ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ට වසරක තරග තහනමක් පැනවීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පියවර ගෙන තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතුරතුරදී ක්‍රීඩක විනය චර්යාධර්ම කඩ කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතුරතුරදී තමන් නවාතැන් ගත් සවුත්හැම්ප්ටන් හෝටලයට කාන්තාවක් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අයි.සී.සී.ය විසින් අෆ්තාබ් නැවත ඇෆ්ගනිස්තානයට යැවීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මෙම සිදුවීමට පෙර එනම් මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදීද අෆ්තාබ් විනය විරෝධී ක්‍රියාවන් කිහිපයක්ම සිදුකර තිබීම මෙම දඬුවම පැනවීමට පියවර ගත් බවද සඳහන්.
මේවන විට 23වැනි වියෙහි පසුවන අලාම් අවසන් වරට ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ ඉන්දියාවට එරෙහිව සදම්ටන්හිදීයි.
එහිදී ඔහු කණ්ඩායම් හෝටලයේ කාන්තාවක් සමඟ අයුතු ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා.
අලාම් ලෝක කුසලාන තරගාවලියේදී ඔහුගේ නමට කඩුලු 03 ක් දවාගෙන සිටියා.