Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
අමනුෂ්‍යයෙක් ලෙස හැසිරුණු වැලිමඩ-කොළඹ බස් රථ රියදුරෙක්, පුංචි දරුවෙකුට හදිසි අවශ්‍යතාවක් සපුරාගන්නට නොදී මහ රෑ මහ මඟ දමා යයි

- අමනුෂ්‍යයෙක් ලෙස හැසිරුණු වැලිමඩ-කොළඹ බස් රථ රියදුරෙක්, පුංචි දරුවෙකුට හදිසි අවශ්‍යතාවක් සපුරාගන්නට නොදී මහ රෑ මහ මඟ දමා යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,827 Views
මේ සිදුවීම සිදු වන්නේ පසුගිය 30 වැනිදාය. වැලිමඩ සිට කොළඹ බලා පිටත් වූ පෞද්ගලික බස් රථයක් තුළය. වැලිමඩ සිට එන බස් රථයට පිරිසක් ගොඩ වෙන්නේ සිය ඥාතියකුගේ නිවෙසට ගොස් නැවත එන ගමනේදී නව දෙනකුගෙන් යුත් පිරිස අතර කුඩා ළමයි දෙදෙනකුද විය. බසය තේ පානය සඳහා නතර කරන අවස්ථාවේ කුඩා ළමයින්ට නින්ද ගොස් තිබූ අතර වැසිකිළි යෑමේ අවශ්‍යතාවක් තිබී නැත.

නමුත් මේ බස් රථය කෑගල්ල හරියට එන විට එක් දරුවකුට වැසිකිළි යෑමේ අවශ්‍යතාව මතුවී තිබේ. මේ දරුවාගේ වයස අවුරුදු 7ක් පමණය. දරුවා සිට ඇත්තේ නැන්දණිය ළඟය. දරුවාගේ අවශ්‍යතාව සපුරා ගැනීම ගැන බස් රථයේ රියැදුරු දැනුවත් කළද ඔවුන් එය ගණනකට අරගෙන නැත.

බස් රථයේ සෙනඟ පිරී සිටියත් එම අයද බස් රථ රියැදුරුට කියා ඇත්තේ කුඩා දරුවාගේ අවශ්‍යතාව සපුරාගෙන යමු කියාය. එහෙත් මේ බස් රථයේ රියැදුරා හෝ සහායකයා ඒ ගැන කිසි ලෙසකට ගණනට අරගෙන නැත. 

දරුවා අමාරුවෙන් කෑ ගසද්දී ඒ බව රියැදුරුට කියා ඇත. එහෙත් කිසි ගණනකට අරගෙන නැත. පසුව බස් රථයේ සිටි මගීින්ද බස් රථයේ වහලයට වීදුරුවලට අතින් ගසා බස් රථය නවත්වන ලෙස කෑ ගසා තිබේ. අපට පරක්කු වුණාට කමක් නැහැ. පොඩි දරුවෙක් මෙහෙම අඬද්දී දුක නැද්දැයි කියමින් කෑ ගසා ඇත. 

එම අවස්ථාවේදී බස් රථයේ මගීන්ගේ විරෝධතාව හමුවේ වරකාපොල හරියේදී පාළු තැනක පාන්දර තුනට පමණ බස් රථය නවතා ඇත. දරුවාගේ නැන්දණිය අනෙක් අය බසයේ සිටියදී දරුවා රැගෙන බසයෙන් බැස්සේ දරුවාගේ අවශ්‍යතාව ඉටු කර ගැනීමටය. 

නැන්දණිය දරුවාද රැගෙන බසයෙන් බැස පාරේ අයිනකට යනවාත් සමඟ බස් රථය නැවැත ධාවනය වන්නට පටන් ගත්තේය. මහමඟ පාන්දර තුනට පමණ පාළු තැනක කාන්තාවක් සහ දරුවකු සමඟ දමා යෑමට තරම් බස් රථයේ රියැදුරු සහ සහායකයා අකාරුණික විය. බස් රථය ධාවනය වීමත් සමඟ දරුවාගේ අවශ්‍යතාවද ඉටු නොකර නැන්දණිය කෑගසාගෙන විත් දරුවාද සමඟ බස් රථයට ගොඩ වූයේ වෙන කර කියා ගත දෙයක් නොමැති හෙයිනි. 

බස රථයේ සිටි මගීින්ද මේ සිදුවීමත් සමඟ රියැදුරුට සහ සහායකයාට බැන වැදුණත් ඔවුන් එය ගණනකට ගත්තේ නැත. වැසිකිළි යෑමට අවශ්‍යතාව කෑගල්ලේ සිට තද කරගෙන සිටින කුඩා දරුවා අඬමින් කෑ ගැසුවත් ඔවුන්ගේ මවට පියාට සහ අනෙක් ඥාතීන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය. 

අන්තිමේදී බස් රථ රියැදුරා සහ සහායකයා මේ අයට කියා ඇත්තේ බස් රථය අපට නවත්වාගෙන ඉන්න බැහැ. ඕන නම් කට්ටිය ඉස්සරහින් බැහැගන්න කියාය. 

වැලිමඩ ඥාති නිවෙසකට ගොස් එන මේ අයගෙන් තුන් දෙනෙක් කඩවතට ප්‍රවේශ පත් ගෙන තිබිණි. ඉතිරි හය දෙනා කොළඹට ප්‍රවේශ පත්‍ර ගෙන තිබිණි. වැලිමඩ සිට කඩවතට එක් අයකු රුපියල් 440 ගණනේ මුළු මුදල වූයේ 1320කි. වැලිමඩ සිට කොළඹට එක් අයකුට රුපියල් 470 බැගින් හය දෙනකුට රුපියල් 2820ක් අයකර තිබිණි. ආර්.ඒ.ඩී. රාජගිරිය යන නමින් හඳුන්වන එම බස් රථයේ අංකය වූයේ ව්ඛ්-3521ය. අර්ධ සුඛෝපභෝගී බස් රථයකි. 

අප මොන රැකියාව කළත් තව කෙනකුගේ අවශ්‍යතාවක් ලෙඩක් දුකක් තේරුම් ගත යුතුය. එහෙත් මේ බස් රථයේ රියැදුරුට සහ සහායකයාට එවැනි මනුස්සකමක් තිබී නැත. මන්ද යත් බස් රථයේ පැමිණි 9 දෙනාම පාන්දර 3.30ට පමණ නිට්ටඹුවෙන් බස්සවා යන්නේ එනිසාය. 

අමාරුවෙන් සිටි දරුවාගේ අවශ්‍යතාව වෙනුවෙන් විනාඩි දහයක් බස් රථය නවතාගෙන සිටීමට බැරි ඒ රියැදුරා සහ සහායකයා කිසිදු හිතක් පපුවක් නැතිව එම පවුලේ උදවිය මහමඟ දමා යන්නේ කෙසේද යන්න ගැටලුවකි. 

නිට්ටඹුවෙන් බැස ගන්නා මේ පිරිස දරුවාගේ අවශ්‍යතාවද ඉටුකරගෙන සිය ගමන් මලුද තියාගෙන මහමඟ බලා සිටියේ වෙනත් බස් රථයක් පැමිණෙන තුරුය. එහිදී අනුරාධපුර සිට පැමිණි බස් රථයක් මේ වෙලාවේ මහමඟ ඇයිදැයි විමසා තිබේ. සිදු වූ විස්තරය කියූ පසු නිට්ටඹුවේ සිට ඔවුන්ව කඩවතට ගෙනවිත් බැස්සුවේ දරුවන්ට සහ වැඩිහිටි අයට අසුන්ද ලබා දෙමිනි. එම බස් රථයේ රියැදුරු සහ සහායකයාද කියා ඇත්තේ විනාඩි දහයක් නවතා දරුවාගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඉඩ නොදී මහමඟ දමා ගිය එක වැරැදියි කියාය. 

මනුස්සකම් නොදන්නා මිනිසුන් අතර මනුස්සකම් දන්නා අයද සිටින බව පෙනී යන්නේ එවිටය. එක් රියැදුරෙක් එසේ කරා කියා පෞද්ගලික බස් රථවල සෑම රියැදුරෙක්ම එසේ වන්නේද නැත. 

"මව්බිම"
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  999 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,832 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,860 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,590 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,348 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,300 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top