පාසලේ කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් 18,000 කුත් සොරකම් කරලා..
ගාල්ල - ගිංතොට මහා විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතිය සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දින කිහිපයකට පෙර, පාසලේ කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් 18,000 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
සොරකමට හසුවේයැයි බියට ආරක්ෂිත කැමරාව ගළවා, ගිංතොට පාලමෙන් ගඟට දැමූ බව එහිදී ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් පොලීසියට සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ එහි දත්ත ගබඩාවේ සැකකරුගේ ක්‍රියාව සටහන්වී තිබීම හේතුවෙන්.
මොහු ගිංතොට විදානගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, පාසලේ මුරකරුගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටින බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ගාල්ල පොලීසිය සඳහන් කළේ.