අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර 5 ඇල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර, කුඩා දරුවන් දෙදෙනෙකු, කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
අනුරාධපුරය ප්‍රදේශයේ වන්දනාවේ ගොස් නැවත කටාන ප්‍රදේශයට ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ වයික්කාලේ සිට මැදවච්චියට උළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.