Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
"පුංචි පණ්ඩුලගෙ දළය හැදෙන හැටි"... පුංචි ලංකාවෙ පුංචි මිනිස්සුන්ගෙ පුංචි වැඩක මහ ප්‍රතිඵලයක් ගැන අපූරු කතාවක් මෙන්න - Video & Photos

- "පුංචි පණ්ඩුලගෙ දළය හැදෙන හැටි"... පුංචි ලංකාවෙ පුංචි මිනිස්සුන්ගෙ පුංචි වැඩක මහ ප්‍රතිඵලයක් ගැන අපූරු කතාවක් මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,828 Views
ජීවිතය කියන්නෙ අත්දැකීම් සමුදායක්
දැන් පණ්ඩුල උසයි..හරිම දඟයි...රෑට සිහි නැති කිරිල්ලක් නැහැ

කාලෙන් කාලෙට මුහුණු පොත හරහා අපුරූ රසවත් කතා මෙන්ම විවිද වටිනා පුවත් පළවනවා.  ඒ අතර මිනිසුන් විසින් සතුන්ට පිහිට වන අයුරුත් දැකගන්නට පුළුවන්.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැනයි.  ඒ පින්නවල අලි අනාථාගාරයේ පණ්ඩුල නමැති ඇතෙකුගේ දළයකට වෙදකම් කරන වෛද්‍යවරුන් පිරිසක් ගැනයි.

මේ කතාව සිය මුහුණු පොතට එක්කර තිබුණේ බදුල්ල ප්‍රදේශයේ සිටින වෛද්‍යවරයෙක් වන ලක්මාල් කුලසේකරයි.

එම සටහනේ පහතින් බලන්න....

පුංචි පණ්ඩුලගෙ දළය හැදෙන හැටි..
ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසයෙ අපි පණ්ඩුලට ප්‍රතිකාර කරන්න පටන් ගත්තෙ සිහි නැති කරල, කැඩිල ගිය දළ කොටස කපල අයින් කරල.. ඉතිරි වුන දළ කොටසෙ දිග සෙන්ටිමීටර 2.5 යි.

Partial pulpotomy නම් අප කල ප්‍රතිකාරයේ අරමුණ වුනේ ඉතිරි දළ කොටසේ ජීවය රැක ගැනීම...එහෙම නොකලා නම් විෂබීජ ගිහිල්ලා ඉතිරි දළ කොටසත් කුණු වී හැලී යාමේ අවදානමක් තිබුණ. අපේ ප්‍රතිකාරය සාර්ථකද යන්න බලන්නට ඇති හොඳම නිර්ණායකය දළය දිගටම වැඩීම..එසේ වැඩෙන්නට දළයේ ජීවය රැකෙන්නට ඕනෑ..මෙය කිසිම ආසියාතික ඇතෙකුගේ කලින් කල ප්‍රතිකාරයක් බවට කියන්ට සාධක නැහැ.

ආදරණීය මිත්‍රවරුනි,
ඊයේ අපි දළය මනිනකොට සෙන්ටිමීටර 11.6 යි...
මේ මාස අටට සෙන්ටි මී⁣ටර නවයකුත් මිලි මීටරයක් දළය හැදිල...⁣⁣⁣
බොහෝ මිනිසුන්ගේ මහන්සියේ මල් පිපිල තිබුණ...
පුංචි ලංකාවෙ පුංචි මිනිස්සුන්ගෙ පුංචි වැඩක මහ ප්‍රතිඵලයක් ලැබිල තිබුණ...

හැබැයි පින්නවල ඩොක්ට බුද්ධික ඊයෙ උදේ කතා කරනකොට මම උත්තර දුන්නෙ සැකෙන්.. තවත් ඇතෙක්ගෙ වැඩකට යන්න වෙලාවක් හොයාගන්න අර්බුදයක මම හිටියෙ. හොඳ වෙලාවට ඊයෙ බුද්ධික කතා කරේ පණ්ඩුල ගැන. උදේ සෙල්ලම් කරද්දි පණ්ඩුල අපි දාපු පිරවුම කඩාගෙන.

ඊයෙ උදේ පුතාලව ඉස්කෝලෙ සීල ව්‍යාපාරයටත් එක්කන් ගිහින් හෙම්බත් වෙලා හිටියත් පණ්ඩුලව නොබල ඉන්න බැහැනෙ. හවස හයටයි මං කීවෙ අද රෑට වැඩේ කරමු කියල.. ඒ වෙනකොට ඇත්ගොව්වොත් ගෙදර ගිහින්... සති අන්තය දීර්ඝ එකක් හින්ද උදව්වට මිනිස්සු අඩුයි.. ඒත් ඩොක්ට බුද්ධික අතඇරියෙ නැහැ.

රෑ වැඩේ පටන්ගන්නකොට දහය හමාරට විතර ඇති. දැන් පණ්ඩුල උසයි..හරිම දඟයි...රෑට සිහි නැති කිරිල්ලක් නැහැ..ඇහැරල දඟල දඟල ඉන්නකොට තමා ප්‍රතිකාර කරන්නෙ. හැබැයි මොන වෙලාවකවත් පණ්ඩුල අපි දිහාට කලබල කරේ නැහැ..අඩුම ගානෙ හෙණ්ඩුවක්වත් පාවිච්චි නොකර ඇත්ගොව් මහත්තුරු පණ්ඩුල කීකරු කරගත්ත.

දෙපැත්තෙ ඉන්න චාරිකයි, ලීලයි ඇතින්නියො දෙන්න පණ්ඩුලට නොනවත්වා කවන පලතුරු සුවඳට ඉව අල්ලමින් හිටිය...
ඒක මනරම් අත්දැකීමක්..
මහ රෑ අලි ඇත්තු හයදෙනෙක් මැද්දෙ පුංචි ඉඩක ඉඳන් අපි කට්ටිය ප්‍රතිකාරය අවසන් කරා...
අපේ දැන් සැලැස්ම මිනිස්සුන්ගෙ දත්වලට දාන Onlay එකක් පණ්ඩුලගෙ ද⁣ළේටත් දාන්නයි..

ඒකට අවශ්‍ය අච්චුවත් ඊයෙ ගත්ත..සිලිකෝන් පටි කියන වියදම් අධික අමුද්‍රව්‍යය ඒ වෙනුවෙන් පාවිච්චි කරා...

මුලින් ප්‍රතිකාරය පටන් ගද්දි මෙහෙම තැනකට එන්න පුලුවන් කියල හීනෙකින්වත් හිතුවෙ නැහැ...දෛවය අපේ ජීවිත ගෙනයන හැටි පුදුමාකාරයි...

දැන් පින්නවල පශූ වෛද්‍ය රෝහල, එහි වෛද්‍යවරුන්, ඇත්ගොව්වන් ඇතුලු කාර්යමණ්ඩලය, මගේ ආදරණීය බිරිඳ, මගේ මිත්‍රයන්, කෙටි දැනුම් දීමකින් පවා materials ඇරන් එන නන්දසිරි, අපි ඔක්කොම එක පවුලක් වගේ.. පණ්ඩුල කියන පුංචි ඇත් පැටිය වටේ ගෙතිච්ච පබලු මාලයක පබලු ඇට ටික වගේ...

ජීවිතය කියන්නෙ අත්දැකීම් සමුදායක්...
ඒවා සුන්දර වන්නෙ අපට හමුවන මිනිසුන් මත...
කොහෙ ගියත්, ජීවිත අත්දැකීම් සුන්දර කරන මෙහෙව් මිනිස්සු මුණ ගැහෙන්නෙ ඇයි කියල මම දන්නෙ නෑ..

හැබැයි,
ඒකෙ ප්‍රතිඵලය තමා පුංචි පණ්ඩුලගෙ දළය හැදෙන එක..
ඒකම මදෑ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,037 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,792 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,273 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top