බේරුවල - අලූත්හේන - මාගල්කන්ද ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රි 10 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.