ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දක්ෂතා අනුව ලෝක කුසලාන කණ්ඩායමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරඟාවලියට එක්වූ විවිධ කණ්ඩායම්වල සුපිරි ක්‍රීඩකයන් එක්කර තිබීම විශේෂත්වයක්.
එම කණ්ඩායමේ නායකයා ලෙසින් ඔවුන් නම්කර ඇත්තේ නවසීලන්ත නායක කේන් විලියම්සන් වීම විශේෂත්වයක්.
තවත් නවසීලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙකු ඒ සඳහා නම්කර ඇති අතර ඔවුන් වන්නේ ලුකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට්.
මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම්කර තිබෙන්නේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා සමඟ එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි.
ජේසන් රොයිට අමතරව තවත් එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට එම කණ්ඩායමට ඔවුන් නම්කර තිබෙනවා.
එම ක්‍රීඩකයන් වන්නේ පිළිවෙලින් ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ආර්චර්.
රෝහිත් ශර්මාට අමතරව ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ද මෙම කණ්ඩායමට ඇතුලත්.
එම කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්ස් කඩුලු රකින්නා ලෙස නම්කර ඇති අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ද එම කණ්ඩායමට ඇතුලත්.
මීට අමතරව බංගලාදේශ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ෂකිබ් අල් හසන් ට ද එහි ස්ථානයක් වෙන්කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුලත් නොවීම විශේෂත්වයක්.