Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
"අද වෙනකොට මෙතැන ලොකු කල්ලිවාදයක් තියෙනවා. ඒ වගේම පළිගැනීම් තියෙනවා.." - සුරේෂ් ගමගේ - Photos

- "අද වෙනකොට මෙතැන ලොකු කල්ලිවාදයක් තියෙනවා. ඒ වගේම පළිගැනීම් තියෙනවා.." - සුරේෂ් ගමගේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,911 Views
"මැරෙනකොට මේ දේවල් පෙට්ටියේ දාගෙන ගෙනියනවාද කියලා දන්නේ නැහැ .."

"මම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා..."
 
පසුගිය කාලෙයේ නෙමෙයි මම ඇත්තටම මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහනින් පසුව ගායකයෙක් විදිහට මට ලැබුණ තැනත් එක්ක ගොඩක් ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබුණා. ඒ  නිසා රටවල් ගණනාවක මම මගේ මෙගා ස්ටාර් ලයිව් ඉන් කොන්සර්ට් එක කරන්න යනවා. ඉතිං එත් එක්කම විදෙස් සංචාර සඳහා නිතර ආරාධනා ලැබෙනවා. පසුගිය දවස්වල නෙමෙයි දිගටම ලංකාවෙන් පිට තමයි ඉන්නේ. එක හින්දා ලංකාවේ වැඩකිරීමට ගොඩක්දුරට අඩුවෙලා තියෙන්නේ.

ලංකාවේ වැඩකරන එක අඩුවුණහම ලංකාවේ මිනිස්සුන්ට ඔබව අමතක වෙලායාවි නේද?
මෙහෙමයි. ඉදිරියට එන පොඩි ළමයි අතරට අපිව යන ප්‍රමාණය අඩුවෙනවා. මොකද අපිට රූපවාහිනියෙන් ලැබෙන ඉඩකඩ අඩුවෙනවා. එතකොට ඉදිරි පරපුර අපි ගැන දැනගන්න තොරතුරු අඩුවෙනවා. එකේ ඔබ කියනවා වගේ පොඩි පාඩුවක් තියෙනවා.
 
අලූත් මුහුණු හින්දා සුරේෂ්ට වැඩ අඩුවෙලාද?
නැහැ. නැහැ. එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. මොකද හේතුව මම මෙතැනට ඇවිත් අවුරුදු දාහතක් විතර වෙනවා. එහෙනම් මෙලහකට මම එක අවුරුද්දකින් දෙකකින් කැපිලා යන්න ඕනෑ. මෙතැන තියෙන එකම දේ මුදලට යටවෙන සහ වාසි බලාගෙන දේවල් කරන කලාකරුවෝ සහ සමහර අධ්‍යක්‍ෂවරු නිසා වෘත්තිය හෑල්ලූවට ලක්වෙලා තියෙනවා. සමහර කලාකරුවෝ අපි දකිනවා එක එක රැළිවලට හසුවෙලා ගහගෙන යනවා. දක්‍ෂයෝ ඉතුරුවෙනවා. මේ කලාවේ දක්ෂයට කිසිම කෙනෙකුට පයින් ගහන්න බැහැ.
 
සදිසි තරණයේ තේමිය වගේ චරිත අද වෙනකොට සුරේෂ්ට ලැබෙනවා අඩුයි නේද?
සදිසි තරණයෙන් පසුව සසර සරණය ලැබුණා. ඊට පස්සේ හොඳ ටෙලිනාට්‍ය කිහිපයක වැඩකළා. ඔය අතරේ මෙගා නාට්‍ය කිහිපයකටම කතා කළා. සදිසි තරණය වගේ නාට්‍ය දැන් හැදෙනවා ගොඩක් අඩුයි. මට එකට සම්මාන පවා ලැබුණා.
 
මෙගා වැඩ භාරගන්නේ නැතිද?
මෙගා නාට්‍යවලට මම එන්නේ නැහැ. මෙගා නාට්‍ය රැල්ල මම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. එ කාලේ කරපු මෙගා වැඩවලට වටිනාකමක් තිබුණා.  අපිට එ චරිතය ඇතුළේ යමක් කරන්න තිබුණා.
 
අද තියෙන මෙගා නාට්‍යවල වටිනාකමක් නැහැ. එහෙමද?
ඔව්. මම හිතනවා කතා කරපු චරිත දිහා බලද්දී ප්‍රධාන චරිතය වුණත් මට යමක් කරන්න නැහැ. මම ආසයි චරිතාංග නළුවෙක් වෙන්න. ප්‍රධාන චරිතයේ වුණත් විවිධ පරාසයන් අතරට යන්න ඕනෑ. මම මෙතැනට ඇවිත් අවුරුදු දාහතක් විතර වෙනවා. මම ආපහු පැදුරට යන්න සූදානම් නැහැ. එ නිසා පවුඩර් බබාල වගේ චරිත කරනවාට වඩා අපි ජීවිතයේ යථාර්ථයට මුහුණදෙන්න ඕනෑ. බුද්ධිමත් සමාජයක් ඉන්න හින්දා නළුවෝ විදිහට අපි හරි ප්‍රවේසම්විය යුතුයි. අපි යන්නේ ජාත්‍යන්තරයට. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අපි කරපු දේට වඩා ඉදිරියට කරන දේ ගැනයි. මාත් එක්ක ආපු ටීම් එකේ කිසිකෙනෙක් හැලූන්නේ නැහැ. තමන්ගේ දක්‍ෂතාවය මත තමයි සියල්ල තීරණය වෙන්නේ.
 
සුරේෂ් මෙදා සැරේ අලූත් පිම්මකට සැරසෙනවාද?
අලූත් චිත්‍රපටයක් අවසන් කළා. චිත්‍රපටයේ නම නිලූ මං ආදරෙයි. ෆැන්ටසි ෆිල්ම් එකක්. එක ලස්සන චිත්‍රපටයක්. ටිකක් වෙනස් වැඩක්. අපි කරන දේ හරියට කරන්න ඕනෑ. එ වගේම තව චිත්‍රපටයක් ඇවිත් තියෙනවා. මේ දිනවල එ සඳහා සූදානම් වෙනවා. ඒ වගේම මගේ අලූත් සිංදු දෙක රිලීස් වෙනවා. සීත යාමේ වීඩියෝ එකෙන් පස්සේ අලූත් රටාවකට ගීතයක් කරගෙන යනවා.
 
ගායනයෙන් ඉදිරියට යන්නද කැමැති ?
ගායනය පැත්තට තමයි මම වැඩිපුර කැමැති. මෙගා ස්ටාර්වලින් පස්සේ මට ගායනයට ලොකු ඉඩක් ලැබුණා. මම ඉදිරියට එන චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල රංගනයෙන් වගේම ගායනයෙන් සම්බන්ධ වෙනවා.
 
සුරේෂ්ගෙන් ඉදිරියේදී ලොකු පෙරළියක් ?
ලොකු වැඩක් කරගෙන යනවා. එක කාලයක් තිස්සේ තිබුණ සැලැස්මක්. එ ගැන අවස්ථාව ආවහම හරියට සියලූ විස්තරේ කියන්නම්. දැන්ම එ ගැන මීට වඩා කතා නොකර වැඬේ කරලාම පෙන්වමු.
 
ක්‍ෂේත්‍රයේ අද වෙනකොට තියෙන තැන ?
අද වෙනකොට මෙතැන ලොකු කල්ලිවාදයක් තියෙනවා. ඒ  වගේම පළිගැනීම් තියෙනවා. පළීගැනීමේදී එකිනෙකාට කේළාම් කියාගන්නවා. වර්තමානයේ මේ වගේ දියුණු සමාජයක මෙහෙම වෙන්නේ ඇයි?. වර්තමානයේ එක කට්ටයි මාර ඉරිසියාවකින් පෙළෙනවා. එකිනෙකා කපාගන්නවා. පුම්බගන්නවා. මම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා.
 
අලූත් පරපුරෙන් කැපිලි කෙටිලි තියෙනවා. එහෙමද?
ඔව්. සමස්තය එහෙමයි. හරියට කැපිලි කෙටිලි තියෙනවා. ලොකුකම් තියෙනවා. මහන්තත්තකම තියෙනවා. මම දන්නේ නැහැ මැරෙනකොට මේ දේවල් පෙට්ටියේ දාගෙන ගෙනියනවාද කියලා. මොකද අපි අතරේ හිටපු උසස් කලාකරුවෝ අපි අතරින් වෙන්වෙලා යනකොට අපි දකිනවා කොහොමද තනිවෙන්නේ කියලා. සිනමා ක්‍ෂේත්‍රයේ මේ තියෙන කල්ලිවාදය නැතිවිය යුතුයි. ඇත්තටම අපිට හොඳ හීරෝස්ලා ලංකාවේ ඉන්නවා. වැඩ ගන්නේ නැති ඉන්දියාව හා සමාන හීරෝස්ලා ලංකාවේ ඉන්නවා. මේ හීරෝස්ලා එක්ක මොකක්දෝ ඉසිරියාවක් තියෙනවා. ඉසිරියාව සිනමාව අනාථවන ප්‍රශ්නයක්.
 
 
 දිනේෂ් විතාන
 දිවයින




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,688 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,037 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,792 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,273 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top