ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව හිමි කරගත් ඔයින් මෝර්ගන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඊයේ (15) හමුවී තිබෙනවා.
අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුව ඇත්තේ.
වසර 44කට පසුවයි ක්‍රිකට් උපන් දේශය මෙලෙස ලෝක කුසලානයක් දිනාගනු ලැබුවේ.
අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ආරාධනයක් අනුවයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇයව මුණ ගැසී ඇත්තේ.
එහිදී අග්‍රාමාත්‍යවරිය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන අවසන් තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අලුතින් ඉතිහාසය ලියු බවයි.
ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කරන පිරිසක් රට ජාතිය තුලින් බිහි කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.