Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
වසර 44 ක ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු වරට එහි ඉහලම අභිමානය විඳිමින් එංගලන්ත ක්‍රීඩකයන් ප්‍රීතිය සමරුවේ මෙහෙමයි - Video

- වසර 44 ක ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු වරට එහි ඉහලම අභිමානය විඳිමින් එංගලන්ත ක්‍රීඩකයන් ප්‍රීතිය සමරුවේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,464 Views
සිය ජන්ම භූමියේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ හෙලමින් එංගලන්තයේ වසර 44 ක ලෝක කුසලාන ශූරතා බලාපොරොත්තුව මල්ඵල ගන්වන්නට නවසීලන්තයේ උපන් බෙන් ස්ටෝක්ස් පෙරමුණ ගත්තා.

ඒ ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ට දිවි ඇති තුරු අමතක නොවන ආකාරයේ ලෝක කුසලාන අවසන් තරග අත්දැකීමක් ලබා දෙමින්.

වසර 44 ක් පැරණි ලෝක කුසලාන ක්‍රිකට් වංශ කතාවේ පළමු වරට සිය රටේ නම රන් අකුරින් සනිටුහන් කිරීමේ අරමුණ ඇතිව එංගලන්ත සහ නවසීලන්ත ක්‍රීඩකයන් ඊයේ මෙලෙස ක්‍රිකට් මහගෙදර හෙවත් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසුණා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
 

ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 241 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 ක් ලකුණු 86 ක් වෙද්දී දවා ගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණේ ලෝක කුසලානය දෙසට දැවැන්ත ඉදිරි පියවරක් තබමින්.

කෙසේ වෙතත් නවසීලන්තයේ උපත ලබා පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද බෙන් ස්ටෝක්ස් සිය උපන් රටේ ඉදිරි ගමනට හරස් කැපුවා.

ඒ ජොස් බට්ලර් සමග එක්ව 5 වන කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩ නගමින්.

ලකුණු 59 ක් ලබාගත් බට්ලර් දැවී යාමත් සමග නවසීලන්තය සිය ග්‍රහණය දැඩි කළ ද සිය ජන්ම භූමියට එරෙහිව එසවූ පිත්ත බිම හෙලන්නට ස්ටෝක්ස් සූදානම්ව සිටියේ නැහැ.

මේ අතර සිය පසුපෙළ සගයන්ගෙන් නොලැබුණු සහයෝගය ස්ටෝක්ස් ට හිමිවුණේ නවසීලන්ත කණ්ඩායමෙන් ම වීම දෛවෝපගත සිදුවීමක්.

තරගය පුරා විශිෂ්ට පන්දු රැකීමක නිරත වූ නවසීලන්ත කණ්ඩායමට, තීරණාත්මක මොහොතක බෙන් ස්ටෝක්ස් ලබා දුන් මේ පහසු උඩපන්දුව සිය වාසියට හරවා ගන්නට නොහැකි වීම තරගයේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට හේතු වුණා.

පළමු වරට ලෝක කුසලානයක පහස විඳීම සඳහා එංගලන්තයට අවසන් පන්දුවාරයට ලකුණු 15 ක ඉලක්කයක් හිමිවෙද්දී ස්ටෝක්ස් තීරණය කරන්නේ එහි වගකීම තමන් පිට පමණක් පවරා ගන්නටයි.

2016 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේ දී ලකුණු 19 ක් රැක ගත නොහැකිව තමන් අතින් සිදුවූ වරද නිවැරදි කර ගැනීමේ වගකීමද ඔහු සතු වුණා.

අවසන් පන්දුවාරයේ තෙවන සහ සිවු වන පන්දු වලදී එංගලන්තයට ලකුණු 12 ක් හිමි වුණේ ස්ටෝක්ස් ගේ දක්ෂතාවට මෙන්ම වාසනාවටද පින් සිදු වන්නටයි.

මාටින් ගප්ටිල් පිටියේ ඈත කෙලවරේ සිට යොමු කළ පන්දුවක් දෙවන ලකුණ කරා දිවයමින් සිටි ස්ටෝක්ස් ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී යාම හේතුවෙන් විනිසුරු කුමාර් ධර්මසේන ඔවුන්ට ලකුණු 6 ක් පිරිනැමීමට ගත් තීරණය තරගයේ තවත් හැරවුම් ලක්ෂයක් වුණා.

මේ අනුව අවසන් පන්දු දෙකේදී ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව ලකුණු 3 ක්.

කෙසේ වෙතත් සිය බලාපොරොත්තු එතරම් පහසුවෙන් අත්හැර දැමීමට අකමැති වූ ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත ක්‍රීඩකයන් හමුවෙන් එංගලන්තයට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 2 ක් පමණයි.

ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයක් ලකුණු සමව අවසන් වෙද්දී ලෝක ශූරයන් තීරණය කිරීම සුපිරි පන්දුවාරයට භාර වුණා.

එහිදී ද එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පිත්තේ වගකීම සඳහා විශ්වාසය තැබුවේ ජොස් බට්ලර් සහ බෙන් ස්ටෝක්ස් වෙතයි.

ඔවුන් දෙදෙනා නියමිත පන්දු 6 තුළ ලකුණු 15 ක් ලබා ගත්තා.

ඒ අනුව නවසීලන්තය ලකුණු 16 ක් ලබාගෙන ලෝක කුසලානය සිය දෝතට ගැනීමේ අවසන් වගකීම පැවරුවේ ජේම්ස් නීෂම්ට සහ මාටින් ගප්ටිල්ටයි.

එය ඔවුන්ගෙන් උදුරාගෙන එංගලන්තයට හිමි කර දීමේ අභියෝගය කොදෙව් දේශය හැර දමා මහා රැජිනගේ දේශය සමග අත්වැල් බැඳගත් ජෝෆ්රා ආචර්ට හිමිවුණා.

කෙසේ වෙතත් පන්දුවාර 50 තරගය මෙන්ම සුපිරි පන්දු වාරයේ අභියෝගය ද අවසන් වුණේ ලකුණු වලින් ජයග්‍රාහකයෙකු සොයාගත නොහැකි තත්ත්වයකයි.

මේ අනුව ලෝක කුසලානයේ උරුමක්කරුවන් තීරණය කරන්නට තරගය පුරා දෙපිලේම පිතිකරුවන් එල්ල කළ හතරේ සහ හයේ පහර ගණන් කරන්නට තරග තීරක රන්ජන් මඩුගල්ලට සිදුවුණා.

එම තීරණාත්මක සාධකයේ දී නවසීලන්තයට වඩා හතරේ සහ හයේ පහර 9 ක් එල්ල කර තිබූ එංගලන්තය ජයග්‍රහණයෙන් උදම් වෙද්දී නවසීලන්තයට සිදුවුණේ නොකඩවා දෙවන වරටත් අනුශූරතාවයෙන් සැහීමකට පත්වන්නටයි.

ජගත් එක්දින ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ටතම තරගයක නිමාව මෙලෙස සටහන් වෙද්දී වසර 44 ක ලෝක කුසලන තරග ඉතිහාසයේ පළමු වරට එහි ඉහලම අභිමානය විඳින්නට ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාපකයන්ට මෙලෙස හැකි වුණා.

තුන් වරක් ම ලෝක කුසලානයට අත පොවන මානයට ගොස් යලි හැරී එන්නට සිදුවූ එංගලන්ත ක්‍රීඩකයන් මෙවර එම සිහිනය යතාර්ථයක් බවට පත් කර ගැනීමේ ප්‍රීතිය සමරුවේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,001 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,834 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,877 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,600 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,352 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top