ෆේස්බුක් පිළිබඳව ව්‍යාජ පුවත් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුළ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මෙරට ෆේක්බුක් පරිශීලකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ෆේක්බුක් සම්බන්ධයෙන් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරු හඳුනා ගැනීම සඳහා එම සමාගම විසින් පරිගණක වැඩසටහන් කිහිපයක් භාවිත කරන බවට බ්ලූම්බර්ග් ඩොට් කොම් නැමති වෙබ් අඩවිය හෙළිදරව් කර ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති යසිරු කුරුවිටගේ සඳහන් කළේ.
ෆේක්බුක් සමාජ මාධ්‍යය සම්බන්ධයෙන් යම් යම් අසත්‍ය කරුණු කිහිපයක් මේ වන විට ශ්‍රී ලංකාව පුරා කතාබහට ලක් වන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.