පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීම සිදුවූ අවස්ථාවේදී ඊට හසුව පිළිස්සුම් තුවාල ලැබූ නීතීඥවරයෙකු රජයෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණා.
එම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සහ නීතිපතිවරයා ඇතුලූ 44 දෙනෙකු නම්කර තිබෙනවා.
එම ප්‍රහාරය පිලිබඳ පූර්ව දැනුම්දීමක් කර තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට මෙම පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.
මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන්ගේ සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ඉදිරියේ අද යළි කැඳවීමට නියමිතයි.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් වූ රැඳවුම් නියෝගය අවසන් කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාවරය අද අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි වාර්තාවන්නේ.