිකරු මෙය නීතිය හමුවට ගෙන නොයන ලෙස ඉල්ලීම් කළා.
 
තවත් අවස්ථාවක මොහු ඉල්ලා සිටියේ නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටි සියළු මත්පැන් රැගෙන නොයන ලෙසයි.
 
මෙම වටලීමේදී විවිධ වර්ගවලට අයත් තීරු බදු රහිතව ගෙන්වන ලද රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 143 ක් සුරාබදු නිලධාරීන් භාරයට ගැනුනා.
 
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කලේ මෙම මත්පැන් තොගය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,001 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,834 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,877 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,600 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,352 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top