වෙනිසියුලාවේ පැවති විරෝධාතාවක් අතරතුර රබර් උණ්ඩයකින් වෙඩි වැදී 16 හැවිරිදි තරුණයෙකුට ඔහුගේ ඇස් දෙකම අහිමි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට සති දෙකකට පෙර ඔහු තම මව වන ඇඩ්‍රියානා සහ සහෝදර ඇඩ්‍රියන් (14) සමඟ උතුරු ටාරිබා නගරයේ ඉවුම් පිහුම් ගෑස් හිඟයක් හේතුවෙන් සිදු කල විරෝධතාවක් නිසා පොලිසිය විසින් ඔහුට මෙලෙස වෙඩි තබා තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.
ඔහුගේ ලේ වැගිරෙන මුහුණේ ඡායාරූප පසුව අන්තර්ජාලයට නිකුත්ව තිබෙන අතර මෙම ඡායාරූප දැකීමෙන් පසු සමස්ත ලෝකයාම මහත් කම්පනයට පත් වූ බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ .