Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
චොකලට්, මුහුදු බෙල්ලන් ලිංගික ශක්තිය වර්ධනය කරනවාද? සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට ගත යුතු ආහාර වර්ග මෙන්න - Photos

- චොකලට්, මුහුදු බෙල්ලන් ලිංගික ශක්තිය වර්ධනය කරනවාද? සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට ගත යුතු ආහාර වර්ග මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,499 Views
මිරිස් කෑමෙන් විසේ ඇති කරන හෝමෝන සිරුරට මුදා හැරෙනවා....

කැස්‍ටල් අධිරාජ්‍යවාදීන් චොක්ලට්වලට ඖෂධීය ගුණයක් ආරෝපණය කළා...?

පුද්ගල ලිංගික ආශාවන් අවුළුවා ලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවෙන ආහාරයක් වේනම් ,එය ඉක්මනින්ම විකිණී අවසන් විය හැක.

සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ වීමට හේතු වන බව විශේෂඥ මතයයි. එහෙත් ඒ අතරම ඊට හේතුවිය හැකි වාජීකරණ ගුණයක් සහිත (ලිංගික ක්‍රියාකාරීත්වය නංවාලන) සුවිශේෂී ස්වාභාවික ආහාර වර්ග තිබේද?

සතුට දල්වාලීමට ඉවහල් වෙන පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු සහ නිරෝගී ලිංගික ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් ඇත. එසේම ධනය සහ සාර්ථකත්වය ද නිතරම මෙන් ලිංගික ජවය වර්ධනයෙහිලා බලපැවැත්වන්නේ යයි ප්‍රකාශ වෙයි.

එවැනි ප්‍රකාශන පිටුපස ඇති විද්‍යාත්මක පසුබිම සහ එහි ඉතිහාසය දෙස යොමු වෙමු. වාජීකරණ ගුණයක් ඇතැයි පැවසෙන ආහාර මගින් සැබැවින්ම ලිංගික ජීවිතයේ වර්ධනයක් සිදු කෙරෙන්නේද? නැද්ද? යන්න සැලකිල්ලට ගනිමු.

මිනිස් ඉතිහාසයේ වඩාත් සුප්‍රකට ප්‍රේමවන්තයන් අතර මුල්තැන ගන්නා පුද්ගලයා, ඉතාලි ජාතික 'ගියාකොමෝ කැසනොවා'(Giacomo Casanova)විය හැක. (වැනිසියානුවකු වූ කැසනොවා ස්ත්‍රී ලෝලියකු ලෙස සැලකුනත් ඔහු ප්‍රකට කලාකරුවකු ලෙස බුහුමන් ලබයි)

කැසනොවා, සිය පාතරාසය (උදෑසන ආහාරය) සඳහා බෙල්ලන් පනහක් අනුභව කරන ලදැයි පැවසේ. එහෙත් බෙල්ලන් අනුභවය සහ ලිංගික උත්තේජනය අතර තහවුරු කෙරුණ සම්බන්ධයක් නොමැත. එසේනම් එම කටකතාව ජනිත වුණේ කවදා පටන්ද?

ආදරයේ දෙවඟන ලෙස සැලකෙන 'Aphrodite' ග්‍රීක දිව්‍යාංගනාව (රෝමන්වරුන් විසින් එම දෙවඟන 'වීනස්' යනුවෙන් පසුව නම් කරනු ලැබුණි) මහසයුරේ සුදු පෙණපිඩු අතරින් උපන් බව පුරාවෘත්තයකින් කියැවෙයි.

ඒ නිසාම මුහුදු ආහාර ලිංගික උත්තේජනය ඇති කරන රති ප්‍රබෝධක ගුණයකින් සමන්විත වන බවට විශ්වාසයක් ගොඩ නැගුණි.
කෙසේවුවද, මොලුස්කා (Molluscs) ගණයට අයත් එම අනර්ඝ මුහුදු ආහාරවල පුරුෂ හෝර්මෝන නිෂ්පාදනයට අවශ්‍ය 'Zinc' ඛනිජ ලවණය අන්තර්ගත වීම මුහුදු ආහාර ලෝලීන්ට සතුට ගෙනෙන පුවතකි.

'Zinc' ඛනිජ ලවණය, පුරුෂ මඳසරුභාවයට පිළියමක් මෙන්ම ගුණාත්මක ශුක්‍රාණු වර්ධනයට උපකාරී වෙන බව පර්යේෂකයෝ පවසති.

මුහුදු බෙල්ලන් වර්ග, රතු මස්, වට්ටක්කා ඇට සහ තල මෙන්ම ආසියානු රටවලට ආවේනික 'හෙම්ප්' (Hemp) නමැති පැළෑටියේ ශාරීරික උත්තේජකාරී බීජ, කජු සහ ආර්මන්ඩ් වැනි විවිධ ඇට වර්ගත්, එසේම කඩල, කිඩ්නි බීන්ස් (Kidney beans) එළකිරි සහ චීස් සිරුරට 'Zinc' සපයන ප්‍රමුඛ ආහාර වර්ග වෙති.

චොක්ලට් සහ ලිංගික ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් ඇත යන අදහස ඇතැම්විට 16 වැනි සියවස තරම් අතීතයට දිවයන කතාවක් විය හැක.
16 වැනි සියවසේ දී යුද බලය යොදා ගනිමින් රටවල් අල්ලා ගත් ස්පාඤ්ඤ ජාතිකයකු වන හෙර්නන් කෝර්ටිස් (Hernán Cortés) පෞරාණික 'මායා' සහ 'ඇස්ටෙක්' අධිරාජ්‍යයන් දෙසට අවධානය යොමු කරමින්, 'කැස්ටයිල්' රාජධානිය යටතේ අද මෙක්සිකෝව නමින් හැඳින්වෙන භූමියෙන් වැඩි කොටසක් යටත් කර ගත්තේය.

හෙර්නන් කෝර්ටිස් චොක්ලට් සොයා පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙසත් සලකනු ලබයි.

"මායාවරුන් රණබිමේ දී ඇති වෙන වෙහෙස නිවා ගැනීමට සහ සටණේ දී දරා ගැනීමේ ශක්තිය නංවාලීමට චොක්ලට් දියර පානය කරන බව තමා නිරීක්ෂණය කළ" බව හෙර්නන් කෝර්ටිස් සිය අධිරාජයා වෙත ලියා යැවීය.

එහෙත් පෞරාණික 'කැස්ටයිල්' අධිරාජ්‍යවාදීන් විසින් චොක්ලට්වලට මායාවරුන් නොදුන් ඖෂධීය ගුණයක් ආරෝපණය කළා විය හැක.

මායාවරුන් චොක්ලට් වාජීකරණයක් හැටියට පාවිච්චි කළ බවක් තහවුරු කෙරෙන නියත සාක්ෂි නොමැත.

සැමන්, බිත්තර, කුරුළු මසින් සැකසූ ආහාර, නිවිති, බීජ හා ඇටවර්ග සහ සෝයා නිෂ්පාදන 'Tryptophan' නම් අමිනෝ ඇසිඩ් අම්ලය අඩංගු තවත් ආහාර වර්ග වෙති.

සැර මිරිස්වල 'Capsaicin' රසායනය ඇතුළත් වෙයි.

මිරිස් ශරීරගත වීමත් සමග 'Capsaicin' රසායනයේ බලපෑමෙන් සිතේ සතුට සහ "විසේ ඇති කරන" තවත් වාජීකාරක හෝමෝනයක් සිරුරට මුදා හැරෙන බව පරීක්ෂණ මගින් පෙන්නුම් කෙරෙයි.

එපණක් නොව, ලිංගික සංසර්ගයේ දී ඇතිවෙන ශාරීරික පරිවෘත්තීය ක්‍රියාදාමයේ (metabolism) වේගවත් වීම, සිරුරේ උණුසුම ඉහළ යාම සහ හෘද ස්පන්දනය වේගවත්වීම වැනි තත්ත්වයන් මිරිස් කෑමෙන් පසුවත් සිදුවිය හැකිය.

මධ්‍යසාර මගින් ආශාවන් කුල්මත් කරන නමුත් ඒ සමගම ස්වාභාවික සහ සංසුන් හැසිරීම හීන කරයි.

කෙසේවුවද, බීමත්ව සිටින විට "ආශාවන් කුපිතකාරී වන නමුත් ක්‍රියාකාරිත්වයේ දුබල වීමක් සිදුවෙන" බව මැක්බත්හි දැක්වෙයි.

අධික මධ්‍යසාර පානය ගැහැණු-පිරිමි දෙපාර්ශවයේම සංවේදීභාවයන් දුබල කරයි.

එසේම එය ලිංගික ක්‍රියාකාරකම් දුබල කරන අතර ලිංගික බෙලහීනතාවයටද මුල් වෙයි.

මත්පැන් පානයෙන් පසු දැනෙන එහි ගඳ (හෝ සුවඳ?) තවත් ප්‍රශ්නයකි!

ශාක මගින් ලබා ගන්නා 'ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමේ මාවතක් ලෙස පර්යේෂකයෝ හඳුනා ගනිති.

'බ්ලූ බෙරි' පළතුරෙන් හමු වී ඇති 'ඇන්තඋසෛනන්' (anthocyanin) රසායනය සහ 'සිට්‍රස්' පවුලේ වෙනත් පළතුරු වර්ගත් ලිංගික බෙලහීනතාව(ED) වළක්වා ගැනීමේ උපකාරක ආහාර වෙති.

පළතුරු වැඩියෙන් අනුභවය ලිංගික බෙලහීනතාව(ED) 14% කින් අවම කර ගැනීමට හේතුවෙන අතර,ඒ සමග 'ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර පරිභෝජනය සහ ශාරීරික ව්‍යායාම මගින් එම දුබලතාව 21% කින් අඩුකර ගත හැකිය.

සිවිය සහිත ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, මෑ - බෝංචි වැනි රනිල කුලයේ ආහාර, ආර්මන්ඩ් සහ වෝල්නට්ස් වැනි ඇට වර්ග සහ ඔලිව් තෙල් ඇතුළත් මධ්‍යධරනී ශෛලියේ ආහාර වේල් ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමට සහ ලිංගික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට උදව් වෙන බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඒ සඳහා ඉවහල් වෙන තවත් සුදුසු ක්‍රියාමාර්ගයක් වන්නේ 'ඇන්තඋසෛනන්' (anthocyanin) වර්ණක අන්තර්ගත බ්ලැක් බෙරි, බ්ලැක් කරන්ට්ස්, රාස්බෙරි, සමහර මිදි වර්ග, වම්බටු සහ ගෝවා ආහාරයට එක්කර ගැනීමය.

කාමෝද්දීපනය කොටස් තුනකට වර්ග කළ හැකි වෙයි.

කාමාශාව(libido) කාම ශක්තිය(potency) සහ ලිංගික ආශ්වාදය (sexual pleasure) යනුවෙනි.

සාර්ථකභාවය මැණීම දුෂ්කර කාරණයක් වන හෙයින් මිනිසුන් සම්බන්ධයෙන් ඉන් කවර අංගයක්වත් විද්‍යාත්මක මට්ටමින් තහවුරු වී නොමැත.

ප්‍රතිපල ලැබේය යන විශ්වාසයෙන් මිනිසුන් වාජීකාරක ගුණයක් සහිත ආහාර අනුභව කරන්නේ යයි තමා සිතන බව ලිංගික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිච්මන් (Dr Krychman) පවසයි.

එවැනි පරිසරයක යම් තැනැත්තෙකුට එමගින් සාර්ථක ප්‍රතිපල ලැබේනම් එහි ඇති වරද කුමක්දැයි වෛද්‍යවරයා ප්‍රශ්න කරයි.

රති ප්‍රබෝධක ගුණයක් ඇතැයි පැවසෙන ඊනියා බොහෝ ආහාර වර්ග සෞඛ්‍යයට හිතකර ඒවා වෙති.

එහෙත් සෞඛ්‍යය ආරක්‍ෂාවට අදාළ තොරතුරු නැත්නම්, එසේම කිසියම් දෙයක් විශ්මයජනක ප්‍රතිකාරයක් හැටියට හඳුන්වා දෙනු ලබන්නේ නම්, එවැනි පාරිභෝගික ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින ලෙස උපදෙස් දිය යුතුය.

යම් තැනැත්තෙකුගේ ලිංගික ක්‍රියාකාරකම්හි පිරිහීමක් ඇත්නම්, එහි සෞඛ්‍යමය ප්‍රශ්න තිබිය හැකි හෙයින් ,නිතරම කළ යුත්තේ වෛද්‍යවරයකු මුණ ගැසීමය.

"BBC සිංහල"



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  999 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,829 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,854 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,585 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,346 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,300 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,976 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top