Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"JCB එකක් අරන් ජාතික වනෝද්‍යානයකට ඇතුළු වුණේ කොහොමද..?" - දේශපාලන රැකවල් මැද වනසන, සෝමාවතිය වන රක්ෂිතය ගැන හිරු CIA අනාවරණය - Video

- "JCB එකක් අරන් ජාතික වනෝද්‍යානයකට ඇතුළු වුණේ කොහොමද..?" - දේශපාලන රැකවල් මැද වනසන, සෝමාවතිය වන රක්ෂිතය ගැන හිරු CIA අනාවරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,547 Views
මේ ගොල්ලෝ දැනුවත් කිරීමක් කරලා නැහැ..
 
අනුමැතිය දීලා තියෙන තැන නෙවෙයි කපලා තියෙන්නේ..
 
විල්පත්තුව අවට වනාන්තර පද්ධතිය සුනු විසුනු කළ ආකාරයෙන්ම සංවිධානාත්මක වන සංහාරකයින් පිරිසක් පොලොන්නරුවේ වනාන්තර පද්ධතිය විනාශ කිරීම ආරම්භ කර තිබෙනවා.
 
ඒ අනුව පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මෙන්ම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින සෝමාවතී ජාතික උද්‍යානයේ ඉඩම් ද, කුඹුරු අස්වද්දන මුවාවෙන් මේ වනවිටත් අත්පත් කරගෙන අවසන්.
 
හිරු සී.අයි.ඒ.සිදු කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම නීති විරෝධී කුඹුරුවලට ජලය සැපයීම සදහා සෝමාවතිය ජාතික වනෝද්‍යානය දෙකඩ කරමින් ඇළ මාර්ගයක් ද ඉදිකරමින් පවතින බවයි.

පසුගිය බදාදා අප හිරු සී.අයි.ඒ.හරහා හෙළිකලේ දකුණු ආසියාවේ විශාලතම විල්ලු පද්ධතිය සහිත ජාතික වනෝද්‍යානය වන පොලොන්නරුව - ජලගැලුම් නිම්න උද්‍යානය වන සංහාරකයින් ග්‍රහණයට ලක් කර ගෙන තිබු ආකාරයයි.
 
කුඹුරු අස්වද්දන මුවාවෙන් වනෝද්‍යානය සතුව පවතින භූමිය ක්‍රම ක්‍රමයෙන් අත්පත් කරගන්නා කැළෑ පාළුවන් ක්‍රම ක්‍රමයෙන් කුඹුක් ගස් සියල්ල ගිනි තබා විනාශ කර තිබුනේ මෙලෙසින්.
 
ඊට සමගාමීව සංවිධානාත්මක කල්ලියක් විසින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින සෝමාවතී ජාතික උද්‍යානය ද නිතී විරෝධීව අත්පත් කරගනිමින් සිටින්නේ කුඹුරු අස්වැද්දීමට මුවාවෙමින්.
 
අහිංසක මිනිස්සු කුඹුරු කරනවා කියන එක බොරුවක්.මුදලාලිලා හරහා අක්කර 50,30,60 එක්කෙනාට කුඹුරු.විල්ලු පද්ධතිය විනාශ කරන ගමන් පුරා වස්තු විනාශ කරන එක, මත්ද්‍රව්‍ය ජාවාරම් කන්දකාඩුව පැත්තට ඒ දේවල් වෙනවා.ටවුමෙ රෙස්ටුරන්ට්වලට දඩ මස් එන්නෙ මේවාගෙන්.කුඹුරක් දෙකක් කරලා තියන දේකට වඩා එහා ගිය එකක් මේකෙ වෙන්නෙ.
 
රජය සතු ජාතික වනෝද්‍යානයක සැලකිය යුතු අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් කුඹුරු අස්වැද්දීමට කැලෑපාළු ජාවාරම්කරුවන් පෙළඹී තිබෙන්නේ මෙරට නීති රීති කිසිවක් තඹ දෙයිතුවකට හෝ මායිම් නොකරමින්.
 
ජාතික වනෝද්‍යානයක් රැකගැනීමට පනවා ඇති නීති රෙගුලාසි පොත්වලට පමණක් සීමාකරමින් දිනෙන් දින කම්බි වැටවල් ගසමින් ප්‍රබල දේශපාලන රැකවරණ ලබමන් ජාවාරම්කරුවන් විසින් මෙම වනෝද්‍යානය අත්පත් කරගනිමින් පවතිනවා.
 
කිසිවෙකුටත් නොදැනෙන ලෙස වසර සිය දහස් පැරණි මහා වනස්පතීන් දිනෙන් දින මරණය කරා ගෙන යන අතරතුර ම වනෝද්‍යාන භූමියට වතුර හරස්කරමින් හිස් භූමි ප්‍රදේශ කුඹුරු බවට පත්කිරීමට ද මේ වනවිට සිදුකරමින් පවතිනවා.
 
මෙහි ඇති විමතිය දනවන කරුණ වන්නේ පසුගිය දිනවල බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් සෝමාවතී ජාතික වනෝද්‍යානය දෙකඩ කරමින් ඇල මාර්ගයක් ඉදිකර ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ ද ආධාරයෙන් වීමයි.
 
මෙම නීති විරෝධී ඇල මාර්ගය පිළිබදව ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙම ස්ථානයේ ඇල මාර්ගයක් කැපීමට අවසර දී නොමැති බවයි.
 
මේවා වන උද්‍යාන හිතුමතේ විනාශ කරන්න පුළුවන්නම් ලේකම්තුමිය පත්වෙන්න ඕනෙත් නෑ.
 
ප්‍රාදේශීය ලේකම්වරිය දැන් කුමන පිළිතුරක් ලබාදුන්න ද නීති විරෝධීව කුඹුරු අස්වද්දමින් සෝමාවතිය ජාතික උද්‍යානය තම අණසකට යටත් කරගැනීමට වෙරදරන සංවිධානාත්මක ජාවාරම්කරුවන් මේ වනවිට අදාල ඇල මාර්ගය උපයෝගී කරගනිමින් කුඹුරුවලට අවශ්‍ය ජලය ලබාගැනීමට ද පියවර ගෙන අවසන්.
 
මේ ජාතික වනෝද්‍යානය එක්ක නැගෙනහිර පෙදෙස්වල යම් යම් සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන් වනෝද්‍යානය ඇතුලතින්.මේ හරහා වන ජනාවාස කරනයත් එක්ක මත්ද්‍රව්‍ය ජවාරම හා අන්තවාදී ජාවාරම් ඇතිවිය හැකියි.ඊට අදාල වටපිටාව වේගයෙන් සකස්වෙමින් පවතිනවා.
 
සෝමාවතිය වනෝද්‍යානය යනු මුළු මහත් රටකට අයත් ජාතික සම්පතක් බව බලධාරීන්ට යළි යළිත් සිහිපත් කිරීමට කැමැත්තෙමු.
 
විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට වනාන්තර පද්ධතියට වන සංහාරකයින් සිදුකළ අපරාධයම සෝමාවතිය වනෝද්‍යානයටත් සිදුකරන තෙක් බලධාරීන්ගේ දෑස් විවර නොවේවි ද ?
 
හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබදව අවධානයෙන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  119 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,679 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,121 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,500 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,719 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,203 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,836 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top