යාපනය නගරයේ තරුණයෙකු අමෙරිකාවේ පැනමා ඇල ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී ඇලක මඩේ එරීම නිසා ඔහු 10 දා සවස එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
යාපනයේ කස්තුරි පාරේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පී.සුදර්ශන් නැමති මෙම තරුණයා අමෙරිකාවට ගොස් ඇත්තේ මීට දින කීපයකට ඉහතදීයි.
එහි සිටි අතරවාරයේ විනෝදයට පැනමා ඇල ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී ඔහු මඩේ එරුණු බවත් ගොඩ ගැනීමට නොහැකි වූ බවත් ඔහු සමග ගිය අනෙක් තරුණයා ප්‍රකාශ කොට තිබෙනවා.
මියගිය තරුණයාගේ මළ සිරුර පොලීසිය විසින් පැනමාවේ රෝහලක් වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
"මව්බිම"