Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"මස් කපන පිහියෙන් මාලිෆ්ගේ අමාශය කපා, වැඩුණු බිළිඳා එළියට ගෙන සෝදා, රෝහලට රැගෙන ගියා.." - ගැබිණි මව මරා ඇගේ බිලිඳා සොරාගත් මවකගේ සැහැසි ක්‍රියාව හෙළි වූ හැටි - Photos

- "මස් කපන පිහියෙන් මාලිෆ්ගේ අමාශය කපා, වැඩුණු බිළිඳා එළියට ගෙන සෝදා, රෝහලට රැගෙන ගියා.." - ගැබිණි මව මරා ඇගේ බිලිඳා සොරාගත් මවකගේ සැහැසි ක්‍රියාව හෙළි වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,318 Views
මුහුණු පොතෙන් මිතුදමක් ඇති කරගෙන..
 
රෝහලේ සියලු දෙනා රවටලා..
 
40 වැනි වියේ පසු වූ 'ක්ලැරිසා ෆිගේරෝ' චිකාගෝ නගරයේ 'ක්‍රයිස්ට්' වෛද්‍ය මධ්‍යස්ථානයට සිය අළුත උපන් දරුවාද සමඟ පැමිණියේ දැඩි කනස්සල්ලකිනුයි.
 
ඈ එහි සිටි වෛද්‍යවරු අමතා තම දරුවා අපහසුවෙන් හුස්ම ගන්නා නිසා වහා දරුවා සනීප කර දෙන මෙන් ඉල්ලා සිටියා.
 
අළුත උපන් නිසාදෝ මේ බිළිඳා ඉතා බරපතළ තත්ත්වයෙන් පසුවන බව දුටු හෙද නිලධාරින් වහාම බිළිඳාත් මවත් විශේෂ කාමරයක නවත්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා. ක්ලැරිසාගේ මෙම රඟපෑමට වෛද්‍ය මධ්‍යස්ථානයේ සියලු දෙනාම රැවටුණු අතර ඇගේ මෙම රඟපෑම පසුපස සාහසික එසේම අප්‍රසන්න අමානුෂික අපරාධයක් පිළිබඳ රහසක් සැඟව තිබුණා.
 
ඇය රැගෙන පැමිණි බිළිඳා ඇය ප්‍රසූත කළ දරුවකු නොවන අතර ක්ලැරිසා එම දරුවාගේ නියම මව නොවන බව ද රෝහලේ කිසිවකු ඒ වන විට දැන සිටියේ නැහැ.

ක්ලැරිසාගේ නියම දරුවා ඊට මාසයකට පෙර හදිසියේ හටගත් රෝගයකින් මරුමුවට පත්ව සිටි අතර ඒ වෙනුවට කෙසේ හෝ ලබාගෙන තමාගේ නැති වූ දරුවා වෙනුවට හදා වඩා ගැනීම ඇගේ අරමුණ වුණා. ඒ සඳහා මුහුණු පොතට සම්බන්ධ වී 'මවකට උදව් කරන්න' යන මිතුරු හවුලේ සාමාජිකාවක් වන ඇය 'මාලිෆ් ලොපේස්' නම් 19 හැවිරිදි ගැබිණි තරුණියක් සමඟ මිතුරුදමක් ඇති කරගත්තා.
 
දරුවා අකාලයේ මියයාම ගැන මහත් සේ තමා කම්පාවට පත්ව සිටින බවත් තම දරුවාට අයත් ඇඳුම් පැළඳුම් හා ළඳරු කරත්තය මාලිෆ් ලෝපෙස්ගේ දරුවාට තෑගි කිරීමට කැමති බවත් පවසා තම නිවසට පැමිණ ඒවා ගෙන යන ලෙස ඇය මාලිෆ්ට ඇරයුම් කළා.
 
මේ අතර තමාද ගැබිනියක්ව සිටින බව පවසා ළදරු සායනයක්ද මිලදී ගත් 'ක්ලැරිසා' ලැබෙන්නට සිටින දරුවාට මියගිය දරුවාගේ නම වන 'සාන්ඩර්' යන්න යොදන බවත් අසල්වාසීන්ට කියා සිටියා. ඉන් අනතුරුව ගැබිනියකගේ පෙනුමද ඇය විසින් ආරූඨ කරගැනීමට ඇය සමත් වුණා.
 
ඇය සිදු කරන්නට යන ක්‍රියාව පිළිබඳව සැක නොකළ මාලිෆ් පසුගියදා ක්ලැරිසාගේ නිවසට පැමිණීයේ 'ළදරු කරත්තය' හා තම දරුවාට අවශ්‍ය ඇඳුම් හා අනෙකුත් දේවල් රැගෙන යාම සඳහා යි.
 
මෙසේ පැමිණි 'මාලිෆ්'ට මුහුණ පෑමට සිදු වූයේ නොසිතු ඉරණමකට යි. මාලිෆ්ව සාදරයෙන් පිළිගත් ක්ලැරිස් අකාලයේ මිය ගිය තම පුත්‍රයාගේ ඡායාරූප සහිත ඇල්බමයක් ඇයට පෙන්වූයේ මහත් සේ කම්පනයට පත් වූ අන්දමිනුයි. ඉන්පසු පිටිපසින් පැමිණි ඇය ලණුවක් දමා මාලිෆ්ගේ ගෙල සිරකොට ඇය මරණයට පත් කළා.
 
ඉන් පසුව මස් කපන පිහියක් ගෙන මාලිෆ්ගේ අමාශය කපා වැඩුණු බිළිඳා එළියට ගෙන සෝදා නහවා ඇඳුම් අන්දවා රෝහලට ගෙන ගියේ ඇය ප්‍රසූත කළ දරුවා බව පෙන්වමිනුයි.
 
මාලිෆ්ගේ සිරුර ප්ලාස්ටික් මල්ලක් තුළට දමා නිවෙසේ කසල එකතු කරන ගරාජයේ සැඟවීමටද ඇය කටයුතු කළා.
 
මේ අතර මාලිෆ් යළි නිවසට නොපැමිණිම නිසා සැක පහළ කළ ඇගේ සැමියා 'යොවානි ලෝපේස්' ඒ බව 'චිකාගෝ' පොලීසියට දැන්වූයේ තම බිරිය අබිරහස් ලෙස අතුරුදහන් වී ඇති බව පවසමිනුයි.
 
මාලිෆ්ගේ අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටි චිකාගෝ පොලීසියට ඇය මුහුණු පොත හරහා ඇතිකරගෙන තිබූ සම්බන්ධය පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර ගත හැකි වුණා.
 
ඒ ගැන සැකයක් ඇති කරගත් පොලීසිය ක්ලැරිසාගේ නිවසට ගියවිට එහි නවතා තිබූ මාලිෆ්ගේ මෝටර් රථය සොයා ගත හැකි වුණා. එසේම ඊට සති කිහිපයකට පසු ක්ලැරිසාගේ නිවසේ ගරාජයේ තිබූ කසල එකතු කරනු ලබන ජිප් රියක් තුළ තිබී මාලිෆ්ගේ මළසිරුර ද පොලීසියට හමුවුණා.
 
අත්අඩංගුවට ගනු ලැබූ ක්ලැරිසා ට එරෙහිව 'කූක් කවුන්ට්' අධිකරණය ඉදිරියේ මිනිමැරුම් චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා.
 
අධිකරණය ඉදිරියේ තමන් නිර්දෝෂි බව සිය නීතිඥයින් මඟන් ඉදිරිපත් කරනු ලැබු නමුත් අධිකරණය ඇයට ඇප දීම ප්‍රතික්ෂේප කළා.
 
චිකාගේ ප්‍රධාන පොලිස් පරීක්ෂණ එඩි ජොන්සන් මෙම සාහසික අපරාධය අතිශයින් අප්‍රසන්න, පිළිකුල් සහගත එකක් ලෙස ප්‍රකාශ කරනු ලැබූ අතර මෙම සිද්ධිය ඇමරිකාව පුරා ලැව්ගින්නක් මෙන් පැතිර ගියා.
 
රෝහණ ආර්යරත්න
 
40 වැනි වියේ පසු වූ 'ක්ලැරිසා ෆිගේරෝ'. මාලිෆ්ගේ ජිවිතය බිලිගත් මිනීමරු ගැහැණිය මැයයි. (පහත ඡායාරූපය බලන්න.)


 
ක්ලැරිසාගේ කෲරකම් නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ 19 හැවිරිදි 'මාලිෆ් ලොපේස්' තරුණිය (පහත ඡායාරූපය.)


 
මාලිෆ්ගේ සැමියා (දරුවාගේ පියා) 'යොවානි ලෝපේස්' DNA පරීක්ෂණයකින් පසු තම දරුවා අතැතිව..


 
පොලිස් නිලධාරින් මාලිෆ්ගේ සිරුර සොයාගත් තැන (ඇගේ මලසිරුර තිබී ඇත්තේ කසළ එකතු කරන ජිප් රථයක් තුළයි.)



බිළිඳාව රැගෙන ගිය රෝහලේදී ලබාගත් ඡායාරූපයක් පහතින්...



 
සොවින් වැළපෙන මාලිෆ්ගේ සැමියා.. (පහතින්..)



මාලිෆ් වෙනුවෙන් සොව පළ කරන පිරිස්... (පහත ඡායාරූප)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,131 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,458 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,086 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,716 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top