ජිවිතේ කියලා කියන්නේ හරිම පුදුම දෙයක්, අපූරු දෙයක්. අපි වගේම අනිත් හැමෝමත් ආසාවන් සපිරි ලෝකය හඹාගෙන යනවා. ආශාවන් පිරුණු ජිවිතේ හොයාගෙන යනවා. නොනවතින ආශාවන් පස්සෙ යන බොහෝ අය ඒ නිසාම වෙහෙසට පත් වෙනවා. ඒත් කොයි තරම් වෙහෙස දැණුනත්, ආශාවන්වලින් උත්තේජනය ලැබූ අපි අනතුර අතේ දරාගෙන නැවත නැවතත් ආශාවන් පසුපස යනවා. ඒ විදිහට ආශාවන්ගෙන් මත් වුණු බඹරෙක් වගේ තරුණයෙක් ජිවිතේ වරද්දගත්ත කතාව. ඒ නිසා හැඟීම් ගණුදෙනුවට පෙර මොහොතක් සිතන්න.
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 85 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
මේ කතාව චාරක ගැනයි.
චාරක වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙක්. සාමාන්‍ය ජිවිකාවක් ගෙන ගිය චාරකට ලොකු ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ. ඒත් නොහිතපු විදිහට ඔහුගේ ජිවිතය වෙනස් වෙන්න ගන්නේ ගමේ ගෙදරක් කුලියට අරන් අලුතින් ආපු කාන්තාවක් නිසයි.
"හයර් එකක් යමු.." කියලා පටන් ගත්ත ඒ සම්බන්ධේ තමන්ගේ ඉරණම සඳහටම වෙනස් කරාවී කියලා ඒ මොහොතේ චාරක හිතන්නවත් නැතුව ඇති.
අහම්බෙන් මුණ ගැහෙන මේ කාන්තාව, චාරක එක්ක බොහෝම හිතවත් වෙනවා. ඇය නමින් නිර්මලා. නිර්මලාගේ සැමියා විදේශගත වෙලයි හිටියේ. සැමියා ළඟ නැති නිර්මලා, අමුතුම ජිවිතයකට හුරු වෙලා හිටියා. ඇගේ හැම ගමනකටම වාහනය වුණේ චාරකගේ ත්‍රීරෝද රථය. ඇය යන එන හැමතැනක්ම චාරක දැනගෙන හිටියා. ඒත් ඒ කිසිම දේකට බාධාවක් නොවෙන්න චාරක තීරණය කළා.
ඒ වෙනකොටත්, චාරකත්, නිර්මලාත් අතර තිබ්බ සමීප ඇසුර නැතුවම බැරි එකක් බවට පත් වුණා. ඇත්තටම චාරකට ඕනි වුණේ මේ කාන්තාව එක්ක යහන්ගත වෙන්නත්, මුදල් අවශ්‍යතාවලට ඇගෙන් මුදලක් ඉල්ලගන්නත් විතරයි. සමහරක් රැයවල්වල නිර්මලා හොඳටම බීමත් වෙලා ක්ලබ් එකෙන් එළියට එන හැටි චාරක බලන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ක්ලබ් එකේ මුණ ගැහෙන බොහෝ පිරිමින් එක්ක ඇය කිට්ටුවෙන් ඉන්න හැටි චාරක දකිනවා. ඒත්... මේ කිසිම දෙයක් නොදැක්කා වගේ ඉන්න ඔහු හුරුවුණා. තමන්ට මේ සම්බන්ධකමත්, ඊටත් වඩා ඇය නිතරම අත්මිටට ගුලිකරන මුදලත් අහිමි කරගන්න ඔහුට හිතෙන් නැහැ.
ඒත් හිටි හැටියේ නිර්මලා, චාරකට දෙයක් කියනවා. ඒ, නිර්මලාගේ ස්වාමි පුරුෂයා සතියකින් රට ඉඳලා එන බව. මේ කතාව ඇහුවට පස්සෙ චාරකට දරාගන්න බැරිවෙනවා. නිර්මලාගෙන් ගැලවෙන්න බැරි විදිහේ බැඳීමක් චාරකට තිබුණා.
ඉතින් චාරක කවුරුත් නොහිතන විදිහේ තීරණයක් ගන්නවා. ඒ තමයි නිර්මලාගෙත් තමන්ගෙත් අතර සිද්ධ වෙන අතිශය පුද්ගලික දේ නිර්මලාට නොදැනෙන්න වීඩියෝගත කරන්න. ඇත්තටම ඒක චාරක කරන්න හිතන්නේ, ඒ මාර්ගයෙන් හරි, නිර්මලාව "බ්ලැක්මේල්" කරලා තමන්ගේ අවශ්‍යතා නිතර නිතර ඇය ලව්වා සපුරගන්න අදහසින්.
ඒත්.......... චාරක හිතු විදිහට ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැමදේටම කලින් චාරකට තමන්ගේ ශරීරය ඇතුළේ සිද්ධ වෙන අමුතු දේකට ඇහුම්කන් දෙන්න සිද්ධ වුණා. නිර්මලා එක්ක කරපු ගණුදෙනුවේ ප්‍රථිපල විදිහට තමන් සමාජ රෝගයකට ගොදුරු වෙලා ඉන්න බව චාරක දැනගන්නවා.
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
චාරකගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...
VIDEO