Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jul
10
"අපි කාමරේ ඉද්දි දොර ඇරපන් කියලා නැන්දම්මා කෑ ගැහැව්වා..." - මධූෂා අනියම් පෙම්වතා සමඟ මහා රෑ තනිවී සිටියදී දොර ළඟට ආ නැන්දම්මා ගෙදර බාල්කයේ එල්ලුණු අභිරහස

- "අපි කාමරේ ඉද්දි දොර ඇරපන් කියලා නැන්දම්මා කෑ ගැහැව්වා..." - මධූෂා අනියම් පෙම්වතා සමඟ මහා රෑ තනිවී සිටියදී දොර ළඟට ආ නැන්දම්මා ගෙදර බාල්කයේ එල්ලුණු අභිරහසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"නැන්දම්මා මැරුවේ මම නෙමේ සර්, මධූෂා තමයි එයාව මැරුවේ.."
 
"එහෙනම් කරන්න දෙයක් නෑ... අපි දෙන්නම මැරෙමු.."
 
ඒ ඉකුත් 21 වැනිදායි. වේලාව උදෑසන හයට පමණ වන්නට ඇත. ගම්පොළ කුරුඳුවත්ත පොලීසියේ නිලධාරින් සිය රාජකාරි අරඹා ගත වූයේ මොහොතක් පමණයි. පොලීසියේ දුරකථනයට ඇමතුමක් ලැබුණා. ඒ කාන්තාවකගෙන්...
 
"සර් මේ කතා කරන්නේ පැල්ලපිටිය ඇටඹගස්හින්ගොඩින්.."
 
"ඔව් ඇයි මොකද්ද ප්‍රශ්නය.."
 
"අනේ සර් මගේ නැන්දම්මා කුස්සියේ වහලේ එල්ලිලා මැරිලා.."

දුරකථනයේ කෙළවර සිටි කතා කළ කාන්තාව පැවසූ දෙයින් පොලිස් නිලධාරියා තිගැස්සුණා.
 
"මොනවා මොකද්ද කිව්වේ...?"
 
"මගේ නැන්දම්මා ගෙදර වහළේ එල්ලිලා සර්... අනේ ඉක්මනට එන්න..."
 
"නැන්දම්මා මැරිලාද?"
 
"වෙන්න ඇති සර්.."
 
කාන්තාව කී දේ පොලිස් පොතේ සටහන් කරගත් උපසේවා නිලධාරියා වහා මේ ගැන පොලිස් ස්ථානාධිපති දැනුවත් කළා.
 
ගම්පොළ සිට කුරුඳුවත්ත පොලීසියට ඇත්තේ කිලෝමීටර් 8ක පමණ දුරක්. එතැන් සිට ඇටඹගස්හින්නට තවත් කිලෝමීටර් හයක් පමණ යා යුතුයි. කණ්ඩායමක් ජිප් රියට නංවාගත් ස්ථානාධිපතිවරයා ඇටඹගස්හින්න ගම්මානය බලා පිටත් වුණා.
 
ඒ වන විටත් සිද්ධිය වී ඇති බව කියන නිවසට ගමේ අවට පදිංචි බොහෝ පිරිසක් එක්ව සිටියා.
 
"අනේ සර්... මේ බලන්නකෝ... මගේ නැන්දම්මා කරගෙන තියෙන දේ.. ඊයේ රෑත් හොඳට හිටියා.. එයා අපිට හරි ආදරෙන් හිටියේ... මෙහෙම දෙයක් කරගනිවී කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.."
 
තරුණ කාන්තාවක් පොලිස් නිලධෘරින් දැක මහ හඬින් විලාප දුන්නා. සිද්ධිය දැකබලා ගන්නට පැමිණි පදිංචිකරුවන් කාත්තාව දෙස බලා සිටියේ ශෝකයෙන්.
 
මුළුතැන්ගේ බාල්කයේ වයෝවෘද්ධ කාන්තාවගේ සිරුර සාරි පොටකින් එල්ලෙමින් තිබූ අතර එම කාන්තාව ඒ වන විටත් මිය ගොස් සිටින බව පොලිස් නිලධාරින් නීරික්ෂණය කළා.
 
මේ සිද්ධිය ස්ථානාධිපතිවරයා විසින් පළාතේ හදිසි මරණ පරීක්ෂකවරයා වෙත දැනුම් දුන් අතර ඔහුද පැමිණ විමර්ශන අරඹා වයෝවෘද්ධ කාන්තාව 'ගෙලවැළලාගෙන' මිය ගොස් ඇති බව පැවසීමෙන් ඊට ආසන්න හේතු දැනගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා නිවෙස් හිමි කාන්තාවගෙන් තව දුරටත් ප්‍රශ්න කළා.
 
"අපිට නම් සැකයක් නෑ සර්. නැන්දම්මා අපිත් එක්ක හොඳින් හිටියා. ඊයේ රෑත් මාත් එක්ක කතා කර කර ඉඳලයි නිදාගන්න ගියේ. හැබැයි එයා කිව්වා අද තමයි මම ජිවත් වෙන අන්තිම දවස කියලත්. මම ඇහුවා ඇයි අම්මේ එහෙම කියන්නේ කියලා. පස්සේ උදේ නැගිටලා බලද්දි තමයි නැන්දම්මා මෙහෙම දෙයක් කරගෙන කියලා දැක්කේ.." කාන්තාව පොලිස් නිලධාරින් හමුවේ සඳහන් කළා.
 
"තමන්ට මේ මරණය ගැන කිසිම සැකයක් නැද්ද?"
 
"අනේ සර් අපිට නම් සැකයක් නැහැ.." ඇය එකහෙලාම සඳහන් කළේ එයයි.
 
ඇය මෙන් ඇගේ සැමියා ද පොලීසියට කීවේ මවගේ මරණය සැකයක් නැති බවයි. මෙසේ ගෙල වැළලාගෙන මියගොස් තිබුණේ ගම්පොළ කුරුඳුවත්ත රජඇල ඇටඹගස්හින්න ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි වත්තේවඩුහැඳිගේ ඇඩ්ලින් ප්‍රනාන්දු නම් වයෝවෘද්ධ කාන්තාවක්.
 
ඇය සමඟ එම නිවසේ පදිංචිව සිටින්නේ ඇගේ පුතා, ලේලිය හා ඔවුන්ගේ දරු තිදෙනා පමණයි. මධුෂා දිල්හානි ලේලියයි. ඇගේ සැමියා එනම් ඇඩ්ලින්ගේ පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අතර ඔහු ඇටඹගස්හින්න නිවෙසට පැමිණෙන්නේ සති තුන හතරකට සැරයක්. වයස අවුරුදු අට, හතර හා දෙකහමාර පමණ දරුවන් තිදෙනෙකු සමඟ නිවසේ කල්ගත කරන මධුෂා සිය 8 හැවිරිදි දියණිය 'උල්පනේ' ප්‍රදේශයේ පාසලකට ගෙන යන්නේ ඇය දන්නා කියන ත්‍රීරෝද රථයකිනුයි.
 
කෙසේ වෙතත් සිය මවගේ හා නැන්දණියගේ මරණය සැකයක් නැති බව පුතා හා ලේලිය ප්‍රකාශ කළඳ කුරුඳුවත්ත ප්‍රදේශයේ රාජකාරි කරන හදිසි මරණ පරික්ෂකවරයාගේ අදහස වූයේ මියගිය කාන්තාවගේ සිරුර නාවලපිටිය මූලික රෝහලට යවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු බවයි.
 
බාල්කයේ එල්ලෙමින් තිබූ සිරුර මහේස්ත්‍රාත් නියෝගයෙන් බිමට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා එය නාවලපිටිය මූලික රෝහලේ මෘත ශරීරගාරය වෙත යවනු ලැබුවා.
 
ගෙල වැළලාගෙන මියගිය බවට සැකකළ ඇඩ්ලින් ප්‍රනාන්දු මහත්මියගේ සිරුරේ බැලු බැල්මට කිසිම තුවාලයක් දකින්නට නොලැබුණු අතර කිසිදු තැලීමක් හෝ පහරදීමක සලකුණක් හෝ තිබුණේ නැහැ.
 
පොලිසිය මධූෂා කී කතාවේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා ඇගේ නිවස අවට පදිංචි කිහිපදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළද ඔවුන් පොලීසියට පැවසුවේ නැන්දම්මා හා ලේලිය අතර කිසිදු ආරවුලක් මෙතෙක් අසන්නට නොලැබුණු බවයි.
 
මේ දෙපල සතුටින් කල්ගත කළ බව ඔවුන් පොලිස් නිලධාරින් හමුවේ පැවසීම නිසා පොලිස් නිලධාරින්ට ද එම මරණය ගැන සැකයක් ඇති වූයේ නැහැ.
 
පසුව නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ෆයිසාල් මහතා ඇඩ්ලින් ප්‍රනාන්දු මහත්මියගේ සිරුර පරීක්ෂා කරද්දි ඇගේ දෙපාවල වළලුකර ප්‍රදේශයේ කිසියම් තුවාලයක් තිබෙන අයුරු ඔහුට නිරික්ෂණය වුණා. බාහිරව එම තුවාලය නොපෙණුනත් මළසිරුර කැපීමේදී වෛද්‍යවරයාට එම තුවාලයේ සළකුණු පෙනෙන්නට තිබීම නිසා අධිකරණ වෛද්‍යවරයාට දන්වා ඒ ගැන ගම්පොළ මහේස්ත්‍රාත්වරයා ද දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා.
 
පසුව රෝහල් මෘත ශරීරාගාරයට පැමිණි ගම්පොළ මහේස්ත්‍රාත්වරයා ප්‍රනාන්දු මහත්මියගේ සිරුර නිරික්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.
 
නාවලිපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ. එම්. මහසේන් මහතා මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කළ අතර ඔහුද සිය පරීක්ෂණය අවසන් කළේ කිසිම තීන්දුවක් ලබා නොදෙමින්. උදෑසන සිට සවස පහ හය වනතුරු මළසරුර පරීක්ෂා කළ හෙතෙම වැඩිදුර පරීක්ෂණය සඳහා සිරුර නාවලපිටිය රෝහලේම තබාගැනීමට පියවර ගෙන තිබුණා. ඊට තවත් හේතුවක් තිබුණා. ඒ මියගිය ප්‍රනාන්දු මහත්මියගේ උගුරේ දත් දෙකක් හිරවී තිබීම ඔහුට දැඩි සැකයක් ගෙන දුන් නිසයි.
 
"ඔය අතරේ රෑ 9.30ට විතර ඩොක්ටර් මට කතා කළා. කතා කරලා කිව්වා මේක එල්ලිලා මැරුණාට වඩා එහාට ගිය ලක්ෂණ තියෙනවා. ඕ.අයි.සී. මහත්තයා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න කියලා.."
 
විශේෂඥ අධීකරණ වෛද්‍යවරයා ගම්පොළ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට එසේ පැවසීමත් සමඟ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඇරඹුවේ ප්‍රදේශය බාර පොලිස් අධිකාරිවරුන් දෙපළද දැනුවත් කරමිනුයි.
 
ඉන් අනතුරුව මේ සිද්ධිය පිළිබඳ රහසිගත ලෙස විමර්ශනයක් දියත් කරන අතර එහිදි නිලධාරින්ගේ උකුසු ඇස එල්ල වූයේ ගෙල වැළලාගෙන මිය ගියා යැයි කියන ඇඩිලින් ප්‍රනාන්දු මහත්මියගේ ලේලිය වන 'මධූෂා' වෙතයි.
 
"අපිට ඒ වනතුරුත් මේ ගැන කිසිම හෝඩුවාවක් තිබුණේ නෑ. අහළ පහළ අයත් කිව්වේ නැන්දම්මයි ලේලියි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා. ඒත් අපි තවදුරටත් මේ ගැන කරුණු හොයලා බැලුවා. එහෙම බලද්දි ප්‍රශ්නයක් නොතිබුණා නම් මේ ගෑනු කෙනාට එල්ලිලා මැරෙන්න තරම් ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නැහැනේ.."
 
"ඔහොම මේ ගැන හොයාගෙන යද්දි අපිට දැනගන්න ලැබුණා ලේලි තව ත්‍රීවිල් රියදුරෙක් සමඟ සමීප සම්බන්ධයක් තියනවා කියලා.."
 
පොලිසිය සොයාගත් එම හෝඩුවාව අනුව ඇය සමඟ සමීප ඇසුරක් ඇති කරගත් රියදුරාද තිදරු පියෙක්. ඔහු අතමිට සරු අයෙක්. වෑන් රියක් හා ත්‍රීරෝද රියක්ද සතු ඔහුට තේ ඉඩම්ද තිබුණා. ඔහු මධුෂා සමඟ මිත්‍රවන්නේ දරුවන් පාසලට රැගෙන යන අතරතුරයි. මධුෂා සිය වැඩිමහල් දියණිය වලපනේ ප්‍රදේශයේ පාසලට රැගෙන යන්නේ ඔහුගේ ත්‍රීරෝද රථයෙනුයි.
 
එලෙස දෙදෙනා අතර ඇතිවූ සමීප සබඳකම නිසා ඔහු ඇගේ නිවසට යන්නට එන්නටද පටන් ගත් අතර නැන්දම්මා සමඟද ඔහු කතාබස් කර දැනහඳුනගෙන තිබුණා.
 
මධූෂා හා ත්‍රීරෝද රියදුරා අතර ප්‍රේමය දළුලා වැඩෙන්නේ මධූෂාගේ සැමියා ඇතැම් මාසවල සති තුන හතරකට වරක්වත් නිවෙසට නොපැමිණිම හේතුවෙනුයි.
 
ඒ අතරතුර මධුෂා ත්‍රීරෝද රථ රියදුරා සමඟ පවත්වන සමීප සබඳතාවය දිගටම සිදු කරගෙන යන බවට පොලීසියට හෝඩුවාවක් ලබා දෙන්නේද ප්‍රදේශයේම ත්‍රීරෝද රථ රියදුරෙකු විසිනුයි.
 
මේ අතරතුර වැඩිදුර පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ ඇඩ්ලින් ප්‍රනාන්දු මහත්මියගේ සිරුර සිය පුත්‍රයාට භාරදී කිබූ අතර ප්‍රනාන්දු මහත්මියගේ අවසන් කටයුතු ද ඇගේ පුතා ලේලිය හා ඥාතින් විසින් ඒ වනවිටත් සුදානම් කර තිබුණා.
 
"ඔය අතරේ අපි ඔය ලේලි සම්බන්ධය පවත්වපු ත්‍රීරෝද රියදුරා අතරමඟදී අතඅඩංගුවට ගත්තා. අපි මිනිහගෙන් ප්‍රශ්න කළා. මිනිහා මුලින් කිසිම දෙයක් දන්නේ නැහැ කිව්වා. අපි මිනිහට ප්‍රශ්නය ගැන තේරුම් කරලා දුන්නා. අමාරුවේ වැටෙන්නේ නැතිව ඇත්ත කියන්න කිව්වම මිනිහා ඇත්ත කියන්න පොරොන්දු වුණා.."
 
"නැන්දම්මා මැරුවේ මම නෙමේ සර්, මධූෂා තමයි එයාව මැරුවේ කියලා මිනිහා අපිට කිව්වා.."
 
ඒ අනුව මීට මාස තුන හතරකට පෙර සිට මධූෂා සමඟ පැවැත්වූ සමීප සම්බන්ධකම ගැන පොලීසියට තොරතුරු හෙළි කළ ඔහු තමා සහ මධූෂා ඇගේ නිවසේ කාමරයේ එකට සිටියදී එතනට පැමිණි නැන්දම්මා තමන් දෙදෙනා දකිතැයි ඇති වූ බිය නිසා මධූෂා නැන්දණියගේ නාසය සිරකර නැන්දණිය මරා දැමූ බව තමාට කී බව ඔහු පොලීසිය හමුවේ සඳහන් කළා.
 
ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා කෙළින්ම ගියේ ඇටඹගස්හින්න ලේලියගේ නිවසටයි.
 
ඒ වනවිට ඇඩ්ලින් ප්‍රනාන්දු මහත්මියගේ අවසන් කටයුතු සිදුකිරීමට ආසන්නව තිබුණා. පොලිස් නිලධාරින් අවමංගල්‍යය කටයුතු සිදුවන නිවෙසේ සිටි පිරිසට හා මියගිය ප්‍රනාන්දු මහත්මියගේ දරුවන්ට කරුණු කාරණා පහදා දී සැකකාර ලේලිය වන මධූෂා අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ආවේ ඇය හඬා වැළපෙද්දීයි.
 
පොලිස් නිලධාරින් මධූෂාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ඉන්පසුවයි.
 
"ඇත්ත කියනවා, මොකද්ද සිද්ධ වුණේ..?"
 
"අනේ මුකුත් නෑ සර්.. නැන්දම්මා අපිට හරි ආදරෙයි.. මට එයත් එක්ක මුකුත් ප්‍රශ්න තිබුණේ නැහැ. අපිටත් පුදුමේ එයා එල්ලිලා මැරුණේ ඇයි කියලයි.."
 
ඇය බොරු කියමින් තම නිර්දෝෂි බව ඔප්පු කරන්න උත්සහයක යෙදෙන බව ස්ථානාධිපතිවරයාට වැටහුණා. ඈ සමීප සබඳතාවයක් පවත්වාගෙන යන රියදුරා ඇය කළ අපරාධය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බව ඇය ඒ වනවිටත් නොදැන්නා නිසා ඇය නොයෙකුත් බේගල් පොලීසියට පැවසුවා.
 
"තමුන් අපිට තවත් බොරු කියන්න එපා හරිද? හොඳට බලනවා මෙයා හඳුනනවද කියලා.."
 
පොලිස් ස්ථානාධිපතිවරයා මධූෂා ඉදිරියේ ඇගේ පෙම්වතා කැඳවාගෙන එද්දි ඔහු දුටු ඇයට කරකියා ගත දෙයක් නැතිවුණා.
 
ඉකිබිඳිම නතර කළ මධූෂා අවසානයේ නැන්දම්මා මියගිය ආකාරය ගැන පොලිසියට ඇත්ත හෙළි කළා.
 
"අපි ඔය ගෑනු කෙනා එල්ලිලා හිටිය මුළුතැන්ගෙයි වහළය නිරීක්ෂණය කළා. වහලේ ටකරන් ටික හුළඟට ගහගෙන ගිහින් තිබුණා. මොකද එදා රෑ හොඳටම වැස්ස, ඒ වගේම හුළඟ. ඒත් ටකරන් හුළඟේ ගහගෙන ගියත් මේ ශබ්දය ලේලිට ඇහිලා නෑ. අන්න ඒ සැකයත් අපිට තිබුණා. ඒ ගැන ලේලිගෙන් ඇහුවම කිව්වා එහෙම සද්දයක් එයාට ඇහුණේ නැහැ කියලා.."
 
ඉන්පසුව මධූෂා පොලීසිය හමුවේ මෙසේ සඳහන් කළා.
 
"එදා මම මෙයාට ෆෝන් කරලා කිව්වා අපේ ගෙදර එන්න කියලා. එයා ආවා. අපි කාමරේ හිටියා. ටික වේලාවකින් නැන්දම්මා කාමරේ ළඟට ඇවිත් කවුද කාමරේ ඉන්නේ? කියලා ඇහැව්වා. නැන්දම්මා ඉන්නේ වෙන කාමරයක. කවුද කාමරේ ඉන්නේ දොර ඇරපන්, කියලා නැන්දම්මා කෑගැහැව්වා.."
 
අනියම් සැමියා සමඟ තමා කාමරයේ සිටින අයුරු නැන්දම්මා දුටුවොත් විසුමක් නොවන බව මධූෂා දැන සිටියා. නැන්දම්මා ඒ බව අනිවාර්යෙන්ම තම සැමියාට දන්වන බවද ඇයට ස්ථිරයි. එසේ නම් කළ යුත්තේ කුමක් දැයි ඇය ක්ෂණිකව කල්පනා කළා.
 
ඇය සිය පෙම්වතා අමතා කී දෙයින් ඔහුට තරු පෙනෙන්නට ඇති.
 
"අපි නැන්දම්මාව මරමු.." ඇය කීවේ එවැනි කතාවක්.
 
"අනේ මට නම් බැහැ.."
 
"එහෙනම් කරන්න දෙයක් නෑ... අපි දෙන්නම මැරෙමු.." ඇය දැඩි ලෙස කිව්වා. පෙම්වතා ඊට ද එකඟ වූයේ නැහැ.
 
"මට බැහැ.. මම යනවා මෙතනින්."
 
පෙම්වතා මධුෂාට කීවා. ඒ මොහොතේම ඔහු කාමරයේ ඇඳ මතින් නැගිට පිටත යන්නට දොර අසළට ගියා. ඒ සමඟ කාමරේ දොර විවර කළ ඔහු එතැනින් පලා යනවාත් සමඟ කාමරය ඉදිරියේ සිටි නැන්දම්මා වෙත කඩා පැන්න මධූෂා එතැන තිබූ ටීෂර්ටයක් අතට ගෙන ඉන් ඇගේ නහයත් කටත් තද කළා. ඒ නැන්දම්මාගේ කෑ ගැසීම වළක්වාගන්නටයි.
 
මුහුණ පුරා වැසුණු ටීෂර්ටය නිසා හුස්ම ගැනීමට නොහැකි වූ නැන්දම්මා එතැනම බිම ඇද වැටුණා. ඇය මිය ගිය බව මධූෂා දැන සිටියේ නැහැ.
 
බිම වැටී සිටි නැන්දම්මා දෙස මධූෂා ඕනෑකමින් බැලුවා. ඇගේ දෙනෙත් උඩ ගොසිනුයි. කට පැත්තකට ඇල වී තිබෙනවා. හුස්ම ගන්නා පාටක් පෙනෙන්නට නැහැ. නැන්දම්මා මිය ගොස් ඇතැයි ඇය සිතුවා.
 
කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළ ඇයට මීට මොහොතකට පෙර කාමරයෙන් පලා ගිය පෙම්වතා මතකයට ආවා. ඇය ඔහුට ඉක්මනින්ම ඇමතුමක් දුන්නා.
 
"මේ මම නැන්දම්මා මැරුවා. ඔයා දැන් මෙහෙ එන්න ඕන.."
 
"අනේ මට බැහැ.. මට ඕවට ගෑවෙන්න බැහැ.." පෙම්වතා පැවසුවා.
 
"හැබැයි ඔයා ආවේ නැත්තම් මමත් මෙතනම මැරෙනවා සත්තයි.."
 
ඇගේ කතාව අසා බියට පත් වූ ඔහු සිය ත්‍රීරෝද රථයෙන්ම ඇය සොයා නිවසට පැමිණියා. ඒ වනවිටත් මියගිය නැන්දම්මාගේ මුවින් හා කනෙන් ගලා ගිය රුධිර බිංදු මධුෂා විසින් තෙත රෙද්දකින් පිස දමා තිබුණා.
 
"කෝ නැන්දම්මා..?" ඔහු විමසුවේ මධූෂාගෙනුයි.
 
"අර ඉන්නේ..."
 
"දෙවියනේ දැන් මොකද කරන්නේ.."
 
"කරන්න තියෙන්නේ එක දෙයයි.. අපි මෙයාව සරියකින් බාල්කයේ ගැට ගහමු.. එයා එල්ලිලා මැරිලා කියමු.."
 
මධූෂා විසින් ගෙනෙන ලද සාරියේ එක් කොනක් නැන්දම්මාගේ දෙපා මත එතෙන්නේ ඉන් අනතුරුවයි.
 
අනෙක් කෙළවර නැන්දම්මාගේ ගෙල ප්‍රදේශයේ ගැට ගැසූ දෙදෙනා ඇගේ සිරුර ඔසවා පෝර මිටි අසුරා ඇති ස්ථානයේ තබා සාරි පොට බාල්කයට දමා ඇද ඇති අතර ක්‍රම ක්‍රමයෙන් ඇගේ සිරුර උස්සා බාල්කයේ ගැට ගැසීමට ඔවුන්ට හැකි වී තිබුණා.
 
"හරි දැන්... ඔහොම තියමු... හෙට උදේ මම පොලීසියට කෝල් කරලා නැන්දම්මා එල්ලිලා මැරිලා කියලා කෑ ගහලා කියන්නම්.. ඔයා බයවෙන්න එපා.." මධූෂා පෙම්වතාට එසේ කීවේ ඔහුගේ බිය සැක නැතිකිරීමටයි.
 
අනතුරුව නැන්දම්මාගේ සිරුර එල්ලුණු කාමරය අසළ පිහිටි කාමරයට යන ඇය ඔහු සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නේ මීට මොහොතකට පෙර තමන් සිදු කළ සාහසික අපරාධය සතේකටවත් මායිම් නොකරමින්.
 
බොහෝ වේලා ප්‍රේමනිය ඇසුරක නිරතවීමෙන් පසු මධූෂා අලුයම් කාලයේදී පෙම්වතාට නිවසින් පිටව යන්න ඉඩ දුන්නා. හතරවටින් එළිය වැටෙද්දි නැන්දණිය බාල්කයේ එල්ලි මියගොස් ඇති බව මධූෂා දුරකථනයෙන් පොලීසියට දැනුම් දුන්නා.
 
සැකකාර මධූෂා ත්‍රීරෝද රියදුරු වන ඇගේ පෙම්වතා සමඟ පෙමින් වෙළි ඇත්තේ මීට මාස තුනකට කලින් බව පොලිස් විමර්ශනයේදී හෙළිවී තිබෙනවා. සැමියා නිවසින් පිටව කොළඹ රැකියාවට ගිය සෑම අවස්ථාවකදීම ඇය අනියම් සැමියා නිවසට ගෙන්වා ගෙන ඇති බව පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වුණා.
 
නැන්දණියගේ ඝාතනයෙන් පසු ඇය නැන්දණිය ගෙලවැළලාගත් බව ඇගේ සැමියාට දුරකථනයෙන් පවසා ඇති අතර කොළඹ සිට පැමිණි සැමියා බිරියගේ කතාව විශ්වාස කොට මියගිය මවගේ අවසන් කටයුතු කළ බව විමර්ශනයේදී හෙළිදරව් වුණා.
 
ගෙල වැළලාගෙන දිවි නනසාගත් බව කී හැත්තෑ දෙහැවිරිදි ඇඩ්ලින් ප්‍රනාන්දු මහත්මියගේ මරණය ඇගේ ලේලිය සහ ලේලියගේ පෙම්වතා එක්ව සිදු කළ මිනීමැරුමක් බවට හෙළි කරගැනීමට ගම්පොළ කුරුඳුවත්ත පොලීසියට ගතවූයේ දවස් හතරක් වැනි කෙටි කාලයක් ඇතුළතදීයි.
 
මේ සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළා.
 
මෙසේ රක්ෂික බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගම්පොළ කුරුඳුවත්ත පැල්ලපිටිය රජඇළ ඇටඹගස්හින්න ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තිදරු මවක් වන මධූෂා දිල්හානි හා චමින්ද සරත් කුමාර යන දෙදෙනායි.
 
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top