Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
අතීතයේ සෙංකඩගල රජවරුන්ගේ ආදාහන උත්සවය පැවැත්වුණු අස්ගිරි පන්සලේ ආදාහන මළුව - Photos

- අතීතයේ සෙංකඩගල රජවරුන්ගේ ආදාහන උත්සවය පැවැත්වුණු අස්ගිරි පන්සලේ ආදාහන මළුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,260 Views
පිළිස්‌සුණු ඇට කැබලි මැටි බඳුනකට දමා මුද්‍රා තබනවා....

දුම්රිය මාර්ගය ඉදිකිරීම නිසා සොහොන් කොත්ව ඉවත් කළා....

පුද්ගලයකු මරණයට පත් වූ විට ඔහු සමාජයේ ඉසිලූ තත්ත්වය, ඔහුගෙන් සමාජයට සිදු වූ මෙහෙවර යනාදිය සැලකිල්ලට ගෙන එයට කෙරෙන ගෞරවයක්‌ වශයෙන් සිදුකරනු ලබන අවමංගල්‍ය චාරිත්‍ර විධි රැසකි. ඒ අතුරෙන් රජවරුන් සහ රාජකීය පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ අවමංගල්‍ය සමග බැඳුණු සුවිශේෂී චාරිත්‍ර විධි වැඩි ප්‍රමාණයක්‌ දැකගත හැකිය. රාජකීයයන් සූර්යයාගෙන් පැවත ඒම, දෙවියන්ගෙන් වරමක්‌ හිමිවීම, බෝධිසත්වයකු වීම හා සම්මුති දෙවියකු වීම වැනි සංකල්ප ඒ සඳහා බලපාන්නට ඇත.

රාජකීය අවමංගල්‍ය චාරිත්‍ර අතර වැඩි අවධානයක්‌ යොමුවන අංගයක්‌ ලෙස මෘත දේහය හෝ භෂ්මාවශේෂ තැන්පත් කිරීම පෙන්වාදිය හැකිය. පැරණි මිසරයේ පාරාවෝ පාලකයන්ගේ මෘත දේහ තැන්පත් කිරීම සඳහා මුල්කාලීනව පිරමීඩ ඉදිකරනු ලැබූ අතර පසුව 'රජවරුන්ගේ මිටියාවත' නමින් හැඳින්වෙන ප්‍රදේශය ඒ සඳහා යොදා ගැනිණි. වර්තමානය වන විට මෙහි 70 කට ආසන්න රාජකීය සොහොන් හඳුනාගෙන තිබේ.

මෙපරිද්දෙන්ම මහනුවර රාජධානියේ ආරම්භයේ පටන් රජවරුන්ගේ රාජකීය ආදාහන පවත්වන ස්‌ථානය සහ සොහොන් ඉදිකරනු ලබන ස්‌ථානය බවට පත්ව තිබුණේ අස්‌ගිරි මහාවිහාර බිමේ පිහිටි 'ආදාහන මළුව' නම් ස්‌ථානයයි. උඩරට රාජධානියේ ආරම්භක රජු වූ පළමුවන විමලධර්මසූරිය රජුගේ (1590-1604) පටන් දකුණු ඉන්දියාවේදී අභාවයට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (1798-1815) හැරෙන්නට අන් සියලු රජවරුන්ගේ සොහොන් ඉදිකරන ලද්දේ එම ස්‌ථානයේය. එපමණක්‌ නොව රජ පවුලේ සාමාජිකයන්ගේ සොහොන් ද මෙහි ඉදිකර තිබීමෙන් අස්‌ගිරි ආදාහන මළුවට හිමුවූයේ විශේෂ වැදගත්කමකි.

අස්‌ගිරි මහාවිහාර ආදාහන මළුවේ සිදුකරන ලද පළමු රාජකීය ආදාහන උත්සවය වූයේ ගම්පොළ රාජ්‍ය කළ තුන්වන වික්‍රමබාහු රජුගේ (1357-1374) මව්බිසව වූ චන්ද්‍රවතී දේවියගේ ආදාහනයයි. ඒ වකවානුවේදී 'රත්නභාහු' නමින් මෙම ස්‌ථානය හඳුන්වා තිබෙන අතර ආදාහනයෙන් අනතුරුව ආදාහන ස්‌ථානයේ බෝධි වෘක්‌ෂයක්‌ රෝපණය කළ රජු, මව්බිසවගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ගෙඩිගේ විහාරයක්‌ ද කරවා තිබේ. පසුව එම බෝධිය සහ විහාරය 'චන්ද්‍රවතී බෝධිය' සහ 'අස්‌ගිරි ගෙඩිගේ විහාරය' නමින් ප්‍රකට වූ බව කියෑවේ.

චන්ද්‍රවතී දේවියගේ ආදාහනයෙන් අනතුරුව උඩරට රාජධානිය ස්‌ථාපනය කරන ලද පළමුවන විමලධර්මසූරිය රජුගේ ආදාහනය දක්‌වා කිසිදු රාජකීය ආදාහන උත්සවයක්‌ අස්‌ගිරි ආදාහන මළුවේ පැවැත් වූ බවට සාධක හමු නොවේ. එතැන් පටන් දෙවන රාජසිංහ රජුගේ (1635-1687) සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආදාහන උත්සව හැරුණු කොට උඩරට රජ පැමිණි අන් සියලු රජවරුන්ගේ ආදාහන කටයුතු සිදුකරනු ලැබුවේ අස්‌ගිරි ආදාහන මළුවේදී ය. දෙවන රාජසිංහ රජුගේ ආදාහන කටයුතු හඟුරන්කෙත නගරයේදී සිදුකරනු ලැබූව ද රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලද්දේ අස්‌ගිරි ආදාහන මළුවෙහිය.

සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනෙන් පහකොට සිරකරුවකු වශයෙන් දකුණු ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවේ රැඳී සිටියදී අභාවයට පත්වූයේ වර්ෂ 1832 ජනවාරි 30 වනදාය. අභාවයට පත් රජුගේ ආදාහන කටයුතු වෙල්ලෝර් කොටුව අසළ පිහිටි පාලර් නදියේ දකුණු ඉවුර අසබඩ පිහිටි ආදාහනස්‌ථානයේදී පසුවදා සිදුකොට තිබේ. රජුගේ භෂ්මාවශේෂ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකළ සොහොනක තැන්පත් කෙරුණු අතර 'මුතුමණ්‌ඩපම්' නමින් එය හඳුන්වනු ලැබේ.

විශේෂ වරප්‍රසාදයක්‌ ලෙස රජුගේ මව සහ රජුගේ වැඩිමහල් සොයුරියගේ ආදාහන කටයුතු සිදුකිරීම සඳහා ද අස්‌ගිරි ආදාහන මළුව යොදා ගැනුණු බව කියවේ. රාජකීය පවුලේ අවශේෂ සාමාජික සාමාජිකාවන් සියලුදෙනාගේ ආදාහන කටයුතු සිදුකරන ලද්දේ මහනුවර උඩවත්ත කැලයේ රාම විහාරය පිටුපස පිහිටි 'බණ්‌ඩගේතැන්' නම් ස්‌ථානයේදී බව ලෝරි සඳහන් කරයි. එහෙත් වැලන්ටයින් දක්‌වන අන්දමට පළමුවන විමලධර්මසූරිය රජුගේ අගබිසව වූ කුසුමාසන දේවියගේ සහ වැඩිමහල් පුත් මහා අස්‌තාන කුමරුගේ ආදාහන කටයුතු ද සිදුකර තිබෙන්නේ අස්‌ගිරි ආදාහන මළුවෙහිදීය.

මේ හැරෙන්නට සියම් උපසම්පදාව මෙරට ප්‍රතිෂ්ඨාපනය කරලීම උදෙසා සියම් රටින් වැඩම කරවන ලද ප්‍රවර උපාලි මහතෙරුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ද අස්‌ගිරි ආදාහන මළුවේදී සිදු කරන ලද බව සංඝරාජ සාධු චරියාවේ සඳහන් වේ. සියම් උපසම්පදාව මෙරට පිහිටුවමින් උන්වහන්සේ විසින් සිදුකරන ලද උදාරතර ශාසනික මෙහෙවර අගය කිරීම සඳහ එවැනි ගෞරවයක්‌ ලබාදෙන්නට ඇතැයි සිතිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ සියම් උපසම්පදාව මෙරට පිහිටුවීමෙහිලා පුරෝගාමී මෙහෙවර ඉටු කළ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් අපවත් වූ අවස්‌ථාවේදී පවා එවැන්නක්‌ සිදු නොවීමයි.

රාජකීය ආදාහන උත්සවයකින් පසුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සිදු වූ ආකාරය ද සුවිශේෂීය. ඉංග්‍රීසි ආණ්‌ඩුකාර ශ්‍රීමත් රොබට්‌ බ්‍රවුන්රිග්ගේ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද ඉංග්‍රීසි ජාතික ජෝන් ඩේවි සඳහන් කරන අන්දමට රාජකීය භෂ්මාවශේෂ එක්‌රැස්‌ කරන ලද්දේ රජුගේ දේහය දැවෙන චිතකය එකළොස්‌ දිනක්‌ තෙක්‌ නොනිවා තබාගැනීමෙන් අනතුරුව කිරි සහ පොල් වතුර භාවිතකොට නිවා දැමීමෙන් අනතුරුවය. එහිදී පිළිස්‌සුණු ඇට කැබලි තෝරාගෙන ඒවා මැටි බඳුනකට දමා මුද්‍රා තැබිමත්, ඉතිරි ඇට කැබලි සහ අළු සොහොනක තැන්පත් කිරීමත් සිදුව තිබේ. මැටි බඳුන් තුනක්‌ රැගෙන විත් ඒවාට පිළිවෙලින් අස්‌ථී කොටස්‌, අළු සහ දැවී තිබෙන ආභරණාදිය එකතු කෙරුණු අතර ඒ කාර්යය සඳහා නිල වශයෙන් පත්කර තිබුණේ අලුපොල (අරුප්පොල) ගම්වාසීන්ය. ඔවුන්ගේ ගමට 'අලුපොල' යන නම හිමිව ඇත්තේ ද ඒ නිසා බව කියෑවේ. අවශේෂ කොටස්‌ එකතු කිරීමෙන් පසුව මැටි බඳුන් තුනෙන් අළු සහිත බඳුන හැර අනෙක්‌වා සොහොනක තැන්පත් කොට තිබේ.

රජුගේ දේහය දැවීමෙන් අනතුරුව ඉතිරිව තිබෙන අළු හැර අනෙක්‌ අස්‌ථී කොටස්‌ සහ දැවුණු ආභරණාදිය සොහොනක තැන්පත් කිරීමට කටයුතු කිරීම ඈත අතීතයේ පටන් පැවත ආ සිරිතක්‌ වශයෙන් හඳුනාගත හැකිය. ඒ සඳහා බුදුන් වහන්සේ විසින් මහා පරිනිබ්බාණ සූත්‍රයේදී දේශනා කරන ලද ස්‌තූප ඉදිකොට ගෞරව කළ යුතු පුද්ගලයන් පිලිබඳ සංකල්පය පාදක වූ බව පෙනෙන්නට තිබේ. බුදු, පසේබුදු, මහරහතුන්ට අමතරව සක්‌විති රජුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්‌තූප තැනීම බුදුන් වහන්සේ අනුදැන වදාළ හෙයින්, ලක්‌දිව රජු සක්‌විති රජකු මෙන්ම බෝධිසත්වයකු ලෙස ද සලකා භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ස්‌තූප ඉදිකරවන්නට ඇත. එම අදහස අනුව යමින් උඩරට රජවරුන්ගේ ද භෂ්මාවශේෂ තැන්පත් කළ ස්‌තූප හැඩැති කුඩා සොහොන් ඉදිකරන ලද්දේ අස්‌ගිරි ආදාහන මළුවේ පසෙකින්ය. රජවරුන්ගේ සොහොන් තිබූ ස්‌ථානයට නුදුරින් අගබිසෝවරුන්ගේ සොහොන් කොත් ගොඩනංවා තිබූ බවට ද සාධක හමු වේ. ඒ අනුව බැලීමේදී උඩරට රාජධානි සමයේදී අස්‌ගිරි ආදාහන මළුව අතිශය වැදගත් ස්‌ථානයක්‌ බව පැහැදිලිය.

වර්ෂ 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසින් යටතට පත්වීමත් සමග අස්‌ගිරි ආදාහන මළුවේ පිහිටි රාජකීය සොහොන්වලට උදාවූයේ අයහපත් තත්ත්වයකි. මෙම ස්‌ථානය පිලිබඳ ඉංග්‍රීසි ආණ්‌ඩුවේ අනවධානය හේතුවෙන් ක්‍රමයෙන් වල්බිහිව සොහොන් ගරා වැටෙන්නට වූ අතර ඒවායේ තැන්පත් කොට තිබූ වටිනා වස්‌තුව ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් පැමිණි මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ද ඒවා නතුවිණි. වර්ෂ 1825 දී පමණ මහනුවර ප්‍රදේශයේ සංචාරයක යෙදුණු හේබර් නම් ඉංග්‍රීසි ජාතික කාන්තාවගේ වාර්තාවට අනුව රාජකීය සොහොන් තැනීමට භාවිත කොට තිබූ පාෂාණ කොටස්‌ විසිරී විකෘති හැඩයක්‌ ගෙන විනාශයට පත්වෙමින් පැවතියේ ඒවායේ තැන්පත් රත්‍රන් සහ වෙනත් වටිනා ද්‍රව්‍ය සොයා මංකොල්ලකරුවන් සොහොන් විවෘත කිරීම හේතුවෙනි. එපමණක්‌ නොව මංකොල්ලකරුවන් විසින් දෙවන රාජසිංහ රජුගේ සොහොන කැණීම හේතුවෙන් එහි තිබූ අස්‌ථී කොටස්‌ පවා පිටතට පැමිණ තිබූ බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

කලක්‌ යුධ හමුදා නිලධාරියකු වශයෙන් මෙරට ගත කළ මේජර් ෆෝබ්ස්‌ දක්‌වන අන්දමට දහනමවන සියවසේ මැද භාගය පමණ වන විට ආදාහන මළුවේ තිබූ රාජකීය සොහොන් කොත් විනාශමුඛයට යමින් පැවතිණි. රජයේ අවධානය යොමු නොවීම සහ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවීම එයට හේතුව වශයෙන් ෆෝබ්ස්‌ හඳුනාගන්නා අතර එම ස්‌ථානය වනයෙන් වැසී පැවතුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එය කෙතෙක්‌ ද යත් දෙවන රාජසිංහ රජුගේ සොහොන පැවතියේ විශාල වෘක්‌ෂ මුල් වෙලී ඒවායින් වැසී ගොසිනි. වර්ෂ 1828 මැයි මාසය වන විටත් දෙවන රාජසිංහ රජුගේ සොහොන යම් පමණකට හෝ ආරක්‌ෂා වී පැවතිය ද, අනෙක්‌ සොහොන් සියල්ලම පාහේ මංකොල්ලකරුවන් විසින් බිඳ දමනු ලැබ තිබිණි. එහෙත් වර්ෂ 1837 වන විට දෙවන රාජසිංහ රජුගේ සොහොන හඳුනාගැනීමට පවා අසීරු සුන්බුන් ගොඩක්‌ බවට පත්ව තිබුණේ පුද්ගලික කටයුතු උදෙසා මිනිසුන් විසින් එහි ගල් ගලවාගෙන යැම හේතුවෙන් බව ෆෝබ්ස්‌ සඳහන් කරයි.

අනතුරුව වර්ෂ 1878-1880 අතර කාලසීමාවේදී ආදාහන මළුවේ තිබූ රාජකීය සොහොන්වල අවශේෂ කොටස්‌ පවා සම්පූර්ණයෙන් විනාශ වීමට හේතුවූයේ මාතලේ දක්‌වා වූ දුම්රිය මාර්ගය තැනීමේදී අස්‌ගිරි ආදාහන මළුව භූමිය අභ්‍යන්තරයෙන් උමඟක් නිර්මාණය කිරීමට ඉංග්‍රීසීන් තීරණ කිරීමත් සමගය. දුම්රිය මාර්ගයේ කටයුතු උදෙසා ආදාහන මළුවේ භූමිය උස්‌ පහත් කෙරුණු අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ අවශේෂව පැවති සොහොන් කොත්වල සියලු කොටස්‌ ඉවත් කරනු ලැබීමයි. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1782) සොහොනේ ඉහළ තිබූ වෘත්තාකාර ගල් පුවරුවක්‌ පමණක්‌ ඉතිරිව තිබෙනු දැකිය හැකි වූ බව ලෝරි සඳහන් කරයි.

වර්තමානය වන විට අස්‌ගිරි ආදාහන මළුවේ රාජකීය සොහොන් කිසිවක නෂ්ටාවශේෂ හෝ දැකගත නොහැකි අතර ගෙඩිගේ විහාරය ඇතුළු විහාරාංග පමණක්‌ සංරක්‌ෂිතව පවතී. වාර්ෂිකව පවත්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර අවස්‌ථාවේදී පෙරහැර කරඬුව තැන්පත් කර තැබෙන එකම ස්‌ථානය අස්‌ගිරි ආදාහන මළුවේ ගෙඩිගේ රජමහ විහාරය වන අතර දෛනිකව පැවැත්වෙන දළදා තේවාව ද එම ස්‌ථානයේදී එදිනට පැවැත් වේ. එම නිසා වර්තමානය වන විට අස්‌ගිරි මහාවිහාර ආදාහන මළුව ජනතාව අතර ප්‍රකටව ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධව විනා කන්ද උඩරට රාජකීයයන් රාජකීය සුසාන භූමිය වශයෙන් නොවේ.

"දිවයින"
හසිත චාමිකර ගුණසිංහ

අස්ගිරි විහාරයේ සහ ආදහන මළුවේ ඡායාරූප පහතින් 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  999 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,829 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,854 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,585 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,346 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,300 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,976 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top