අලුත්ගම දුම්රිය ස්ථානයේදී දුම්රියක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවූවා.
අලුත්ගම නගරය හරහා ඊයේ පස්වරුවේ දැඩි සුළඟක් හමා ගිය අවස්ථාවේ අළුත්ගම දුම්රිය ස්ථානයේ කොළඹ දෙසට ධාවනය වීමට දෙවන වේදිකාවේ නවතා තිබූ දුම්රියක් මතටයි මෙලෙස ගසක් කඩා වැටී ඇත්තේ.
අනතුරත් සමඟ අළුත්ගම දුම්රිය ස්ථානය පසුකර ගාල්ල දෙසට ධාවනය වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාදවී ධාවනය කිරීමට සිදු වූ බව අළුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු සඳහන් කළා.
කෙසේ වෙතත් දුම්රිය සේවකයන් එක්ව ගස ඉවත්කිරීමේ කටයුතුවල නිරතවූවා.
..