අප්‍රිකානු පාපන්දු ශූර බැචෙලර් ඝාතනය වූ පුවත ආරංචි වන්නේ දකුණු අප්‍රිකාවෙනි.
එරට හිටපු පාපන්දු ශුරයකු වන මාර්ක් බැචෙලර් පසුගියදා ජොහැන්සන්බර්ග්හි ඔහුගේ නිවස අසල වෙඩි තබා ඝාතනයට ලක්‌කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
මෙම පුවත සැලවීමත් සමග සමාජ මාධ්‍යජාල ඇතුළු දකුණු අප්‍රිකානු ජනතාව ඉමහත් ශෝකය ප්‍රකාශ කර ඇති බවත් සදහන්.
පසුගිය සඳුදා දින සන්ධ්‍යාවේ බැචෙලර් ජොහැන්ස්‌බර්ග්හි පිහිටි තම නිවසේ සිටි අතරවාරයේ නාඳුනන තුවක්‌කුකරුවකු විසින් කළ වෙඩිපහරකින් ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. එරට බලධාරීන් පවසන අන්දමට ඉතා සූක්‌ෂමව මෙම වෙඩි පහර එල්ල කර අතර, පහර එල්ල කළ ඉලක්‌කය අනුව පළපුරුදු අපරාධකරුවකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට නිගමනය වී ඇත්තේ.
දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙඩික්‌කරු විසින් බැචෙලර් හට වෙඩි පහර කිහිපයක්‌ම එල්ල කර ඇති අතර, නිල නොවන මාධ්‍ය වාර්තා කරන්නේ, ඉතා කෙටි දුරක සිට වෙඩිපහර හතක් ඔහු වෙත එල්ල කර ඇති බවයි.