ත්‍රිකුණාමලය - පුල්මුඬේ මාර්ගයේ කුච්චවේලි නගරයේ සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ ට්‍රැක්ටර් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් සිය මුත්තණුවන් සමඟ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 7ක සහ වයස අවුරුදු 3ක ළමයින් දෙදෙනෙකු තුවාල ලබා කුච්චවේලි රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදීයි මෙලෙස වැඩිමහල් පිරිමි දරුවා මිය ගොස් ඇත්තේ.