Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
හිස්බුල්ලාගේ "බැටික්ලෝ" කැම්පස් ගිණුමට මාස 15කදී රුපියල් කෝටි 3640ක්! විමර්ශනවලදී හෙළි වූ දේ මෙන්න - Video

- හිස්බුල්ලාගේ "බැටික්ලෝ" කැම්පස් ගිණුමට මාස 15කදී රුපියල් කෝටි 3640ක්! විමර්ශනවලදී හෙළි වූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,144 Views
බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් හෙවත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
 
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළවයි.

ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය අධිකරණයට දැනුම් දුන්නේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ අදාළ විශ්වවිද්‍යාලය ඉදිකෙරෙන අක්කර 35 ක ඉඩම මහවැලි අධිකාරිය විසින් 2013 වසරේදී ශ්‍රී ලංකා හීරා පදනම වෙත ග්‍රාමීය පුහුණු මධස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇතිබව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
 
මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අංක 10/18 ලේක්ඩ්‍රයිව්, කොළඹ 8 ලිපිනයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා හීරා පදනම සහ බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් වෙත සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානයක් විසින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් ලබා දී ඇති බවට කරුණු ඉදිරිපත්ව ඇති බවයි.
 
එම මුදල්වල නීත්‍යනුකූලභාවය සහ අදාළ මුදල් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ඇද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදුකරන බව, මූල්‍ය අපරාධ කොට්ඨාසය එහිදී දැනුම් දුන්නා.
 
කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ 2016 වර්ෂයේ මාර්තු මස 4 වැනිදා සිට 2017 වර්ෂයේ ජූනි 7 වැනිදා තෙක් බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් කොල්ලු පිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 3640 ක මුදලක් ලැබී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
 
මේ හේතුවෙන් අදාළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන්වන මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් සහ මොහොමඩ් අහමඩ් ශිරාස් හිස්බුල්ලා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාදෙන ලෙස අදාළ බැංකු නිලධාරීන්ට නියෝගයක් ලබාදෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.
 
ඊට අදාළ නියෝගය ලබාදුන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුර විමර්ශන සිදුකර කරුණු වාර්තා කරන ලෙසද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,701 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  655 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,040 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,763 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,283 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top