දුම්මලසූරිය - උඩුබද්දාව ප්‍රදේශයේ ගරාජයකදී ට්‍රැක්ටරයක සවි කළ තණකොළ කපන මැෂිමක තලයක් ගැලවී හිසේ වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ උඩුබද්දාව - බුන්නැහැපොළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්. ගරාජය තුළ අලූත්වැඩියා කළ තණකොළ කපන මැෂිම අදාළ කාර්මිකයා විසින් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී තණකොළ මැෂිමේ තලය ගැලවී ගොස් අසළ සිටි මිය ගිය පුද්ගලයාගේ හිසේ වැදී තිබෙනවා.
බරපතල තුවාල ලැබූ ඔහු කුලියාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා.