වැලිගම - පොල්අතුමෝදර ප්‍රදේශයේදී ඊයේ සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ටිපර් රථයක, යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිරිස්ස ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ වයස අවුරුදු 24ක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
..