එංගලන්තය සහ නවසීලන්තය අතර ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ හෙට (13) පැවැත්වෙන මෙවර අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ප්‍රවේශ පත්‍ර ස්ටර්ලින් පවුම් 16,000 දක්වා මුදලකට යළි අලෙවි වන බව වාර්තා වනවා.
එය රුපියල් තිස් පන් ලක්ෂය ඉක්ම වූ මුදලක්.
අවසන් තරඟයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් පුද්ගලයන් අන්තර් ජාලය ඔස්සේ ඒවා අලෙවි කිරීමට පෙළඹී ඇති අතර, එය වැළැක්වීමට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක නීති පද්ධතිය යටතේ කටයුතු කළ නොහැකි බව සඳහන්.
ඔවුන් එම ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නේ මිලදී ගත් මුදල මෙන් 50 ගුණයකට වැඩි මිලකටයි.
විශේෂයෙන් ඉන්දියාව, අවසන් තරඟයට පැමිණෙනු ඇතැයි ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ඉන්දියානුවන් මෙලෙස එම ප්‍රවේශ පත්‍ර නැවත අලෙවි කරන බවයි වාර්තා වන්නේ.