පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ බලකොට් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු වසා දැමුණු එරට ගුවන් තලය අද උදෑසන සිට මුළුමනින්ම යළි විවෘත කර තිබෙනවා.
පාකිස්තානය ගුවන් තලය වසා දැමීම නිසා සිය ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත සැකසීමට සිදුවූ ඉන්දියාවට එය විශේෂයෙන් සහනයක් වන බව සඳහන්.
අද අලූයම සිට මෙලෙස පාකිස්තාන ගුවන්තලය සියළුම ගුවන් සේවා වෙත විවෘත කෙරෙන බව පාකිස්තාන ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබුණා.
පසුගිය පෙබරවාරි 26 වන දා ඉන්දීය ගුවන් හමුදා යානා පාකිස්තාන බලකොට් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ එහි ජායිෂ් - ඉ - මොහොමඞ් පුහුණු කදවුරක් පැවැති බව සඳහන් කරමින්.
ඉන් අනතුරුව විවෘත කෙරුණේ පාකිස්තාන දකුණුදිග කලාපයේ ගුවන් මාර්ග දෙකක් පමණයි.