දුරකථන ඇමතුමක් දී පාරට ගෙන්නගෙන..
පාරේ දෙදෙනා කතා කරමින් සිටියදී කැළයකට ඇදගෙන ගිහින්...
මිතුරු වී මසකට පමණ පසු තරුණියගේ නිවස අසලට ගොස් ඇය හා කතා කරමින් සිටියදී එකවරම තරුණිය නිවස පිටුපස කැලයට රැගෙන ගොස් අතවර කළ බවට සැකපිට 42 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගන්නා ලදැයි හිඟුරක්‌ගොඩ පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හඟුරන්කෙත පදිංචි පුද්ගලයෙක්.
සිද්ධියට ලක්‌වූ 19 හැවිරිදි තරුණිය වෛද්‍ය පරීක්‌ෂණයක් සඳහා පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යවා තිබෙනවා.
අදාල සිදුවීම මෙසේයි.
පාලුවැව ප්‍රදේශයේ පැවැති පින්කමකදී තරුණිය හා සැකකරු මිත්‍ර වී ඇති අතර පසු දිනෙක තරුණියට දුරකථන ඇමතුමක් දී ඇයගේ නිවස අසල පාරට ගොස් තිබෙනවා..
පාරේ දෙදෙනා කතා කරමින් සිටියදී සැකකරු එකවරම තරුණිය කැලයට ඇදගෙන ගොස් ඇතැයි පැවසෙනවා.
හිඟුරක්‌ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක නිහාල් බණ්‌ඩාර, කාන්තා පොලිස් සැරයන් ශිරෝමි (4491), සැරයන් ලාල් (56146), කොස්‌තාපල් රමණි (4476), කොස්‌තාපල් මංජුලා (6943) යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ සිදු කරනවා.