බොලිවුඩය වගේම හොලිවුඩය ආදරය කරන යුවළක් හැටියට ප්‍රියංකා චොප්රා හා ඇයගේ ආදරණිය සැමියා නික් හදුන්වා දෙන්න පුළුවන්. නිරන්තරයෙන්ම පුවත් මවන ප්‍රියංකා ගැන විදෙස් මාධ්‍ය ඇහැගහගෙන ඉන්නේ ඒ නිසයි.
පසුගිය දවසක සුරූපී ප්‍රියංකා සහ කඩවසම් නික් ජොනෑන්ස්, ජෝයි ජොනෑන්ස් සහ සෝෆී ටර්නර් ගේ විවාහයට පෙර සාදයට සහභාගි වෙමින් සිටියා. කෙසේ වෙතත් යම් අවස්ථාවකදී ප්‍රියංකාට ඇගේ ශරීරයේ සමබරතාව අහිමි වෙමින් වැටීමට යනවා. මේ අවස්ථාවේදී අතේ තිබුණු වයින් වීදුරුව පසෙකට විසි කරමින් නික් තම සොඳුරු බිරිඳ වැටෙන්නට නොදී හනික පැන අල්ලා ගන්නවා.
නික් ගේ මෙම ක්‍රියාව ඔහුට ආදරය කරන සැම විසින් ප්රශංසනාත්මකව කතා කරනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තමාව බේරාගන්නා සැමියාගේ අතේ එල්ලී ප්‍රියංකා සුපුරුදු හඬින්ම සිනාවෙන ආකාරය සාදයේ සිටි යම් අයකු වීඩියෝ කරමින් සමාජ ජාල වෙත එකතු කර තිබුණා. පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා සහ දෙවැනිදා ඉන්දියාවේ ජායී පූර් හි පිහිටි මාලිගයකදී විවාහ වූ මේ දෙදෙනා තවමත් හැසිරෙන්නේ සහ ජීවත් වන්නේ විවාහයට කලින් බොහොම ආදරයෙන් වෙළී සිටි පෙම්වතුන් ආකාරයටමයි.