Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ දොස්තර සාෆි යළි රිමාන්ඩ් කරද්දී සාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතා - Video

- වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ දොස්තර සාෆි යළි රිමාන්ඩ් කරද්දී සාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65 Views
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ නියෝග කළා.
 
ඒ වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රථම වරට අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් අද අධිකරණ භූමිය සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

අධිකරණ පරිශ්‍රයේ පිටුපස පිවිසුමෙන් වෛද්‍යවරයාව අධිකරණයට රැගෙන අවේ පෙරවරු 10 ට පමණ.

නඩුව කැඳවනු ලැබුවේ කුරුනෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ විමර්ශන සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති නියෝග අනුව සංකීර්ණ තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඒ අනුව බී වාර්තා ඉදිරිපත් කර අධිකරණයෙන් නිශ්චිත නියෝග කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයා මෙම නඩුවට පෙනීසිටිය යුතුව ඇත්තේ අද නොව මීට පෙර අවස්ථාවේදී බවයි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පවසා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි සාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

එම නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි.

එමෙන්ම අයථා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට මව්වරුන් 850 කට අධික පිරිසකගෙන් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි ලැබී ඇති බැවින් එම මව්වරුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර, රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එමෙන්ම පසුගිය වසර කිහිපයේ එම රෝහලෙන් වෙනත් වෛද්‍යවරුන් වෙන් වෙන්ව සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරනු ලැබූ සැත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකූලතා පිළිබඳ වාර්තාවක් ද සකස් කළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

එමෙන්ම සාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගැනීමෙන් පසු වසර දෙකක් ඉක්මයන තුරුත්, දරුවන් නොමැති බවට පැමිණිලි කළ මව්වරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි SHG පරීක්ෂාවක් අනිවාර්යයෙන් සිදුකිරීම සඳහා නියෝගයක් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කිසිවෙකු විසින් ඉල්ලා අස්කර ගෙන ඇත්නම් එය ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top