සෆාරියක නිරත වෙමින් සිටි යුවළක් වනාන්තරයේ සිටි දැවන්ත සිංහයින් දෙදෙනෙකු මරා දමා ඒ අසලින්ම සිටිමින් ඔවුන් එකිනෙකා සිප ගන්නා ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ඔවුන් සිංහයන් ඝාතනය කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ සෆාරියක් අතරතුරයි.
සිංහයින් ඝාතනය කර ඇත්තේ කැනඩාවේ එඩ්මන්ටන් ප්‍රදේශයෙන් පැමිණි Darren සහ Carolyn Carter නම් යුවළක්.
ඔවුන් සිංහයන්ට වෙඩි තබා මරා දමා ඇති බවත් පැවසෙනවා.
මෙලෙස වෙඩි තබා සිංහයන් මරා දැමූ ඔවුන් දෙදෙනා ඒ අසල සිට සිප ගනිමින් ඡායාරූප ගතකොට එය සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර තිබෙනවා.
එම ඡායාරූපය යටින් ඔවුන් සටහන් කොට ඇත්තේ
"දැඩි උණුසුම් කාළගුණයකදී අපි වෙහෙස මහන්සි වී වැඩ කළා, ඒ ඇත්තටම, රාක්ෂ සිංහයෙක්." යනුවෙනුයි.