Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"එයා විනෝදකාමී තමයි. ඒත් මට එයා කෙරෙහි තිබුණු විශ්වාසය ඔහු කැඩුවේ නැහැ.." - රාජු බණ්ඩාරගේ බිරිද කියයි

- "එයා විනෝදකාමී තමයි. ඒත් මට එයා කෙරෙහි තිබුණු විශ්වාසය ඔහු කැඩුවේ නැහැ.." - රාජු බණ්ඩාරගේ බිරිද කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,700 Views
" මම එයාව හොඳට තේරුම් අරන් ඉන්නෙ..."

"එයාට කිසිදෙයක් මඟහැරුණා කියන්න බැහැ..."

රාජු බණ්ඩාර කියන්නේ දක්ෂ වාදකයෙක් වගේම ගායකයෙක්. ඔහුගේ කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. "මා ආදරෙයි මුළු ලොවටත් වඩා.." වැනි ආදරණිය ගීත ගැයූ ඔහුව වැඩි වශයෙන් ගායනයෙන් දැකගන්න නොලැබුණත් ඔහුට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන කතාවයි මේ.

ඔබයි රාජුයි කොහොමද හමුවුණේ?
අපි දෙන්නම එකම ගමේ. මම පාසල් යනකොට එයා මාව දැකලා, ඊට පස්සෙ ඉතින් කැමැතිද කියලා මගෙන් ඇහුවා.

මුණගැහෙද්දි රාජු මොනවගේ කෙනෙක් විදියටද හඳුනා ගත්තේ?
විනෝදෙට බර චරිතයක්. ආශ්‍රය කරනකොට හොඳ කෙනෙක් බව තේරුණා. හරිම විශ්වාසවන්තයි. මගේ ජීවිතයට එකතු කරගන්න හොඳ පුද්ගලයෙක් බව තේරුණා.

පෙම්වතා කාලේ?
එයා විනෝදකාමී තමයි. මට එයා කෙරෙහි තිබුණු විශ්වාසය ඔහු කැඩුවේ නැහැ. අවංක කෙනෙක්. යාළුවො වුණත් හැමෝම කිව්වේ එයාගේ හොඳ තමයි.

සැමියෙක් විදියට ඔහු?
ගොඩක් අපි ගැන හොයලා බලන, අපි වෙනුවෙන්ම කැපවෙච්ච චරිතයක්. එයා එයාගේ මවුපියන්ට, යාළුවන්ට හරිම ළැදියි. මොනව හරි වැඩකට ගියත් එළිවෙන්න පැයක් තියලා හරි අනිවාර්යයෙන්ම ගෙදර එනවා. ඒ ඇවිල්ලත් දරුවො ඉස්කෝලේ ගෙනියනවා වගේම යුතුකම් ටික ඔක්කොම කරනවා.

ජනප්‍රියත්වය එක්ක ඔහු?
එහෙම වෙනසක් නැහැ. ජනප්‍රිය වුණා කියලත් ඔළුව උදුම්මවා ගත්තෙ නැහැ. හැමෝම එක්ක එකමුතුයි.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිය?
සමහර වෙලාවට මම හිතන්නේ මාව කවුරුවත්  දන්නෙත් නැහැ කියලා. ඒත් කට්ටිය රාජුගේ බිරිය විදියට මාව හඳුනා ගන්නවා. ඒ ගැන මට පොඩි නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

ජනප්‍රිය වුණාට පස්සෙ ආදරයේ වෙනසක් වුණාද?
කොහෙත්ම නැහැ.

සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ පුද්ගලයෙක්ද?
සාමාන්‍ය කෙනෙක්. කොහේ ගියත් සාමාන්‍ය විදියට තමයි හැසිරෙන්නෙ. ගායකයෙක් කියලා ඔළුව උදුම්මවාගෙන නැහැ.

කාර්යබහුලත්වය ඇතුළේ ඔහුට පවුල මඟහැරෙන්නෙම නැද්ද?
නැහැ. කවදාවත් නැහැ. එයා අසනීපවෙලා රෝහලේ හිටියත් ඔහු හිතන්නෙ අපි ගැන. ගෙදර වැඩකටයුතු වුණත් හැමදේම වගේ එයා අතින් තමයි සිදුකරන්නෙ.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද බැරෑරුම්ව හිතන කෙනෙක්ද?
සමහර අවස්ථාවලදී බැරෑරුම් විදියට හිතනවා. නැත්නම් දුකක් කරදරයක් වුණත් හරිම සැහැල්ලුවෙන් විඳදරා ගන්න කෙනෙක් එයා. දරුවන්ගෙ සහ පවුලේ දේවල් නම් බැරෑරුම්ව හිතලා කරනවා.

වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්. දෙයක් භාරදුන්නොත් හරිම වුවමනාවෙන් මහන්සි නොබලා ඒ දේ කරනවා.

මිතුරු ආශ්‍රය කොයි  වගේද?
යාළුවො එක්ක ඉන්න ගොඩක් කැමැතියි. මමයි, දුවලා දෙන්නයි, පුතයි එක්ක ඇරුණම එයා යාළුවො එක්ක ඉන්න තමයි වැඩිපුර කැමැති. එයාලා වෙනුවෙනුත් ගොඩක් දේවල් කරනවා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල්?
එයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න තමයි ඉගෙනගෙන තියෙන්නෙ. නමුත් එයාගෙ පවුලම සංගීතයට බර නිසා ඔහුත් ඒ පැත්තට නැඹුරු වුණා. ඉතින් එයාට කිසිදෙයක් මඟහැරුණා කියන්න බැහැ. සංගීත ජීවිතයෙන් ඔහු තෘප්තිමත් වෙනවා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඇත්තටම සතුටු වෙනවා.

ඔහුට ලොකු දුකක් දැනුණම කොහොමද හැසිරෙන්නේ?
දුකක් ආවත් ලොකු සතුටක් ආවත් එයාට ඇඬෙනවා.

තරහ ගියාම  ඔහු?
ටිකක් සද්දෙට කතා කරනවා. හැබැයි ඒක එතැනින් ඉවරයි.  ඊට පස්සෙ හොඳට කතා කරනවා.

වැඩිපුරම යන්න කැමැති තැන්?
විශේෂ තැනක් නැහැ. නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් තැනකට යන්න කැමැතියි.

ඔහු වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
ගොඩක්ම දරුවන්ට ආදරෙයි. පවුලේ අයට, යාළුවන්ට, මට හැමෝටම ආදරෙයි.

ඔහුට නැතිවම බැරි අය?
කලින් කිව්ව කට්ටියම තමයි. එයාට ඉතින් කට්ටිය ඕනෙ. තනියම ඉන්න කැමැති නැහැ.

මොන වගේ විලාසිතාවලටද කැමැති?
ලස්සනට අඳින්න ගොඩක් කැමැතියි. හැමදේම ගළපලා අඳින්න කැමැතියි.

ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?
එක පාරක් එයා ගොඩක් අසනීප වුණා. ඒක තමයි දුකම හිතෙන ආරංචිය. ඒ ඇරෙන්න නම් නරක ආරංචියක් එහෙම ඇවිත් නැහැ.

ඔහු ගැන වැරැදි ආරංචියක් ආවොත් මොකද කරන්නෙ?
එහෙම එන්නේ නැහැ. මම එයාව හොඳට තේරුම් අරන් ඉන්නෙ.

ඔහු වැඩිපුරම සතුටු වුණ දවස?
මම හිතන්නෙ අපේ ලොකු දුව හම්බවුණ දවසේ. ඒ වගේම අනිත් දරුවන් දෙන්නා හම්බවුණ දවස් දෙකෙත් එයා ගොඩක් සතුටු වුණා.

ඔහු ජීවිතයේ ජය ගත්ත දේවල්?
එයා මුලින්ම දුවකුට ආසා වුණා. ඉතින් එයාට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සෙ පුතකුට ආස වුණා. දැන් එයාට පුතකුත් ඉන්නවා. ඒ වගේම සංගීත ජීවිතෙත් එයා බලාපොරොත්තු වුණ තැන ඉන්නවා. ඒ දේවල් තමයි එයා ජයගත්තේ.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල් මොනවද?
පවුලටයි, වෘත්තියටයි තමයි ලොකු තැනක් දෙන්නෙ. වැඩක් භාර දුන්නොත් ඒක හරියටම කරනවා.

ඔහුගේ විනෝදාංශ මොනවාද?
බැට්මින්ටන් ගහන්න ආසයි. ටී.වී. බලනවා. ඒ වගේම ක්‍රිකට්වලට ආසයි. ගොඩක් යාළුවො එක්ක ඉන්නත් ආසයි.

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
දරුවො තුන්දෙනා තමයි.

ඔහුගේ විශේෂ පුරුදු?
යාළුවො එක්ක ටිකක් ඩ්‍රින්ක්ස් ගන්නවා. ඒ වගේම අපි එක්ක ඇරුණම යාළුවෝ එක්ක කතා කර කර ඉන්න ආසයි.

විශේෂ යාළුවො ඉන්නවද?
ගොඩක් විශ්වාසවන්ත අය ඉන්නවා. ක්ෂේත්‍රයේ අයත් ඒ අතර ඉන්නවා.

ඔහුගේ ගීත අතරින් ඔබ කැමැතිම ගීතය?
“මං ආදරෙයි” ගීතයට සහ “රෝස මල් කුමාරි” වගේ ගීත කිහිපයකට මම කැමැතියි.

නරක පුරුදු?
ලොකුවට නැතත් ඩ්‍රින්ක්ස් ගන්න එක තමයි නරක පුරුද්දකට තියෙන්නේ.

එයාගෙ ජීවිතේ හැම රහසක්ම ඔබට කියනවද?
ඔව්. කියනවා.

ඔහු ගැන අපි නොදන්න රහස්?
රාජු හරි විවෘතව කතා කරන කෙනෙක්. ඇත්ත ජීවිතය ගැන මාධ්‍යවලට වුණත් කියනවා. බොරුවට දේවල් මවාපාන කෙනෙක් නෙවෙයි.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,950 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,068 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,470 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,630 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,429 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,668 Downloads



Top 10 Commenters

Latest Comments

Top