Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"දූවරු හදන හැම අම්මා තාත්තා කෙනෙක්ම ගොඩක් සතුටු වෙන දවසත්, දුක් වෙන දවසත් තමයි ඒ දවස.." - බුවනි දියලගොඩ - Photos

- "දූවරු හදන හැම අම්මා තාත්තා කෙනෙක්ම ගොඩක් සතුටු වෙන දවසත්, දුක් වෙන දවසත් තමයි ඒ දවස.." - බුවනි දියලගොඩ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,697 Views
"ඒත් ඒ ඇත්තට අපි හැමෝටම දුකෙන් නමුත් මුහුණ දෙන්න සිදු වෙනවා..."

"ෆොටෝස් දැක්ක හුග දෙනෙක් එහෙම හිතලා තිබ්බා, ඒත් ඒක බොරුවක්.."

බුවනි චාපා දියලගොඩ කියන්නේ පුංචි තිරයේ දුටු රංගන ශිල්පිණියක්. නමුත් මේ වෙද්දී ඇයගේ රංගන දක්ෂතා දැක ගන්න ලැබෙන්නේ නැහැ. විවාහ ගිවිස ගැනීමත් එක්ක රංගනයට ඉදහිට සම්බන්ධ වූ බුවනිගේ විවාහ උත්සවය උත්සවාකාරයෙන් ගැනීමට මේ දිනවල ඇය කටයුතු කරමින් යනවා. විවාහයට සුදානම් වෙන බුවනි ඒ ගැන කිව්වේ මෙහෙමයි.

බුවනි විවාහ ගිවිසගෙන කාලයක් වෙනවා නේද..? විවාහ උත්සවයක් ගන්න ප්‍රමාද වුණේ ඇයි..?
ඔව්. මම විවාහ ගිවිස ගත්තේ මිට වර්ෂ එකහාමාරකට විතර කලින්. වෙඩින් එක ගන්න ටිකක් ප්‍රමාද වුණා. මගේ හස්බන්ඩ්ගේ තාත්තා අසනීප වුණා. ඒත් එක්කම විවාහ උත්සවය ගන්න එක ප්‍රමාද වුණා. කොහොම නමුත් ඒ කාලය ඒ විදිහට ගෙවුණු එක හොදයි කියලා මට හිතෙනවා. හොදම කාලයේ මගේ විවාහ උත්සවය ගන්න ලැබෙනවා කියලා මම හිතනවා. කිසිම ප්‍රමාදයක් මට නම් දැනෙන්නේ නැහැ.

බුවනි විවාහ ගිවිස ගැනීම ගත්තෙත් උත්සවාකාරයෙන් නිසා බොහෝ දෙනෙක් හිතුවේ බුවනිගේ විවාහය අවසන් කියලා...?
එහෙම හිතපු අයත් ඉන්න ඇති. කොහොම නමුත් විවාහ උත්සවය වගේම දෙවැනි ගමනත් උත්සවාකාරයෙන් අලුත්ම හා වෙනස්ම ආකාරයකට ගන්න තමයි මම මේ වෙද්දී කටයුතු කරගෙන යන්නේ. මගේ විවාහය සැප්තැම්බර් මස මැද තමයි තියෙන්නේ. පළමු දවසේ උඩරට විදිහටත් දෙවැනි දවසේ ඉන්දියානු මනාළියක් විදිහටත් මම සැරසෙනවා. විවාහ උත්සවය Marino Beach Hotel එකේ තියෙන්නේ. දෙවැනි දවස නම් උත්සවය ගන්නේ මනමාලයාගේ ගෙදර. එයා පොළොන්නරුවේ. ඒ නිසා දෙවැනි දවස එහෙ උත්සවයක් ගන්නවා. මංගල උත්සවය ලස්සන කරන්න ඉන්නේ සැරසිලිවලින්. මම විශ්වාස කරනවා බුද්ධික ඉඩම්ගෙදර කියන මගේ හිතවතා මගේ විවාහ උත්සවය වෙනස් ආකාරයෙන් ලස්සනට සරසලා දෙයි කියලා.

වෙනසක් කරන්න හිතාගෙනද මෙහෙන්දි උත්සවයක් විවාහයට පෙර ගත්තේ, එහෙම නැත්තම් ජනතාවගේ ආකර්ෂණය ඔබ වෙතට ගන්නද..?
මම කොහොමත් විවාහ ගිවිස ගැනීම වෙනස් විදිහකට ගත්තා. ඊට වඩා වැඩි වෙනසක් කරමු කියලා මගේ වෙඩින් එක ප්ලෑන් කළ ජනක මාවැල්ල කිව්වා. එයාගේ අදහසට අනුව තමයි ඒ උත්සවය ගත්තේ. මේ වෙනකල් කවුරුත් වෙඩින්  එකට කලින් මෙහෙන්දි උත්සවයක් අරගෙන නැහැ. ඒක අලුත් අත්දැකීමක් නිසා මමත් කැමැත්තෙන්ම  එකග වුණා. ගැහැණු ළමයි කොහොමත් හීන දකින්නේ වෙනස් හා ලස්සන විදිහට විවාහ උත්සවය ගන්න. එක එක ඇදුම් වලින් සැරසිලා ෆොටෝස් ගන්න. ඒ ආසාව මටත් තිබුණා. ඒ නිසා තමයි මෙහෙන්දි උත්සවයක් ගත්තේ. එහෙම නැතුව කාගේවත් අවධානය ගන්න හිතාගෙන නෙමෙයි.

ඒ වුණාට බොහෝ දෙනෙක් හිතුවේ ඔබ ඉන්දියානු සංස්කෘතියට  විවාහ වෙන්න යනවා කියලා ..?
මෙහෙන්දි උත්සවයේ ෆොටෝස් දැක්ක හුග දෙනෙක් එහෙම හිතලා තිබ්බා. මම ඉන්දියානු සංස්කෘතියට නෙමෙයි විවාහ වෙන්නේ කියන එක පැහැදිලිව කියන්න ඕන. උඩරට සිරිතට අනූව තමයි විවාහ උත්සවය කරන්නේ.

ඔබේ විවාහයට බොහෝ කලාකරුවන්ට ආරාධනා කරනවත් ඇති..?
කලාකරුවන් 100 ට විතර ආරාධනා කරනවා. මගේ විවාහ උත්සවයට ආරාධනා කරන්න මට හිතවත් කලාකරුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඊට අමතරව තවත් 300 ට පමණ ආරාධනා කරනවා. යාළුවෝ නෑදෑ හිත මිතුරන්ට.

පවුලේ බඩපිස්සී ගෙදරින් නික්මෙන දවස ලග නිසා දෙමාපියන්ට දුකකුත් ඇති නේද..?
දූවරු හදන හැම අම්මා තාත්තා කෙනෙක්ම ගොඩක් සතුටු වෙන දවසත්, දුක් වෙන දවසත් තමයි දියණියකගේ විවාහ උත්සවය කියන්නේ.  මගේ අම්මත් තාත්තත් ගොඩක් සතුටින් ඉන්නවා මාව ලස්සන මනමාලියක් වෙනවා දකින්න. ඒ වගේම ඒ දෙන්නගේ තුරුලෙන් ඈත් වෙන නිසා දුකක් අනිවාර්යෙන්ම ඇති. ඒත් ඒ ඇත්තට අපි හැමෝටම දුකෙන් නමුත් මුහුණ දෙන්න සිදු වෙනවා.

ඔබේ සහෝදරිය වත්සලා දියලගොඩගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
හැමදාම හැමදේකටම වගේම විවාහයේදීත් අක්කාගෙන් මට උදව් ලැබෙනවා. මගේ විශේෂ දේවල්වලට මුලින්ම ආශිර්වාදයත් ලැබෙන්නේ එයාගෙන් තමයි.

ඇතැම් ජනප්‍රිය රංගන ශිල්පිනියන් විවාහ වුනාට පස්සේ රංගනයෙන් ඈත් වෙනවා. විවාහය එක්ක බුවනිවවත් දකින්න නොලැබෙයිද..?
මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ. හොද නිර්මාණයක් ලැබුනොත් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. සිනමා නිර්මාණවලට නම් දායක වෙන්න අදහසක් තියෙනවා. සමහර විට දකින්නම නැති වෙන්නත් පුළුවන්.

ඒ කියන්නේ රංගනයට සැමියාගෙන් දැන්මම වාරණ වැටිලා ඇති..?
එයා මට නීති රීති දාන්නේ නැහැ. නමුත් එයාගේ ජිවන රටාව මම හොදට දන්නවා. මම නැතුව ඒ දේවල් එයාට කරගන්න එක අපහසුයි. ඒ නිසා මම ගන්න තීරණයක් අනුව තමයි රංගනයෙන් ඈත් වුණොත් ඈත් වෙන්නේ.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,669 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,498 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,302 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  281 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,422 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  312 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  512 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,387 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,586 Downloads



Top 10 Commenters

Latest Comments

Top