ගාල්ල, කිතුලම්පිටිය ළමා නිවාසයේ රැඳවුම් භාරයේ සිටි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් දූෂණය කළේ යැයි ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා පසුගියදා නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා ඇල්පිටිය පොලිසියට දැනුම් දී තිබෙනවා.
වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ අරමුණින් දැරිය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ආර්. මුණසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබෙන අතර ගාල්ල, කිතුලම්පිටිය ළමා නිවාසයේ පාලිකාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
දැරිය වයස අවුරුදු 14 දී සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන තිබෙන බවත් දැරිය මේ වන විට 15 හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර දැරියක් බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. මීට මාස 06 කට පමණ පෙරද සැකකරු විසින් දැරිය දූෂණයට ලක්කර තිබෙන බවත්, එම අවස්ථාවේ දැරිය අධිකරණය මගින් ගාල්ල, කිතුලම්පිටිය ළමා නිවාසයට යොමුකර තිබෙන බවත් ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් සදහන් කරනවා. දැරිය ළමා නිවාසයේ සිටියදී සැකකරු විසින් පැහැරගෙන ගොස් තිබෙන බවත් දැරිය මාසයක් තිස්සේ සැකකරුගේ නිවසේ රදවාගෙන දුෂණය කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බවයි සදහන් වන්නේ.
ඇල්පිටිය පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා මධුරිකා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.