ලිංගික කටයුතුවලට සුරූපිනියන් විකුණලා..
නඩු විභාගවලටත් බලපෑම් කරලා..
ජනප්‍රිය ගායක ආර්. කෙලී ලිංගික අපරාධ චෝදනා මත චිකාගෝහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලිංගික කටයුතු සඳහා තරුණියන් විකිණීම, ළමා ලිංගික ජාවාරම, නඩු විභාග සඳහා බලපෑම් කිරීම යන බරපතළ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කුඩා ගැහැනු දරුවන් හා තරුණ කාන්තාවන් සම්බන්ධ ලිංගික චෝදනා ඔහුට පසුගිය විසි වසර පුරාම වරින්වර එල්ල වුණා.
ඔහුගේ කලින් බිරිඳගේ දරුවාට නඩත්තු නොගෙවීම නිසා ද පසුගිය මාර්තු මාසයේ අත්අඩංගුවට පත් වුණා.
නවතම චෝදනා සම්බන්ධයෙන් ඔහුට තිස් වසරක් දක්‌වා සිරදඬුවම් ලබාදිය හැකි බවයි වාර්තා වන්නේ.