Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
"අපිට රුපියල් කෝටි දෙකක් ඕනි, නැත්තම් දුවව අපි උස්සනවා.." - සමාගම් ලොක්කෙකුගෙන් කප්පම් ගන්න ගිය ජිම් හිමිකරුට වැඩ වැරදුණූ හැටි

- "අපිට රුපියල් කෝටි දෙකක් ඕනි, නැත්තම් දුවව අපි උස්සනවා.." - සමාගම් ලොක්කෙකුගෙන් කප්පම් ගන්න ගිය ජිම් හිමිකරුට වැඩ වැරදුණූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
"නෝනගේ කාර් එක විකුණලා ගත්ත සල්ලිවලට මොකද කළේ..?"
 
සැකකරු ඇල්ලූ මෙහෙයුම සිදු වූ හැටි මෙන්න..
 
පෞද්ගලික සමාගමක ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකුගේ එකම දියණිය පැහැරගෙන ගොස් මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ කළ බව කියන රාගම ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක හිමිකරු සිව් මසකට පසුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය පවසනවා.
 
පෞද්ගලික ආයතනයක ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයට පසුගිය මාර්තු මස 6 වැනිදා ආ දුරකථන ඇමතුමකින්, "අපිට රුපියල් කෝටි දෙකක් ඕනි, නැත්තම් දුවව අපි උස්සනවා.." යැයි පැවසූ බව එම නිලධාරියා එවකට බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹන ලෙස නියෝජ්‍ය පරීක්ෂණයක් අරඹන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාර මහතට කළ දැනුම් දීමක් අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනායක මහතා ඇතුළු නිලධාරින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
 
ඉකුත් මාර්තු 6 වැනි දින රාත්‍රීයේ මෙහෙයුම් නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුම් හතරක් මෙම සැකකාර පුද්ගලයා ලබාගෙන තිබී ඇතත්, ඔහුගේ ජංගම දුරකථනයට ප්‍රතිචාර දක්වා නැහැ.
 
පසුදින පෙරවරුවේ තමන්ගේ ජංගම දුරකථනයේ මඟ හැරුණු ඇමතුම් අංකයක් ලෙස සිව්වතාවක් ඇමතුම් ලබාගෙන තිබූ දුරකථන අංකයට මෙහෙයුම් නිලධාරියා ඇමතුම් ලබාගෙන තිබුණද ඒ වන විට දුරකථනය විසන්ධි කර තිබී තිබෙනවා.
 
එදිනම පෙරවරු අටයි පහට පමණ එම අංකයෙන් දුරකථන ඇමතුමක් ලබා ගත් පුද්ගලයා එලෙස තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන්.
 
පැමිණිලිකාර මෙහෙයුම් කළමණාකරුගේ බිරිය නර්ථන කලාව පුහුණුව ලබන අතර ඇය ව්‍යායාම් කිරීම සඳහා සැකකරුට අයත් රාගම පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය කරා යාමට පුරුදුව තිබෙනවා.
 
එහිදී එම කාන්තාව සමඟ හිතවත්වී තිබෙන සැකකරු ඇගේ පවුලේ පසුබිම, ආර්ථික තත්ත්වය ආදී සියලුම තොරතුරු ඇය හා කතාබහ කර විනාඩි කිහිපයක් රුපියල් කෝටි දෙකක් ලබාගැනීමේ සැලසුම මේ අයුරින් ක්‍රියාත්මක කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
 
ඉකුත් මාර්තු 6 වැනිදාත් 18 වැනිදාත් අතර පැමිණිලිකාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ බිරියට අයත් සුඛෝපබෝගී මෝටර් රථයක් විකුණා තිබෙනවා.
 
ඉන් දින කිහිපයකට පසු පැමිණිලිකරුගේ දුරකථනයට ඇමතුමක් ලබාගත් සැකකරු තමන්ගේ මුදල් සුදානම් දැයි විමසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව පැවසීමෙන් පසුව "ඇයි තමන්ගේ නෝනගේ රතුපාට කාර් එක විකුණලා ගත්ත මුදල්වලට මොකද කළේ..?" යැයි සැකකරු පෙරළා ප්‍රශ්න කර තිබෙනවා.
 
තමන්ගේ පවුලේ තොරතුරු සියල්ලම නාඳුනන පුද්ගලයා අතට පත් වන්නේ කෙසේ දැයි අඹුසැමි යුවළට දැඩි ප්‍රශ්නයක් වූ අතර ඔවුන් ඒ බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවී පවසා තිබෙනවා.
 
සියලු තොරතුරු පොලිස් පරීක්ෂක සුදසිංහ මහතා වෙත පත්කළ ස්ථානාධිපතිවරයා කඩිනමින් විසඳුම් ලබාගන්නා ලෙස පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී එලෙස පවුලේ සියලුම තොරතුරු පවසමින් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ කරන්නේ එම පවුල හා සමීපව කටයුතු කරන ඥාතියෙකු හෝ පිටස්තර අයෙකු බවට පොලිස් පරීක්ෂකවරයාට තේරුම් ගියා.
 
ඔහු පැමිණිලිකරුගෙන් මෙන්ම ඔහුගේ බිරියගෙන් වෙන වෙනම ප්‍රශ්න කරමින් ඔවුන්ගේ දුරකථන අංක දී ඇති පුද්ගලයින් පිළිබඳවද සිදු කළ දීර්ඝ විමර්ශනයේදී මෙන්ම දුරකථන වාර්තා අනුව පැමිණිලිකරු හා බිරිඳ සමඟ දැඩි හිතවත්කමක් දක්වන සැකකාර කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
 
අත්අඩංගුවට ගත් සැකකරු රාගම හීන්කෙන්දේ පදිංචිකරුවෙක්.
 
- ලංකාදීප
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top