පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පෙනී සිටීමට නියමිතයි.
මීට පෙර පසුගිය 28 වනදා කළ කැදවීමට මන්ත්‍රීවරයා තේරීම්කාරක සභාව හමුවට පැමිණියේ නැහැ.
ඒ අනුව කාරක සභාව හමුවේ පෙනී නොසිටින ඕනෑම මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන්ම එළඹෙන බව කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කර තිබුණා.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටි අතර, ඉන් අනතුරුව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීමට තීරණය කළ බවයි.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව අදහස් පළ කර තිබුණා.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සහ කුමන කාරණාවක් මත එය සිදුවූවේ ද යන්න පිළිබද තොරතුරු තමන් සතුව පවතින බවයි.
ඒ අනුවයි මොහු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට කැදවීමට තීරණය කෙරුණේ.
එමෙන්ම නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ද අද තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.