ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන්, අද උදෑසන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
අධිකරණ පරිශ්‍රයේ සිටින වාර්තාකරු සඳහන් කළේ වෛද්‍යවරයා විසින් කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධියට අදාළ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා මොහු අධිකරණයට රැගෙන විත් ඇති බවයි.
වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වූ රැඳවුම් නියෝග අවසන් කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාවරයද අද අධිකරණයට දැනුම්දීමට නියමිතව තිබෙනවා.
එසේම වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු වඳභාවයට පත්වූ බව කියන කාන්තාවන් පිරිසකට සිදුකිරීමට නියමිත පැලෝපීය නාල පරීක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ මතය සහිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.