විදුලි සෝපානයේ තනිවූ පුංචි දැරියකට ලිංගික අතවර කිරීමට තැත්කළ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය එම සිදුවීම වෙත යොමුව තිබෙනවා.
අදාළ පුවතත් සමඟ එම සිදුවීමට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණුදිග චීනයේ Guangdong පළාතෙන්.
එම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළදීයි මෙම සිදුවීම වී ඇත්තේ.
එහිදී තරුණයෙක් විසින් විදුලි සෝපානයේ තනිව සිටින කුඩා දැරියක් වඩාගෙන ඉන් පිටතට යන අයුරු දැක්වෙනවා.
මෙම තරුණයා 19 හැවිරිදි බෙදාහැරීමේ රියදුරෙකු ලෙස සේවය කරන අයෙකු බවටයි පසුව අනාවරණ වී ඇත්තේ.
එසේම මෙම කුඩා දැරිය ඒ මොහොතේ එම ස්ථානයේ තනිව සිට ඇත්තේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව එරට ආරක්ෂක අංශ පැහැදිළි කිරීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම දැරියගේ මව්පියන් පිළිබඳවද නිශ්චිත තොරතුරක් සඳහන් නොකිරීම විශේෂත්වයක්.
පසුව විදුලි සෝපානයෙන් දැරිය රැඟෙන පිටතට ගමන්කරන මෙම සැකකරුගේ උත්සහය වැලකී යන්නේ ගොඩනැගිල්ලේ පහල සිටි ආරක්ෂක අංශයට ඔහු හසුවීම හේතුවෙන්.
පසුව ඔවුන් පොලිසිය කැඳවා සැකකරු භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.
මෙම සිදුවීම හේතුවෙන් දැරියට කිසිදු හානියක් සිදුව නොමැති බවයි එරට බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.