ලෝක ප්‍රසිද්ධ පා පන්දු ක්‍රීඩකයෙක් වුන Daniel Sturridgeට පහුගිය දවසක නොහිතපු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුනා.
ලොස් ඇන්ජලීස්වල පිහිටි ඩොලර් මිලියන 1.5ක් වටිනා ඔහුගේ අති සුඛෝපභෝගී නිවසේ ඉඳපු ආදරණීය බලු සුරතලාව කව්දෝ කෙනෙක් පැහැරගෙන ගිහිල්ලා තිබුනා.
පොමනේරියන් වර්ගයට අයත් මේ සුරතල් බලු පැටියා Lucky Lucci පහුගිය සඳුදා රාත්‍රියේ මෙහෙම පැහැරගැනීමට ලක්වෙලා තිබුන බව දැනගත්ත ගමන් Daniel තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ බව සටහනක් දැම්මා. ඔහු තමන්ගේ සුරතලාව සොයාදෙන කෙනෙක්ට ඩොලර් 30,000ක මුදලක් තෑගි කරන බවටත් එහි සටහන් කර තිබුණා.
කොහොම වුනත් ඒ පණිවිඩය දැකපු ගොඩක් අය Danielගේ සුරතලාව හොයන්න උනන්දු වෙලා තිබුනත් අවසානයේදී මේ බලු සුරතලව ඇත්තටම හොයාගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ රැප් ගායකයෙක් වුන Killa Fame සහ ඔහුගේ බෑණාට.
නමුත් බල්ලව අපහු හොයලා දුන්නත් Daniel එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ දාලා තිබුන විදිහට ඩොලර් 30,000ක තෑගි මුදල ලැබුනේ නෑ කියලා Killa Fame තමාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පණිවිඩයක් එකතු කරලා තිබුනේ ටිකක් හිතේ අමාරුවෙන් කියලා තමයි හැමෝම කියන්නේ.