ඇමරිකානු ඩොලර් 42 ලක්ෂයක ජයමල්ල බෙදාගැනීම සඳහා මෙවර අයි.සී.සී. ලෝක කුසලානයේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද තරග වදිනවා.
එය රුපියල් හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂය ඉක්මවූ මුදලක්.
එහිදී ජයග්‍රාහී පිලට ඩොලර් 40 ලක්ෂයක් එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70 ක මුදලක් හිමිවන අතර, පරාජිත පිලට ඩොලර් දෙලක්ෂයක් එනම් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවනවා.
ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් වූ ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට ඩොලර් අටලක්ෂය බැගින් හිමිවුණා.
ලීග් මට්ටමේ සෑම ජයග්‍රහණයක් සඳහාම ඩොලර් 40,000 බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගෙන තිබුණේ.