අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මෙම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ වන තද සුළං ද ඇතිවිය හැකියි.
මේ අතර පවතින වැසි සහ සුළං තත්වය හමුවේ ගස් කඩා වැටීමෙන් රත්නපුර, කලුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය ඇතුලු ප්‍රදේශ රැසක විදුලිය ද විසන්ධි වී තිබෙනවා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සඳහන් කළේ රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට නායයාමේ අවදානමක් ද පවතින බවයි.