Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
"සමහරු විවාහ වෙන්න කලින් හිටපු කෙනා නෙමෙයි විවාහ වුණාට පස්සේ ඉන්නේ, ආදරේ අඩුවෙලා කියලත් කියනවා..මට නම් එහෙම නැහැ" - රිද්මාලි පිලපිටිය - Photos

- "සමහරු විවාහ වෙන්න කලින් හිටපු කෙනා නෙමෙයි විවාහ වුණාට පස්සේ ඉන්නේ, ආදරේ අඩුවෙලා කියලත් කියනවා..මට නම් එහෙම නැහැ" - රිද්මාලි පිලපිටිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,644 Views
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්.."

"එයා එනකල් අපි නොවිසිල්ලෙන් ඉන්නේ.."

රොෂාන් පිලපිටිය කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතෙක්. අහිංසක චරිතවලින් නිරන්තරයෙන් දකින්න ලැබෙන ඔහු ටික කලකට පෙර  විවාහ වුණා. ඒ රිද්මාලි එක්ක. දැන් මේ දෙන්නගේ පුංචි කැදැල්ල තව ටික දිනකින් සම්පුර්ණ වෙනවා. ඒ මේ දෙන්නම දෙමාපියන් වෙමින්. ලබන මස දරු ප්‍රසුතියට සුදානම් වෙන රිද්මාලි ඒ ගැන කියන්නේ මෙහෙමයි.

රිද්මාලි මේ දිනවල විවේක සුවයෙන් කාලය ගත කරනවා නේද..?
ඔව්. නිදහසේ කාලය ගත කරනවා. ලබන මාසේ අපේ පුංචි පවුලට අලුත් කෙනෙක් එකතු වෙනවා. ඒ පැටියා එනකල් තමයි මමත් රොෂාන් අයියත් නොවිසිල්ලෙන් ඉන්නේ.

පුංචි පවුල සම්පුර්ණ කරන්න පවුලට මුලින්ම දුවෙක් එකතු වුණොත් හොදයි කියලා හිතනවද, එහෙම නැත්තනම් පුතෙක් එනකල් බලාගෙන ඉන්නවද..?
මමයි අයියයි දෙන්නම ආස පුතෙකුට තමයි. නමුත් අපේ පවුලට එකතු වෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි තවම ස්කෑන් පරීක්ෂණයකින් බැලුවේ නැහැ. අපි දෙන්නම හිතුවේ එහෙම නොබලා ඉමු කියලයි. එතකොට දරුවා ලැබෙනකොට අපිට පුදුම වෙන්න පුළුවන් නිසා. ඒ නිසා කවුරු ලැබුණත් කමක් නැහැ. නිරෝගී දරුවෙක් ලැබුණොත් ඇති.

බොහෝ දෙනෙක් ගැබිණි කාන්තාවන් දෙස බලලා ඉපදෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අනුමාන කරලා කියනවා. රිද්මාලිට එහෙම ප්‍රතිචාර ලැබුණේ නැද්ද..?
හුගක් අය කියනවා මම ලස්සන වෙලා පිං පාට වෙලාලු. ඒ නිසා දුවෙක් තමයි ලැබෙන්නේ කියලා. තවත් කිහිප දෙනෙක් කිව්වා මගේ කුස ටිකක් පොඩි නිසා පුතෙක් කියලා.  එක එක්කෙනා එක එක විදිහට ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම කවුරු ලැබෙයිද කියලා දරුවා ඉපදෙන දවසට තමයි බලාගන්න වෙන්නේ.

දරුවෙක් ලැබෙන්න ඉන්න මව්වරු ඉපදෙන්න ඉන්න දරුවාට ඇදුම් මහනවා. විවිධ අත්කම් කරනවා. රිද්මාලි මොන වගේ දේවල්වලට මුල්තැන දුන්නේ..?
මම නම් ඇදුම් එහෙම මැහුවේ නැහැ. ඒ වුණාට මල් වර්ග හැදුවා. ගෙදර බුදුන්ට පහන තියලා වදිනවා. භාවනා කරනවා. ගොඩක් වෙලාවට නිදහසේ තමයි කාලය ගත කරන්නේ. බබා ලැබෙන්න ලග නිසා මුළු ගෙදරම වෙනස් කළා. හැමදේම අලුතෙන් ගත්තා. දරුවට අවශ්‍ය පරිසරය හදන්න ඕන නිසා තමයි එහෙම කළේ. කාමරේ පවා වෙනස් කළා. දුවෙක් ඉපදුණත් පුතෙක් ඉපදුණත් දෙන්නටම ගැළපෙන විදිහට තමයි හැමදේම කළේ.

විවාහ වුණාට පස්සේ බොහෝ දෙනෙක් කියනවා වගකීම් එක්ක ආදරේ කරන කාලේ වගේ සැමියාගෙන් ආදරේ ලැබෙන්නේ නැහැ කියලා. දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා දරුවා ලැබුණට පස්සේ ඔබෙයි රොෂාන් ගෙයි ආදරේටත් එහෙම අඩුපාඩුවක් වෙයිද..?
ඒ වගේ කතා නම් බොහෝ දෙනෙක් කියනවා මමත් අහලා තියෙනවා. විවාහ වෙන්න කලින් හිටපු කෙනා නෙමෙයි විවාහ වුණාට පස්සේ ඉන්නේ කියලා. නමුත් මට නම් එහෙම වෙලා නැහැ. එයා එයාගේ අම්මට දක්වන ආදරේ ගෞරවය වගේම මටත් ආදරේ කරනවා. ගෞරව කරනවා. කිසිම වෙනසක් නැහැ. මම වේදනාවෙන් ඉන්න වෙලාවට රොෂාන් අයියගෙත් ඇස්වල කදුළු පිරෙනවා. මගේ වේදනාව එයාටත් දැනෙනවා කියලා තමයි කියන්නේ. එහෙම වෙනසක් මට නම් දැනිලා නැහැ. එදා දුන්නු ආදරේ ඒ විදිහටම තියෙනවා.

ප්‍රසුත වේදනාව දැනෙනකොට විවාහ වෙන්න දරුවෙක් හදන්න ඉක්මන් වුණා වැඩියි කියන හැගීම එන්නේ නැද්ද..?
මම මට අවුරුදු 23 දී විවාහ වුණේ. දැන් මගේ වයස අවුරුදු 25යි. සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්. නමුත් තව අවුරුදු 10කින් මගේ දරුවා ලොකුයි නේද කියන හැගීම දැනෙනකොට මම නිසි වයසේදී විවාහ වුනා දරුවෙක් හදනවා කියලා හිතෙනවා.

දෙමාපියන් වෙන්න සුදානමින් ඉන්න නිසා ඔබටත් රොෂාන්ටත් වගකීම දැනෙනවත් ඇති..?
දෙමාපියන් වෙනවා කියන එක ලොකු වගකීමක්. ඒ වගකීම අපි දෙන්නටම දැනිලා තියෙන්නේ දැන්මම. ඒ නිසා දරුවාගේ අනාගතය ගැනත් අපි දැන්ම සැලසුම් කරනවා. අයියාටත් එයා තාත්තා කෙනෙක් වෙන්න ඉන්නේ කියන හැගීම හා වගකීම ලොකුවටම දැනිලා තියෙනවා කියලා එයා හැසිරෙන විදිහෙන් තේරෙනවා.

ඉදිරියේදී රංගනයෙන් ඉවත් වෙනවද..?
මම මුල්තැන දෙන්නේ මගේ පවුල් ජිවිතයට. බබා ලැබුනට පස්සේ එයා එක්ක කාලයක් ගත කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. නිර්මාණ දෙකක් මේ වෙද්දී කරලා තියෙනවා. කාර්යබහුල නොවී රංගනයේ යෙදෙන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන පස්සේ තමයි හිතන්නේ.

ඔබ නිළියක් වෙන්නේ රොෂාන්ගේ ජනප්‍රියත්වයෙන් කිව්වොත්..?
මම රූ රැජින තරග දෙකකට සම්බන්ධ වෙලා තිබුනා. ඒ නිසා 2015 අවුරුද්දේ විෂුවල් එකකට මාව ගත්තා. රංගනයට ආරාධනා ලැබුණත් ගියේ නැහැ ගෙදරින් අකමැති වුනු නිසා. විවාහ වුනාට පස්සේ රොෂාන් අයියගේ කැමැත්ත ලැබුනා. ඒ නිසයි රගපාන්න ආවේ.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,019 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,838 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,905 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,612 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,355 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,310 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top